
ආකර්ෂණීය සංචාරක කලාපයක ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරයි
ශ්රී ලංකාවේ දේශීය කර්මාන්තකරණය සහ ආර්ථික වර්ධනය, ඒ ඒ ප්රදේශයන්හි ස්වාභාවික විවිධත්වයන් හා මානව හැකියාවන් සමඟ ඉදිරියට ගෙන යා හැකි නම් එය ඒ ප්රදේශයේ පදිංචිකරුවන්ගේත්, පරිසරයේත් භාග්යයකි. එසේම එය එම ප්රදේශයේ මෙන්ම මානව සම්පකේහි වර්ධනයට එක් කරනුයේ ඉමහත් ශක්තියකි. අද වන විට එම ශක්තිය අම්පාර ප්රදේශය පුරා ජනතාවටත්, පරිසර පද්ධතියටත් උරුම කර දෙමින් දේශීය ආර්ථිකයේ ප්රමුඛ සාධකයක් වන්නට ගල්ඔය සීනි කර්මාන්තශාලාවට හැකි වී ඇත්තේ එහෙයිනි. පරිසර සංරක්ෂණය සහ කර්මාන්ත සංවර්ධනයත්. මානව සංවර්ධනයත් ඉදිරියට ගෙන යා හැකි බව මේ තුලින් මනාව සනිටුහන් කිරීමට ගල්ඔය ප්ලාන්ටේශන් ආයතනයට හැකි වී ඇත.
ශ්රී ලංකාවේ නැගෙනහිර පළාත යනු මානව ක්රියාකාරකම් බහුල නොවූ සුරක්ෂිත පරිසර පද්ධතියකට උරුමකම් කියන වටිනා ප්රදේශයකි. ප්රධාන වශයෙන් ගොවිතැන මූලික කරගත් ජීවනෝපායන් සහිත මානව සමාජයක් ජීවත් වන නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්රික්කය වඩාත් ප්රසිද්ධ වී ඇත්තේ ගල්ඔය ව්යාපාරය නිසාය. ගල්ඔය ව්යාපාරය යනු ගොවිතැන වෙනුවෙන් නිර්මාණය කළ ව්යාපෘතියයි. එහි අතුරු ඵලයන් ලෙස සංචාරක ව්යාපාරය, මිරිදිය ධීවර කර්මාන්තය සඳහන් කළ හැකිය.
1949 වසරේදී මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ලෙස නිර්මාණය කළ සේනානායක සමුද්රය ගල්ඔය නිම්නයේ ගොවිතැන සංවර්ධනයේ ප්රමුඛ සාධකය විය. වම් ඉවුර වී වගාවටත්, දකුණු ඉවුර උක් වගාවටත් වෙන් කරමින් ක්රමවත් කෘෂිකාර්මික ආකෘතියක් යටතේ ගොවි ජනතාවට මඟ පෙන්වූ ගල්ඔය ව්යාපාරය එම වගාවන් තුලින් ඔවුන්ගේ ආර්ථිකය සරු කර ගැනීම සඳහා නිරන්තරයෙන් සහයෝගය දැක්වීය.
එපමණකදු නොව හෙක්ටයාර 26,000ක් පුරා විහිදුණු ගල්ඔය ජාතික වන උද්යානය නිර්මාණය කරමින් දුර්ලභ ශාක වර්ගවලට මෙන්ම වන සතුන්ටද රිසි සේ සුරැකිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමටද සේනානායක සමුද්රවය හැකියාව උදා විය. අද වන විට ඉතා ජනප්රිය සංචාරක කලාපයක් නොවුනද, වටිනාකම අතින් ඉහළ සංචාරක කලාපයක් ලෙස නම් කළ හැකි ගල්ඔය ජාතික නව උද්යානය වන අලි ඇතුලු සිවුපාවුන් රැසක් දැකබලා ගත හැකි ආකර්ෂණීය වන පියසක් ලෙසද සඳහන් කළ හැකිය. සේනානයක සමුද්රය බෝට්ටු සවාරි වැනි දේට මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තයට සුවිසල් ඉඩකඩක් වෙන් කර දී ඇත්තේ ඊටම ආවේණික පිහිනන අලි, කුරුලු දූපත් වැනි දැ දැකබලා ගැනීමේ අවස්ථාවද උදා කරමිනි. මිරිදිය මත්ස්ය විශේෂ 32කට සහ නේවාසික මෙන්ම සංක්රමණික පක්ෂි විශේෂ 150කට අධික ප්රමාණයකට මෙම පරිසර පද්ධතිය රැකවරණය සපයයි. එනයින් ගල්ඔය කලාපය යනු සැබෑ සංචාරක කලාපයක් ලෙස නැවත නැවතත් පෙන්වා දීම වඩාත් සුදුසුය.

1997 වසරේදී සම්පූර්ණයෙන්ම වසා දමා විනාශ වී යාමේ අවදානමකට ලක්ව තිබූ ඓතිහාසික අම්පාර සීනි කර්මාන්තශාලාව රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා නැවත පණගැන්වීමට කටයුතු කර ඇත්තේ මේ ආර්ථිකයට තවත් ශක්තියක් වෙමිනි. ඒ තුලද ආර්ථික වර්ධනය හා ව්යාපාරකරණය සිදුවන්නේ පාරිසරික යහපැවැත්ම මූලික කරගනිමින් වීම විශේෂත්වයකි. ඒ නිසාම සෑම කර්මාන්ත මෙහෙයුමකදීම පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීමට ගල්ඔය සීනි කර්මාන්තශාලාව කටයුතු කර ඇත.
එහිදී සීනි නිෂ්පාදනයේදී ඉවතලන උක් රොඩු’ භාවිත කරමින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10 ක හරිත විදුලියක් එක් කිරීමට කටයුතු කර ඇති ඔවුන් කර්මාන්තශාලාවේ ඉතිරිවන අපද්රව්ය පිරිපහදු කර උසස් තත්ත්වයේ කාබනික පොහොර නිෂ්පාදනය කරමින් රසායනික පොහොර සඳහා සාර්ථක දේශීය විකල්පයක් ගොවීන්ට ලබා දීමටද කැපවී සිටියි.
එපමණක් නොව පිරිපහදු කළ අපජලය ස්වාභාවික පරිසරයට මුදා නොහැර නැවත වරක් උක් වගාවන් සඳහාම යොදා ගත හැකි අයුරින් සකස් කිරීමද මෙහිදී සිදු වේ.
අද වන විට අම්පාර දිස්ත්රික්කයේ ගොවි පවුල් 8,000කට අධික ප්රමාණයක් මෙම සීනි නිෂ්පාදන ක්රියාවලිය සමඟ සෘජුවම සම්බන්ධ වී සිටින්නේ සමාගමේ සමීපතම ව්යාපාරික හවුල්කරුවන් ලෙසය. ඔවුන්ගේ සියලු අවශ්යතා වෙනුවෙන් පෙනී සිටිමින් සෑම විටම ගොවියාට ශක්තියක් වන්නට ගල්ඔය සීනි කර්මාන්තශාලාව පියවර ගෙන ඇත්තේ ගොවි ජනතාව තුල තමන් කෙරෙහි සැබෑ විශ්වාසයක් ගොඩනගමිනි.
කලාපයේ වාරි ඇලවේලි ප්රසංස්කරණය සහ ග්රාමීය මාර්ග සංවර්ධනය සඳහා ගොවීන් වෙත සෘජු තාක්ෂණික හා මූල්ය සහාය හිමිකරදෙන ගල්ඔය ප්ලාන්ටේශන් වනජීවී කලාපය ආශ්රිත ජනතාව මුහුණ දෙන වගා හානිය අවම කරගැනීම සඳහා ස්ථාවර තාක්ෂණික විසඳුම් ක්රියාවට නැංවීමටද මැදිහත් වී ඇත. එසේම කලාපය තුළ දිනකට උක් මෙටි්රක් ටොන් 4,000ක් දක්වා ඇඹරීමේ සහ සැකසීමේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කර ඇති අතර, එමඟින් දේශීය සීනි අවශ්යතාවය සපුරාලීමට සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට විශාල දායකත්වයක් සපයයි.


