
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, අලෙවි ශාඛා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ශාඛා කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප්රායෝගික උපායමාර්ග පිළිබඳව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති සිව්දින නායකත්ව පුහුණු වැඩසටහනකට මෑතකදී සහභාගී විය.
මෙම වැඩසටහනේදී රක්ෂණ ක්ෂේත්රයේ වෘත්තිකයන් සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සබඳතා පවත්වාගෙන යාම, කාර්යසාධන කළමනාකරණය, නායකත්ව හැකියාවන් ඉහළ නැංවීම හා සංවර්ධනය මෙන්ම අලෙවි කටයුතු ප්රවර්ධනය කරන කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු ප්රධාන ක්ෂේත්ර රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන කේ. හරිදාස් මහතාගේ නායකත්වය මත මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ග්රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ පළපුරුදු සමූහ අලෙවි කළමනාකරුවන් පස්දෙනෙකු විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලදි. දැනුම හුවමාරු කරගැනීම සඳහා ප්රායෝගික ක්රියාකාරකම් ඒකාබද්ධ කරමින් පැවැති මෙම වැඩසටහනේදී ශාඛා කළමනාකරණයේදී මුහුණ දෙන සැබෑ ගැටලු විසඳීම සඳහා සහභාගිවන්නන්ට අභියෝගාත්මක කණ්ඩායම් ක්රියාකාරකමක් ලබා දුන් අතර කණ්ඩායම් දෙකක් විසින් පවතින තත්ත්වයන් ඇගයීමට ලක් කර ගැටලුවල මූලික හේතු සහ ඒවායේ බලපෑම් හඳුනාගෙන එම අභියෝග වඩාත් ඵලදායී ලෙස ජයගැනීම සඳහා ක්රියාකාරී සැලසුම් සකස් කරන ලදී.
සහභාගිවන්නන්ට සමාජ මාධ්ය සඳහා වීඩියෝ සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණය කිරීම මෙන්ම එක් එක් ශාඛා මට්ටමේ පවතින විශේෂිත අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා අලෙවි නියෝජිත ආයතන කළමනාකරණ සැලසුම් සකස් කිරීම පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබාගැනීමට ද අවස්ථාව හිමි විය. මෙම වැඩසටහන මඟින් අලෙවි නායකත්වය ශක්තිමත් කිරීම, ශාඛා කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ සමස්ත කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා වටිනා දැනුමක් සහ ක්රියාවට නැංවිය හැකි උපායමාර්ග රැසක් ලබා දෙන ලදී.
සෙලින්කෝ ලයිෆ් සමාගම නියෝජනය කරමින් කලාප කළමනාකාරවරයෙකු, ප්රාදේශීය අලෙවි කළමනාකරුවන් සිව්දෙනෙකු, ශාඛා කළමනාකරුවන් දෙදෙනෙකු සහ සමාගමේ ප්රධාන කාර්යාලයේ නියෝජිතයෙකු මෙම වැඩසටහනට සහභාගී වූහ.
කේ. හරිදාස් මහතා සමඟ සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමේ සාමාජිකයන් සහ ග්රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ නියෝජිතයන් ඡායාරූපයෙන් දැක්වෙයි.


