ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවක රස මතක සමඟ බැඳුණු චයිනීස් ඩ්‍රැගන් කැෆේ අභිමානවත් 84 වැනි සංවත්සරය සමරයි

CHINESE DRAGON (LBN)

ශ්‍රී ලංකාවේ චීන ආහාර සංස්කෘතිය තුළ සුවිශේෂ නාමයක් දිනා සිටින චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය අභිමානවත් 84 වැනි සංවත්සරය 2026 ඔක්තෝබර් මාසයේදී සැමරීය. දශක අටකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවක විශ්වාසය සහ ආදරය දිනා ගත් මෙම අවන්හල් ජාලය දිවයිනේ චීන ආහාර රසිකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගෙන සිටී. චයිනීස් ඩ්‍රැගන් කැෆේ ගමන් මඟ ආරම්භ වූයේ 1942දී බම්බලපිටියේ කුඩා අවන්හලක් ආරම්භ කළ චීන ජාතික යුවළකගේ උත්සාහයෙනි. ශ්‍රී ලාංකික ජනතාවට චීන ආහාරවල සුවිශේෂ රසය හඳුන්වා දීමේ අරමුණෙන් ඇරැඹුණු එම කුඩා අවන්හල කාලයත් සමඟ දිවයින පුරා ජනප්‍රිය අවන්හල් ජාලයක් බවට පත් විය. පසුගිය වසර 17 පුරා නව කළමනාකාරිත්වයක් යටතේ ක්‍රියාත්මක වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ එහි ආරම්භකයන්ගෙන් උරුම වූ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු, උසස් ප්‍රමිතිය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව නොවෙනස්ව පවත්වා ගෙන යමින් නවීන අවශ්‍යතාවලට ගැළැපෙන පරිදි සිය සේවා පුළුල් කර තිබේ. අද වන විට බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, යාපනය, ගාල්ල, ගොතටුව, ඔරියන් සිටි, මීගමුව සහ ඩුබායි යන ස්ථානවල පිහිටි අවන්හල් 14කින් සමන්විත ජාලයක් දක්වා චයිනීස් ඩ්‍රැගන් කැෆේ වර්ධනය වී ඇත. සිය ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින් මහනුවර සහ කුරුණෑගල නගරවලද නව අවන්හල් නුදුරේදීම විවෘත කිරීමට සමාගම සැළැසුම් කර තිබේ. මෙම ව්‍යාප්ති ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් චයිනීස් ඩ්‍රැගන් කැෆේහි නවතම අවන්හල මීගමුවේදී විවෘත කෙරිණි. මීගමුව, හලාවත පාරේ අංක 48 ස්ථානයේ, මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සිට කොච්චිකඩේ දෙසට මීටර් 400ක් දුරින් පිහිටි මෙම අවන්හල ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට චයිනීස් ඩ්‍රැගන් කැෆේහි සුවිශේෂ ආහාර අත්දැකීම සමීප කරයි. එමෙන්ම ඩුබායිහි අවන්හලක් විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් ඔබ්බට සිය සන්නාමය රැගෙන යමින් ජාත්‍යන්තර වෙළෙඳපොළටද පිවිසීමට සමාගම සමත් වී තිබේ. වසර 84ක ඉතිහාසය පුරා චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ආහාර වර්ග රැසක් පාරිභෝගිකයන්ගේ ප්‍රියතම තේරීම් බවට පත් වී ඇත. හොට් බටර් කට්ල්ෆිෂ් කෙසෙල් කොළයේ පිළිගන්වන සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, චිලී පේස්ට්, චිලී ක්‍රැබ්, ටොම් යම් සීෆුඩ් සුප් ඇතුළු විවිධ බත් වර්ග, නූඩ්ල්ස් සහ 300කට අධික චීන ආහාර මේ අතර ප්‍රමුඛ වේ. සාම්ප්‍රදායික චීන ආහාරවල සුවිශේෂ රසය සහ ගුණාත්මකභාවය රැක ගනිමින් පාරිභෝගිකයන්ට අමතක නොවන ආහාර අත්දැකීමක් සැපැයීම සමාගමේ ප්‍රධාන අරමුණකි.




වර්තමාන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් අවන්හල තුළ ආහාර ගැනීමේ පහසුකම (Dining), රැගෙන යාමේ සේවා (Takeaway), නොමිලේ ආහාර බෙදා හැරීම (Free Delivery), www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව ඇණැවුම් කිරීම, ආයතනික ආහාර සැපැයුම, ගෘහස්ථ හා එළිමහන් උත්සව සඳහා ආහාර සැපැයුම (Indoor and Outdoor Catering), විශේෂ උත්සව සඳහා කේටරින් සේවා සහ පෞද්ගලික භෝජන ශාලා පහසුකම් ඇතුළු පුළුල් සේවා රැසක් චයිනීස් ඩ්‍රැගන් කැෆේ විසින් සපයනු ලබයි. 84 වැනි සංවත්සරය නිමිත්තෙන් සිය පාරිභෝගිකයන්ට කෘතවේදීත්වය පළ කරමින් ඔක්තෝබර් 9 සිට 14 දක්වා විශේෂ සංවත්සර ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි. එහිදී ඔක්තෝබර් 9 රුපියල් 10,000 ඉක්මවූ බිල්පත්වලට රුපියල් 3,000ක වට්ටමක් හිමි වූ අතර ඔක්තෝබර් 10 සහ 11  අවන්හල තුළ ආහාර ගැනීම් සඳහා 30%ක සහ ආහාර බෙදා හැරීම් සඳහා 25%ක වට්ටම් දෙන ලදී. ඔක්තෝබර් 12 හොට් බටර් කට්ල්ෆිෂ් සාමාන්‍ය ප්‍රමාණයේ ඇණැවුමක් මිල දී ගත් පළමු පාරිභෝගිකයන් 25 දෙනාට නොමිලේ චිලී පේස්ට් බෝතලයක් හිමි විය. ඔක්තෝබර් 13 හොට් බටර් කට්ල්ෆිෂ් සාමාන්‍ය ප්‍රමාණයේ ඇණැවුමක් මිල දී ගන්නා පාරිභෝගිකයන්ට චිකන් ෆ්‍රයිඩ් රයිස් සඳහා 50%ක වට්ටමක් දුන් අතර ඔක්තෝබර් 14 අවන්හල තුළ ආහාර ගැනීම් සඳහා 25%ක වට්ටමක් පිරිනැමිණි. මෙම විශේෂ දීමනා සංවත්සර සැමැරුමට නව උද්යෝගයක් එක් කළ අතර පාරිභෝගිකයන්ටද එම සුවිශේෂ අවස්ථාවට එක් වීමට අවස්ථාව උදා විය. චයිනීස් ඩ්‍රැගන් කැෆේහි දිගු කාලීන සාර්ථකත්වය පිටුපස කැප වීමෙන් කටයුතු කරන සේවක කණ්ඩායමට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. සේවක සුබසාධනය, කණ්ඩායම් හැඟීම, වෘත්තීය සංවර්ධනය සහ ධනාත්මක සේවා පරිසරයක් ගොඩ නැගීම කෙරෙහි සමාගම නිරන්තර අවධානය යොමු කරයි. එමෙන්ම පරම්පරා ගණනාවක් පුරා සන්නාමය සමඟ රැඳී සිටින විශ්වාසවන්ත පාරිභෝගිකයන් සමාගමේ සාර්ථකත්වයට දුන් දායකත්වය ඉතා ඉහළින් අගය කරයි.

සංවත්සරය පිළිබඳ අදහස් දක්වමින් චයිනීස් ඩ්‍රැගන් කැෆේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරුවන් ලක්මාල් මහතා මෙසේ පැවසීය. “වසර 84ක සාර්ථක ගමන් මඟක් සම්පූර්ණ කිරීම චයිනීස් ඩ්‍රැගන් කැෆේ අප සැමට ඉමහත් අභිමානයක්. මෙම සාර්ථකත්වයේ සැබෑ ශක්තිය වන්නේ අප කෙරෙහි අඛණ්ඩ විශ්වාසය තැබූ පාරිභෝගිකයන් සහ කැප වීමෙන් සේවය කළ අපගේ කාර්ය මණ්ඩලයයි. පරම්පරා ගණනාවක් අපගේ ආහාරවල රසය විඳිමින් හැදී වැඩී තිබෙනවා. බොහෝ පවුල්වල සොඳුරු මතක සමඟ අපගේ සන්නාමය බැඳී තිබීම අපට විශාල සතුටක්. ඉදිරියටත් අපගේ සන්නාමය ගොඩ නැගූ වටිනාකම්, ආහාරවල අනන්‍ය රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් පාරිභෝගිකයන්ට නව අත්දැකීම් සහ වඩාත් උසස් සේවාවක් දීමට අප කැප වී සිටිනවා.” සිය 84 වැනි සංවත්සරය සමරන චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඉදිරි වසරවලදීද නව වෙළෙඳපොළ වෙත පිවිසෙමින් පාරිභෝගික අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින් සහ ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කරමින් නව වර්ධන අවස්ථා කරා යාමට අපේක්ෂා කරයි. 1942දී බම්බලපිටියේ කුඩා අවන්හලකින් ආරම්භ වූ මෙම ගමන අද දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අවන්හල් සන්නාමයක් දක්වා වර්ධනය වී ඇත්තේ රසය, ගුණාත්මකභාවය, විශ්වාසය සහ පාරිභෝගික ළෙන්ගතුකම එක් වී ගොඩ නැගුණු සාර්ථකත්වයේ කතාවක් ලෙසිනි. අතීතයේ උරුමය සුරකිමින් අනාගතයේ නව අවස්ථා වැළඳ ගන්නා චයිනීස් ඩ්‍රැගන් කැෆේ පරම්පරා ගණනාවක ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා ගත් රසය ඉදිරි පරම්පරා වෙතද රැගෙන යාමට අඛණ්ඩව කැප වී සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව