ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු විශිෂ්ටත්වයේ 70වන සංවත්සරය සමරයි

Capture

ශ්‍රී ලංකාවේ නාවික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ වසර 70ක් සපුරන ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් (පෞද්ගලික) සමාගම, සිය 70වන සංවත්සරය පසුගියදා සැමරුවේය. දිවංගත සී. බී. මෝතා මහතා (MBE) 1956දී ‘ක්වීන්ස් රේඩියෝ ඇන්ඩ් ටෙලිවිෂන් කෝපරේෂන්’ නමින් මෙම ආයතනය ආරම්භ කළේය. පරම්පරා තුනක නායකත්වය යටතේ එය නාවික ඉලෙක්ට්‍රොනික හා විශේෂිත ඉංජිනේරු ක්ෂේත්‍රවල ස්ථාපිත නාමයක් බවට පත්ව ඇත. පසුගිය වසර 32 පුරා ක්වීන්ස් සමාගම් සමූහයට නායකත්වය දෙන දිනේෂ් මෝතා මහතා, පවුලේ උරුමය ඉදිරියට ගෙන යමින් නාවික ඉලෙක්ට්‍රොනික, ගුවන් සේවා පද්ධති, ගිනි හා සුරක්ෂිතතා සේවා සහ විශේෂිත ඉංජිනේරු ක්ෂේත්‍රවල වර්ධනයට මඟ පෙන්වයි. ජාත්‍යන්තර නෞකා සඳහා විශේෂිත නාවික ඉලෙක්ට්‍රොනික සේවා, නෞකා අලුත්වැඩියා, නඩත්තු සහ තාක්ෂණික සහාය සපයන සමාගම, මෙරට වරායන් නාවික සේවා මධ්‍යස්ථාන ලෙස ශක්තිමත් කිරීමටද දායක වෙයි. දක්ෂ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වයෙන් මෙරටට විදේශ විනිමයද උපයා දෙයි.



ක්වීන්ස් සමාගම නාවික මාර්ගෝපදේශන, සන්නිවේදන හා ආරක්ෂක උපකරණ සපයන අතර ඒවාට අදාළ නඩත්තු සේවාද සලසයි. JICA සහාය යටතේ ත්‍රිකුණාමලය වරායේ ස්ථාපිත කළ නෞකා ගමනාගමන කළමනාකරණ පද්ධතිය සහ ප්‍රංශයේ එයාර්බස් සමාගමට අයත් සිග්නාලිස් සමඟ ඉංජිනේරු සහයෝගයෙන් කොළඹ වරායේ ස්ථාපිත කළ එවැනි පද්ධතිය එහි ප්‍රධාන ව්‍යාපෘති අතර වේ.

ගුවන් සේවා ක්ෂේත්‍රයේදී ක්වීන්ස් සමාගම, බණ්ඩාරනායක හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා භූමි සන්නිවේදන පද්ධතිද, ගුවන් ගමන් පාලනය සඳහා අධි සංඛ්‍යාත (HF) සම්ප්‍රේෂකද, ඩොප්ලර් VOR මාර්ගෝපදේශන පද්ධති සහ ගුවන් යානා ගොඩබැස්වීමේ උපකරණ පද්ධති (ILS) ද සපයා ඇත. ප්‍රංශයේ බියුරෝ වෙරිටාස් වෙතින් ISO 9001:2015 සහතිකය ලබා ඇති ක්වීන්ස් සමාගම, ජපාන හා යුරෝපීය පිළිගත් නිෂ්පාදක සමාගම්ද නියෝජනය කරයි. විදේශීය කර්මාන්තශාලාවල පුහුණුව ලබන එහි ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ දේශීය හා ජාත්‍යන්තර නෞකා හිමියන්ට සිය විශේෂඥ සේවා සපයති. නවීන පහසුකම් සහිත වැඩමුළු සහ දශක හතක පළපුරුද්ද සමඟින්, ජාත්‍යන්තර නෞකා සඳහා සේවා පුළුල් කර මෙරට විදේශ විනිමය ඉපැයීම් සඳහා සිය දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට සමාගමට හැකියාව ඇත.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව