එමිරේට්ස් සමූහය 2019-20 අර්ධ වසර සඳහා ඩිරාම් බිලියන 1.2 ක ලාභයක් වාර්තා කරයි

Image 02.

වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමුූහය ඩිරාම් බිලියන 53.3 ක (ඇ. ඩොලර් බිලියන 14.5 ක) ආදායමක් වාර්තා කර ඇති අතර සළකා බලන කාලය තුල ඩුබායි ගුවන් තොටුපළේ දක්ෂිණ පථය දින 45 ක කාළයක් අඵත්වැඩියාව සඳහා වසා තැබීම සහ රටවල් කීපයක අයහපත් විනිමය අනුපාත වෙනස් වීම් හේතුවෙන් මෙම අගය සියයට 2 කින් අඩුවූ බව එම සමාගම නිවේදනය කර ඇත.

එම කාළය තුල ඉන්ධන මිල සියයට 9 කින් අඩුවීම තුලින් සමූහයට ශ=ද්ධ ලාභ වර්ධනයක් වාර්තා කිරීමට හැකි වූ බවත්ල එම ශ=ද්ධ ලාභය පසුගිය වසරේ මුල් අර්ධයට සාපේක්ෂව සියයට 8 කින් ඩිරාම් බිලියන 1.2 (ඇ. ඩොලර් මිලියන 320 ක්) දක්වා ඉහළ ගිය බවත් එමිරේට්ස් සමූහය පවසයි.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී ශීක් අහ්මඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළඳපළේ පැවැතුනු අහිතකර තත්වයන් මෙන්ම කලාපීය වෙළඳපළ කීපයක දේශපාලනික සහ සමාජමය අස්ථාවරතාවයන් වලට මුහුණ දීමට සමූහයේ උපාය මාර්ගික වැඩපිළිවෙල වෙනස් කිරීමට සිදුවූ බවයි. පාලනය කළ හැකි වියදම් මනා ලෙස කළමණාකරණය කිරීමටත්ල කාර්්‍යක්ෂමතාව ඉහළ නැංවීමටත්ල අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට සම්පත් යෙදවීම තුලින් එමිරේට්ස් සමූහයට ධනාත මක කාර්ය සාධනයක් ලබා ගැනීමට හැකි වූ බවද ඔහු පැවැසීය.

මෙවැනි වාතාවරණයක ඉන්ධන මිල අඩුවීම ප්‍රයෝජනවත් වූ බවත් සළකා බලන මාස 6 සඳහා සමූහයේ ඉන්ධන වියදම් ඩිරාම් බිලියන 2 කින් අඩුකර ගැනීමට හැකි වූ බව වාර්තා කළ අල් මක්ටුම් මහතා එනමුත් අහිතකර විනිමය අනුපාත වෙනස්වීම්ල සමූහයේ ලාභයෙන් ඩිරාම් බිලියන 1.2 කින අඩුවීමට හේතු වූ බව අනාවරණය කළේය.

එමිරේට්ස් සමූහයේ සේවකයින් සංඛ්‍යාව 2019 මාර්තු 31 දා පැවැති 105,315 ලෙස නොවෙනස්ව පවත්වා ගත් බවද සමූහයේ මූල්‍ය ප්‍රතිඵල නිවේදනයේ සඳහන් වේ.

මේ අතර එමිරේට්ස් ගුවන් සමාගමේ ශ=ද්ධ ලාභය 2019-20 මූල්‍ය වසරේ මුල් භාගය සඳහා ඩිරාම් මිලියන 862 ක් (ඇ.ඩො. මිලියන 235 ක්) වූ අතර පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව එය සියයට 282 ක වර්ධනයකි. ගුවන් සමාගමේ ආදායම සියයට 3 කින් ඩිරාම් බිලියන 47.3 ක් (ඇ.ඩො. බිලියන 12.9 ක්) දක්වා අඩුවීමක් පෙන්වීය.

2019 අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 30 කාළය තුල එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් මගීන් මිලියන 29.6 ක් ප්‍රවාහනය කළ අතර එය පසුගිය වසරේ එම කාළය තුල ප්‍රවාහනය කළ මගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 2 ක අඩුවීමකි. සමාගම ප්‍රවාහනය කළ ගුවන් භාණ්ඩ ප්‍රමාණය සියයට 8 කින් ටොන් මිලියන 1.2 දක්වා පහත බැස ඇත. මෙය එම කාළය තුල ගෝලීය ගුවන් කාගෝ කෙෂ්ත්‍රයට බලපෑ අභියෝග පිළිබිඹු කරයි.

සළකා බලන මාස 6 තුලදී එමිරේට්ස් ගුවන් සමාගම අඵත් එයාබස් A380 වර්ගයේ ගුවන් යානා 3 ක් ලබා ගත් අතර තවත් යානා 3 ක් 2019-20 වසරේ අවසානයට පෙර ලබා ගැනීමට නියමිතය. මේ සමගම එමිරේට්ස් ගුවන් සේවය නව ගමනාන්ත 2 කට සේවා ආරම්භ කළේය. 2019 සැප්තැම්බර් 30 වන විට එමිරේට්ස් ගමනාන්ත ජාලය රටවල් 84 ක නගර 158 කින් සමන්විත වු අතර ගුවන් සමාගමේ සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 267 ක් විය.

එමිරේට්ස් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් සියයට 8 කින්දල සමස්ථ ධාරිතාව සියයට 7 කින්ද සලකා බලන කාළය තුලදී අඩු වූ බව සමාගම වාර්තා කරයි. සමාගමේ ඉන්ධන වියදම සියයට 13 කින් අඩු වූයේ වෙළඳපලේ ඉන්ධන මිල ගණන් අඩුවීම සහ දින 45 ක් ඩුබායි ගුවන් තොටුපලේ පථය වසා දැමීම නිසා අඩු වූ ධාරිතාව හේතුවෙනි. ගුවන් සමාගමේ මුඵ වියදමින් සියයට 32 ක කොටසක් වැය වන්නේ ඉන්ධන සඳහාය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව