
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට ප්‍රධානතම ජාතික දැල්පන්දු තරගාවලි දෙකකට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ඒ අනුව, ඉදිරියේදී ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2026 ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය සහ ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත. මෙය ජාතික අභිමානය, සමාජයීය ප්‍රගතිය, සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා SLT-MOBITEL දක්වන අවධානය මැනැවින් පිළිබිඹු කරන පියවරකි.
මෙරට දැල්පන්දු ක්‍රීඩාවේ ඉහළම තරගාවලිය ලෙස සැලකෙන මෙම වාර්ෂික ශූරතා තරගාවලිය සඳහා දිස්ත්‍රික් දැල්පන්දු සංගම් 25ම නියෝජනය කරමින් ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩිකාවෝ එක්වෙති. රටේ විශිෂ්ටතම දැල්පන්දු ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදෙන මෙම කීර්තිමත් තරගාවලිය බලගැන්වීමට දායක වීමට හැකිවීම පිළිබඳව SLT-MOBITEL බෙහෙවින් සතුටු වන අතර, මෙම හවුල්කාරිත්වය ඔස්සේ දැල්පන්දු ක්‍රීඩාවේ බිම් මට්ටමේ සංවර්ධනයට සහාය වීමටත්, නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් පෝෂණය කිරීමටත්, ශ්‍රී ලංකාව පුරා කාන්තා ක්‍රීඩාවල වර්ධනය වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබාදීමටත් SLT-MOBITEL අඛණ්ඩව කැපවී සිටී.
ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට සියවසකට වැඩි ඉතිහාසයක් ඇති අතර, එය ජාතික පාසල් විෂයමාලාවේ කොටසක් බවටද පත් වී ඇත. එමෙන්ම එහි යටිතල පහසුකම් සඳහා මුදල් වැයවීම අවම බැවින් එය බොහෝ දෙනෙකුට පහසුවෙන් නිරත විය හැකි ක්‍රීඩාවක් ලෙස රට පුරා ප්‍රචලිත වී තිබේ. දැල්පන්දු ක්‍රීඩාව සතු මෙම ජනප්‍රියත්වය සහ ජාත්‍යන්තර තලයේදී දැල්පන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ජයග්‍රහණ හේතුවෙන්, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තරුණියන් විශාල වශයෙන් මෙම ක්‍රීඩාවට යොමු වී සිටිති.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව මේ වන විට කාන්තාවන් සවිබල ගැන්වීම සහ අන්තර්කරණය (Inclusivity) ප්‍රවර්ධනය කිරීම ඔස්සේ සමාජීය හා ආර්ථික ප්රගමනයටද දායක වන සාධකයක් බවට පත් වී ඇත. රටේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කරමින්, කාන්තාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කළ හැකි අවකාශයන් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ප්‍රධානතම අරමුණයි.
මෙම අනුග්‍රාහකත්වය, ශ්‍රී ලංකාව යළිත් වරක් ආසියානු කලාපයේ දැල්පන්දු ක්‍රීඩාවේ ප්රබලතම බලවේගයක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සකස් කර ඇති ක්‍රමෝපායික සැලසුමට සහය දැක්වීමක් ලෙසද හැඳින්විය හැක.
2026 නොවැම්බර් 21 සහ 22 දෙදින තුළ පැවැත්වීමට නියමිත ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය, ජාතික යොවුන් දැල්පන්දු ක්‍රීඩා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා දක්ෂතා හඳුනාගැනීමේ අවස්ථාවක් ලෙසද ක්‍රියාකරයි.
මෙවැනි අනුග්‍රාහකත්වයෙන් ඔස්සේ ජාතික අභිමානය සහ තරුණ පරපුරේ සංවර්ධනය බලගන්වමින් ශ්‍රී ලංකාවේ අනාගත දැල්පන්දු තරු බිහිකිරීමට අත්වැලක් වීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.


