Daraz ශ්‍රී ලංකා සමාගම සිය වසරේ විශාලතම වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන වන “11.11 Big Boss Sale” ප්‍රකාශයට පත් කරයි

Image Daraz 11.11

නොවැම්බර් 10 වන දින පස්වරු 8:00 ට “Brand Rush Hour” සහ “Discount පිට Discount” විශේෂ වාසි සමඟින් ආරම්භ වන මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන සඳහා ප්‍රමුඛ පෙළේ සන්නාම 120 කට වැඩි සංඛ්‍යාවක් සහ බැංකු හා මුල්‍ය ආයතන 11 දෙනෙකු එක්වෙති.

කොළඹ, ශ්‍රී ලංකාව, 2026 නොවැම්බර් 4 – Daraz ශ්‍රී ලංකා සමාගම සිය වසරේ විශාලතම වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන වන “11.11 Big Boss Sale” නොවැම්බර් 10 වන දින පස්වරු 8:00 ට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. මෙමඟින් පාරිභෝගිකයන්ට විද්‍යුත් උපකරණ, ඇඳුම් පැළඳුම් හා විලාසිතා,  අලංකරණ ‍ද්‍රව්‍ය, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් රැසක් හිමි වේ. නොවැම්බර් 21 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම වසරේ විශාලතම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම 120 කට අධික සංඛ්‍යාවක් සහ දිවයිනේ ප්‍රමුඛ බැංකු හා මුල්‍ය ආයතන 11 ක් එක්ව සිටින අතර, වවුචර් වට්ටම්, කාඩ්පත් වට්ටම් සහ පාරිභෝගිකයින්ට පහසු නම්‍යශීලී ගෙවීමේ ක්‍රමවේද රාශියක් ඉදිරිපත් කර ඇත.




මෙම ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 10 වන දින පස්වරු 8:00 සිට නොවැම්බර් 11 වන දින පෙරවරු 2:00 දක්වා පැය 6 ක කාලයක් පුරා පැවැත්වෙන “Brand Rush Hour” විශේෂිත කාල සීමාවෙන් ආරම්භ වේ. මෙම පැය 6 ක කාලසීමාව තුළ පාරිභෝගිකයන්ට ‘Voucher Max’ හරහා 15% ක ඍජු වට්ටමක් හිමිවන අතර, ඊට අමතරව KOKO භාවිතයෙන් සිදුකරන ගෙවීම් සඳහා තවත් 30% ක වට්ටමක් හෝ අදාළ බැංකු කාඩ්පත් භාවිතයෙන් සිදුකරන සුදුසුකම් ලත් මිලදී ගැනීම් සඳහා අමතර 25% ක වට්ටමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. පාරිභෝගිකයින්ට Daraz app එක ඔස්සේ අදාළ වවුචර ලබා ගත හැකි අතර, ගෙවීම් සිදු කිරීමේදී තමන්ට වඩාත්ම සුදුසු ගෙවීම් ක්‍රමවේදය තෝරා ගැනීමට හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Daraz ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා මෙසේ පැවසීය: “11.11 යනු ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් මහත් උනන්දුවෙන් මගබලන අවස්ථාවක් බවට පත්ව තිබෙනවා. සෑම වසරකම අපගේ ප්‍රධාන අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට වඩාත් ප්‍රතිලාභදායක අත්දැකීමක් ලබා දීමයි. ‘Big Boss’ ප්‍රවර්ධන වැඩසටහන හරහා ප්‍රමුඛ සන්නාම, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විශේෂිත ගෙවීම් ක්‍රම රැසක් එකට කැටි කරමින් පාරිභෝගිකයින්ට අසමසම අගයක් ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වසර 10 ක සාර්ථක ගමන සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත සේවාවන් පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ ප්‍රතිලාභදායක කිරීමට මෙන්ම දේශීය ව්‍යාපාරවල වර්ධනය සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.”

ශ්‍රී ලංකාව තුළ දශකයක සාර්ථක සේවා කාලයක් පදනම් කරගනිමින්,  සමාගම දිවයින පුරා සිටින පාරිභෝගිකයන් ප්‍රමුඛ පෙළේ සන්නාම, දේශීය අලෙවිකරුවන් සහ මුල්‍ය සහකරුවන් සමඟ සබඳතා ගොඩනැගීමට අඛණ්ඩව කටයුතු කරයි. මෙම 11.11 ප්‍රවර්ධන වැඩසටහන මඟින් සහභාගී වන ව්‍යාපාරවලට Daraz හි විශාලතම වාර්ෂික වෙළෙඳ ප්‍රවර්ධන අවස්ථාව ඔස්සේ සිය නිෂ්පාදන නව පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට අනගි අවස්ථාවක් හිමි වේ.

මෙවර ‘Big Boss’ ප්‍රවර්ධන වැඩසටහනේ මූලික සංකල්පය ලෙස “Discount පිට Discount” තේමාව ඉදිරිපත් කර ඇත. මෙමඟින් යම් නිෂ්පාදනයක් සඳහා හිමිවන විශේෂ මිල සහනයට අමතරව, වවුචර් වට්ටම් සහ ගෙවීම් දීමනාවන් ද එකිනෙක මුසු කරමින් උපරිම වාසියක් ලබා ගත හැකි ආකාරය නිරූපණය කෙරේ. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්, තෑගි තේරීම් හෝ වඩාත් වටිනා උපාංග මිලදී ගැනීම් ආදී ඕනෑම අවශ්‍යතාවයකදී මෙම අතිරේක වට්ටම් මඟින් පාරිභෝගිකයාට උපරිම මූල්‍යමය වාසියක් හිමි වේ.

මෙවර ප්ලැටිනම් සහකරුවන් ලෙස ANKER, Marvel Marketing, Celcius Solutions, Swisstek, Hayleys, Diamond Best Foods, Hemas සහ Unilever යන ප්‍රමුඛ සමාගම් එක්ව සිටින අතර, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ 11.11 විශේෂ දීමනා රැසක් ලබා ගත හැකිය. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ,  සෞඛ්‍ය හා රූපලාවන්‍ය නිෂ්පාදන, විද්‍යුත් උපකරණ සහ ගෘහ අලංකරණ නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන මෙයට ඇතුළත් වේ.

මීට අමතරව, ගනුදෙනුකරුවන්ට මූල්‍යමය වාසි රැසක් අත්කර දෙමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව,HNB බැංකුව, යූනියන් බැංකුව, LOLC ෆයිනෑන්ස්, DFCC බැංකුව, පෑන් ඒෂියා බැංකුව සහ මහජන බැංකුව යන බැංකු හා මුල්‍ය ආයතන 11 ක් මෙවර 11.11 ප්‍රවර්ධනය සමඟ අත්වැල් බැඳගෙන සිටියි. ප්‍රවර්ධන කාලසීමාව පුරාම ක්‍රියාත්මක වන අතිරේක කාඩ්පත් දීමනා සහ ප්‍රවර්ධන දිනයන් පිළිබඳ සියලු තොරතුරු Daraz app එක හරහා ලබාගත හැකිය.

KOKO ගෙවීම් ක්‍රමවේදය තෝරාගන්නා පාරිභෝගිකයන්ට තමන්ගේ ගෙවීම් වාරික 3 කින් හෝ 6 කින් පියවීමේ පහසුකම හිමි වේ. තවද සහභාගී වන බැංකු මඟින්, මිලදී ගන්නා භාණ්ඩය, කාඩ්පත් වර්ගය සහ බැංකුව මත පදනම්ව මාස 60 දක්වා වූ පහසු ගෙවීමේ ක්‍රමවේද ලබා දෙයි. විශේෂයෙන්ම වටිනා ගෘහ භාණ්ඩ හා විද්‍යුත් උපකරණ මිලදී ගැනීමේදී මෙම නම්‍යශීලී පියවීම් ක්‍රමවේද බෙහෙවින් උපකාරී වේ.

ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වීමට පෙර පාරිභෝගිකයින්ට Daraz app එක ඔස්සේ භාණ්ඩ නිරීක්ෂණය කිරීමට, සසඳා බැලීමට සහ කැමති භාණ්ඩ ‘Wishlist’ එකට එකතු කර ගැනීමට පහසුකම් සලසා ඇත. කල්තියා වවුචර ලබා ගැනීම මෙන්ම ගෙවීම් හිමිකම් සහ වාරික කොන්දේසි පරීක්ෂා කර තබා ගැනීම මඟින් “Brand Rush Hour” ආරම්භයේදීම තමන්ට වඩාත්ම සුදුසු දීමනා කඩිනමින් තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

Brand Rush Hour කාල සීමාව නිමවීමෙන් අනතුරුවද “11.11 Big Boss Sale” ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 21 වන දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ප්‍රවර්ධන වැඩසටහනේ සම්පූර්ණ තොරතුරු සහ කොන්දේසි Daraz app එක හරහා ලබා ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව