HUTCH සමාගම Dragons of Asia ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී ඉහළම ගෞරවයට පාත්‍ර වෙයි

Capture

HUTCH ශ්‍රී ලංකා සමාගම, Dragons of Asia සම්මාන උළෙලේ දී ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරහි දී පැවැති මෙම සම්මාන උළෙල, ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන බලපෑමක් ඇති කරන නිර්මාණාත්මක අලෙවිකරණ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මාන උළෙලකි.  ඒ අනුව සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, මැලේසියාව, පාකිස්ථානය, දකුණු කොරියාව, ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ආසියානු රටවල් රැසක ක්‍රියාත්මක වන නිර්මාණාත්මක අලෙවිකරණ හා සන්නිවේදන ව්‍යාපෘති මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.




මෙහිදී HUTCH සමාගම, “Best Use of Artificial Intelligence in all of Asia” වෙනුවෙන් හිමි වන සම්මානය සහ “Best Creative Campaign in Sri Lanka” වෙනුවෙන් හිමි සම්මානය  දිනා ගැනීමට සමත් විය. මෙලෙස සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ HUTCH සමාගම ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද නිර්මාණාත්මක විශිෂ්ටත්වයේ පෙරගමන්කරුවෙකු ලෙස සිය ස්ථානය තහවුරු කර තිබේ. තවද, මෙම ජයග්‍රහණය මගින් ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් අත්කර දීමට හැකි වී තිබීම ද විශේෂත්වයකි.

විශේෂයෙන්ම, AI කාණ්ඩය යටතේ HUTCH දිනාගත් මෙම විශිෂ්ට සම්මාන මගින් තහවුරු වනුයේ, වෙළඳපොළේ ප්‍රමාණය හෝ ස්වභාවය කුමක් වුවත්, ජාත්‍යන්තර මට්ටමේ අතිනවීන AI තාක්ෂණික විසඳුම් සහ සුවිශේෂී නිර්මාණශීලීත්වයක් ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බවයි. නවීන තාක්ෂණික ප්‍රවණතා නිර්මාණශීලීව උපයෝගී කරගනිමින් විශිෂ්ටත්වය කරා ගමන් කිරීමේ දී HUTCH  ප්‍රමුඛ පෙළේ ආදර්ශයක් සපයයි. මෙතෙක් සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ අදහස් AI තාක්ෂණය යොදා ගැනීම මගින් ප්‍රායෝගිකව නව නිර්මාණ බවට පත් කිරීමට ඇති හැකියාව මෙමගින් පෙන්වා දෙයි.

මෙම සම්මාන මගින් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන HUTCH සතු ස්ථාවරය තවදුරටත් තහවුරු වේ. එමෙන්ම, පාරිභෝගික වටිනාකම් කළමනාකරණය, ව්‍යාපාරික ක්‍රියාවලීන්, ජාල කළමනාකරණය සහ අලෙවිකරණ මෙහෙයුම් ඇතුළු සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි AI තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීමට HUTCH සමාගම දක්වන කැපවීම මින් මනාව පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. Fortune Global 500 සමාගමක් වන, යුරෝපයේ සහ ආසියාවේ රටවල් 9 ක් පුරා ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම වරාය, යටිතල පහසුකම්, විදුලි සංදේශ, වෙළඳාම, බලශක්තිය, මුදල් සහ ආයෝජන ඇතුළු  ක්ෂේත්‍ර රැසෙක තුළ ක්‍රියාත්මක වන අතර එය ලොව පුරා 350,000කට අධික පිරිසකට රැකියා අවස්ථා සලසා දෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව