ශී‍්‍ර ලංකාවේ හොඳම බැංකුව ලෙස 19 වන වතාවටත් ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් කොමර්ෂල් බැංකුව පිදුම් ලබයි

Global Finance Award 2019 - post event

ඇමරිකා එක්සත් ජනපදයෙහි ප‍්‍රකාශයට පත් කරන ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 26 වන වරටත් පැවැත්වූ වාර්ෂික හොඳම බැංකු සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැුස්වීමට සමගාමීව පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පසුගියදා ප‍්‍රදානය කෙරුණි. මෙම සම්මානය බැංකුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා විසින් පිළිගන්නා ලදී.

දුෂ්කර වෙළඳපොළ තත්ත්වයන් තුළදී වුවත් තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉතා පරිස්සමින් ඉටුකිරීමට කැපවෙන අතරම ඉදිරි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පදනම සකස් කර ගනිමින් ඉහළ ප‍්‍රතිඵල පෙන්වූ බැංකු මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ඇගයීමට ලක් කරයි. අප‍්‍රිකාව, ආසියා-පැසිෆික් කළාපය, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය ඇතුළු රටවල් නියෝජනය කරමින් මෙහි ජයග‍්‍රාහකයින් තේරී පත්වූ අතර කොමර්ෂල් බැංකුව මෙම සම්මානය ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් දිනාගත්තේ 19 වන වරට වීම මෙහිදී කැපී පෙනේ.

සේයාරුවෙන් දැක්වෙන්නේ වොෂින්ටනයේදී කොමර්ෂල් බැංකුවට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ සභාපති සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසප් ජියර්රාපුටෝ මහතා (මැද* විසින් පිරිනැමූ සම්මානය සමග කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා (දකුණේ* සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා (වමේ* සිටින ආකාරයයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව