
Global Fortune 500 ශ්රේණිගත කිරීමට ඇතුළත් ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ CK Hutchison Holdings සමූහයේ දේශීය විදුලි සංදේශ සේවා අනුබද්ධිත සමාගම වන HUTCH ශ්රී ලංකා සමාගම මෙම වසර ආරම්භයේ දී කොළඹ කොටුව,මහනුවර සහ මීගමුව යන ප්රදේශවල සාර්ථකව ස්ථාපිත කළ පරිසර හිතකාමී සහ තිරසාර සංකල්පය තවදුරටත් පුළුල් කරමින්, එහි සිව්වැනි ශාඛාව ලෙස Galle Signature+ ශාඛාව ගාල්ලේ දී පසුගිය දා විවෘත කෙරුණි.
HUTCH Signature+ අලෙවිසැල් ජාලය යනු සාම්ප්රදායික අලෙවිසැල් සංකල්පයෙන් ඔබ්බට යමින්, සුවිශේෂී නිර්මාණ සැලසුමක් යටතේ නිර්මාණය වූවකි. එහි අභ්යන්තර නිර්මාණවලින් 90% කට ආසන්න ප්රමාණයක් තිරසාර ලෙස සපයාගත් නැවත භාවිත කළ හැකි ප්රතිචක්රීකරණය කරන ලද ලී පැලට්, පුවක් කොළ, කෙසෙල් පට්ට සහ කුඹුරු ඇට වැනි තිරසාර ලෙස සපයා ගත් ද්රව්යයන්ගෙන් නිමවා තිබීම මෙහි ඇති සුවිශේෂත්වයයි. මෙහි ඇති සෑම අංගයක්ම දේශීය කලා ශිල්පීන්ගේ නිර්මාණශීලී දෑතින් නිමවා තිබෙන අතර එමඟින් මෙම වෙළඳසැල් ජාලය චක්රීය ආර්ථිකයක ප්රතිලාභ සමග සම්බන්ධ කරමින් ඒ පිටුපස සිටින ප්රජාවට ද ඍජු වටිනාකමක් එක් කොට තිබේ. එමෙන්ම මෙම ශාඛාව සිය මෙහෙයුම් කටයුතු බලගැන්වීම සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන අතර, භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකථන වගකීමෙන් යුතුව බැහැර කිරීමට e-waste එකතු කිරීමේ මධ්යස්ථානයක්ද ස්ථාපිත කොට තිබේ.
ගාල්ල ප්රදේශයේ පිහිටි මෙම Signature+ අලෙවිසැල, එහි පැමිණෙන පාරිභෝගිකයින්ට සාම්ප්රදායික අලෙවිසැල් අත්දැකීමෙන් ඔබ්බට ගිය සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන අයුරින් නිර්මාණය කර ඇත. මෙම අලෙවිසැල තුළ දක්නට ලැබෙන සෑම හස්ත කර්මාන්ත නිර්මාණයක්ම ඉතා සූක්ෂ්මව නිමවා ඇති අතර, පාරිභෝගිකයින් සහ පරිසරය කෙරෙහි ඉතා අවධානයෙන් යුතුව නිර්මාණය කළ මෙම සුවිශේෂී පරිශ්රය තුළ සුවපහසු ලෙස කාලය ගත කරමින්, HUTCH නිෂ්පාදන හා සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
HUTCH ශ්රී ලංකා සමාගම මෙහෙයවනු ලබන CK Hutchison සමූහය, ගෝලීය වෙළඳ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමූහයක් වන අතර, එහි A.S. Watson සන්නාමය හරහා සෞඛ්ය හා රූපලාවන්ය ක්ෂේත්රයේ ලොව අංක එකේ අලෙවිසැල් ජාලය ද මෙහෙය වනු ලබයි. එය මේ වන විට ගෝලීය වශයෙන් අලෙවිසැල් 17,000කට අධික සංඛ්යාවක් මෙහෙයවන අතර, ඒ අතරින් අලෙවිසැල් 4,000කට වැඩි ප්රමාණයක් දැනටමත් පරිසර හිතකාමී ප්රමිතීන්ට අනුකූල වන අයුරින් පරිවර්තනය කර ඇත. සමූහයේ බලශක්ති ව්යාපාරය හරහා, පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ සැලකිය යුතු දායකත්වයක් සපයන ප්රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු ලෙස ද ඔවුන් කටයුතු කරයි. ලොව පුරා CK Hutchison හි විදුලි සංදේශ ජාල ක්රියාත්මක වන්නේ ඒවායේ බලශක්තියෙන් 65% කට ආසන්න ප්රමාණයක් පුනර්ජනනීය බලශක්තීන් යොදා ගනිමිනි. මහාද්වීප 06ක සහ රටවල් 50කට අධික සංඛ්යාවක සිය මෙහෙයුම් පවත්වාගෙන යන ඔවුන්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සිය ව්යාපාරික දැක්ම පෙළගස්වමින්, තිරසාරත්වය සිය ගෝලීය මෙහෙයුම්වල අත්යවශ්ය අංගයක් බවට පත් කර තිබේ.
ගාල්ල Signature+ අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් HUTCH ශ්රී ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරී සෞමිත්රා ගුප්තා මහතා ප්රකාශ කළේ, “ගාල්ල ජනතාවට සේවය කිරීම සඳහා විවෘත කළ නව Signature+ අලෙවිසැල අප මෙතෙක් තැබූ වඩාත් අර්ථවත් පියවරක් ලෙස හැඳින්විය හැකි බවයි.” පාරිසරික තිරසාරත්වය ගාල්ලේ ‘යුනෙස්කෝ ලෝක උරුම’ තත්ත්වය සමඟ මනාව ගැළපෙන බව පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “පුරාවිද්යාව සහ පරිසර සංරක්ෂණය එකිනෙක හා බැඳී පවතින බවයි.” එමෙන්ම, ශ්රී ලංකාව 2050 වන විට කාබන් මධ්යස්ථභාවය ළඟා කර ගැනීමේ ඉලක්කයක් සකසාගෙන ඇති බව ද ඔහු අවධාරණය කරයි. මෙම සමූහයේ අත්දැකීම් භාවිත කරමින්, ප්රජාව, වෙළඳාම සහ යටිතල පහසුකම් වෙනුවෙන් ක්රියාත්මක කරන තිරසාර ක්රියාමාර්ග හරහා ශ්රී ලංකාවේ එම ඉලක්කයට දායක වීමට පියවර ගනිමින් සිටින බව ප්රකාශ කළ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “ජනතාවට එය දැකබලා ගැනීමට, ඉගෙන ගැනීමට සහ දිගුකාලීන යහපත් වෙනසක් ඇති කිරිමට හැකි වන පරිදි සරල හා අර්ථවත් ලෙස මෙම පරිශ්රය නිර්මාණය කර තිබෙන බවයි.”


