මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාව සන්නස්ගම හාඩ්වෙයාර් දිනා ගනී

MELWA (LBN)

මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් ශූරතාව දිනා ගැනීමට සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම සමත් විය. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනු ශූරතාව ටී.එන්.ආර්. බලංගොඩ කණ්ඩායමට හිමි විය. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් අතර සුහදත්වය, සහයෝගීතාව සහ අන්‍යොන්‍ය සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගි වූ අතර එම කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් පෙදරේරුවන්ගෙන්, පෑස්සුම් ශිල්පීන්ගෙන් සහ දෘඩාංග වෙළෙඳ ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගෙන් සමන්විත විය. තරගාවලිය සඳහා යශෝධා හාඩ්වෙයාර් බලංගොඩ, ටී.එන්.ආර්. බලංගොඩ, සන්නස්ගම හාඩ්වෙයාර්, සිටි ඉලෙක්ට්‍රික් හාඩ්වෙයාර්, ෆේස් සෙරමික් හාඩ්වෙයාර්, වික්‍රම හාඩ්වෙයාර්, ඇඹිලිපිටිය ස්ටෝර්ස්, සෙන්ට්‍රල් හාඩ්වෙයාර්, ෆිරූස් හාඩ්වෙයාර් බලංගොඩ සහ චන්දන හෝල්ඩින් යන කණ්ඩායම් එක වී සිටියහ.




උණුසුම් තරග රැසකින් අනතුරුව විශිෂ්ට කණ්ඩායම් හැඟීමක්, කැප වීමක් සහ ක්‍රීඩාශීලීත්වයක් ප්‍රදර්ශනය කළ සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම රත්නපුර දිස්ත්‍රික් ශූරතාව හිමි කර ගත්තේය. ඒ අනුව දිස්ත්‍රික් ශූරයන් සහභාගි වන කොළඹදී පැවැත්වීමට නියමිත මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 අවසන් මහා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට එම කණ්ඩායම සමත් විය. මෙල්වා සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන මෙම දීප ව්‍යාප්ත ක්‍රිකට් තරගාවලිය මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දෙන වෘත්තිකයන් ඇගැයීමට ලක් කිරීමේ මෙන්ම ඔවුන් අතර වෘත්තීය සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක කොටසකි. දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම තරගාවලිය මඟින් විවිධ ප්‍රදේශවල ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නියුතු පිරිස්වලට සිය ක්‍රිකට් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ක්‍රීඩාව ඔස්සේ එකිනෙකා සමඟ සුහද සබඳතා ගොඩ නඟා ගැනීමටත් අවස්ථාව සැළසේ. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වන ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් එක් රැස් කරමින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයෙන් ඔබ්බට ගිය සුහදත්වය සහ එකමුතුකම ප්‍රවර්ධනය කරන ක්‍රීඩා සම්ප්‍රදායක් ගොඩ නැඟීමට මෙල්වා සමූහ ව්‍යාපාරය මෙම වැඩසටහන හරහා අඛණ්ඩව කටයුතු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව