
කාම්බෝජයේ චම්රොන් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලය (Chamroeun University of Poly-Technology – CUP) සිය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්යක්ෂ ධුරයට ශ්‍රී ලාංකික විද්වතෙකු සහ ව්‍යාපාර නායකයෙකු වන මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ආසියා පැසිෆික් කළාපය පුරා ජාත්‍යන්තර අධ්‍යාපන සහයෝගීතාව පුළුල් කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීම සඳහා විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහි වැදගත් පියවරක් ලෙස මෙම පත්වීම සැළැකේ. ජාත්‍යන්තර වශයෙන් සිය ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම, උපායමාර්ගික අධ්‍යාපන හවුල්කාරිත්ව ගොඩ නැගීම සහ අධ්‍යාපනය, පර්යේෂණ හා වෘත්තීය සංවර්ධන ක්ෂේත්රවල කළාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම CUP විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුණු අතර වේ. නව ධුරය යටතේ ජාත්‍යන්තර අධ්‍යාපන සබඳතා පුළුල් කිරීම, විදේශීය අධ්‍යාපන ආයතන සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ඇති කිරීම සහ ඒකාබද්ධ උපාධි පාඨමාලා සඳහා අවස්ථා සළසා දීමේ කටයුතු මෙහෙයවීම ප්‍රනාන්දු මහතා වෙත පැවරී ඇත. ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය, අලෙවිකරණය, පරිගණක තාක්ෂණය, මුල් ළමාවිය අධ්‍යාපනය, රූපලාවණ්‍ය විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, මැණික් විද්‍යාව සහ මනෝ විද්‍යාව ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ.
CUP විශ්ව විද්‍යාලය මෑතකදී ශ්‍රී ලංකාවේ Asia Institute of Advanced Studies (AIAS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීම ජාත්‍යන්තර අධ්‍යාපන සබඳතා ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරකි. එම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අධ්‍යාපන සහයෝගීතාව, ආයතනික සබඳතා සහ ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන් තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය පදනම සකසා තිබේ. මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා අධ්‍යාපන උපදේශනය, කළමනාකරණය, අලෙවිකරණය සහ වෘත්තීය සංවර්ධනය යන ක්ෂේත්රවල පුළුල් අත්දැකීම් සහිත විද්වතෙක්, ව්‍යවසායකයෙක් සහ ආයතනික නායකයෙක් වේ. කළමනාකරණය සහ අලෙවිකරණය සම්බන්ධ පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි මට්ටමේ සුදුසුකම් රැසක් හිමි ඒ මහතා අධ්‍යාපන හා ව්‍යාපාර නායකත්ව ක්ෂේත්රවලට ක්‍රියාකාරී දායකත්වයක් දී ඇත. එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන අතර සමාජ සේවා සහ ප්‍රජා නායකත්ව කටයුතු සඳහාද දායකත්වය දෙයි. මෙම පත්වීම හරහා ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ ආසියා පැසිෆික් කළාපයේ අනෙකුත් රටවල් අතර අධ්‍යාපන සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට CUP විශ්ව විද්‍යාලය අපේක්ෂා කරයි. විශේෂයෙන් සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා උදා කර දීම, ඒකාබද්ධ පර්යේෂණ දිරි ගැන්වීම, සහයෝගී අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතාගේ පත්වීම CUP විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තරකරණ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙන්ම ආසියා පැසිෆික් කළාපය පුරා දිගු කාලීන හා තිරසර අධ්‍යාපන හවුල්කාරිත්ව ගොඩ නැගීමට වැදගත් දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.


