
2026 සැප්තැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සෑම මගියෙකුටම අසුන් පටි පැළඳීම නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇත්තේ, මාර්ග ආරක්ෂාව තේරීමක් නොව අත්‍යවශ්‍ය වගකීමක් බවට පත් කරමිනි. මෙම නව රෙගුලාසිය වඩාත් ආරක්ෂිත ගමනාගමනයක් උදෙසා තැබූ වැදගත් පියවරක් වන අතරම, වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පවුල් සඳහා මෙය යම් ප්‍රායෝගික අභියෝගයක් ද එල්ල කරයි. මීට මනා විසඳුමක් ලබා දෙමින් Mitsubishi 7-seater රථ පෙළෙහි සෑම ආසනයකටම විශේෂිත වූ three-point ELR ආසන පටි සවි කර තිබේ.
Mitsubishi Xpander, Mitsubishi Xpander Cross සහ Mitsubishi Destinator යන මාදිලි, ආරක්ෂාව සහ පහසුව සහතික කරමින් ශ්‍රී ලාංකික පවුල් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද 7-seater MUV සහ SUV රථ වේ.
සීමිත මගී ආරක්ෂාවක් සහිතව අවශ්‍යතාවය අනුව පමණක් භාවිත කළ හැකි තෙවන පේළියේ ආසන සහිත වෙනත් වාහන මෙන් නොව, මෙම Mitsubishi මාදිලි ත්‍රිත්වයෙහිම තනි තනිව භාවිත කළ හැකි ආසන හතක් ඇතුළත් අතර, සෑම ආසනයකටම සුවිශේෂී වූ three-point ELR ආසන පටිය බැගින් සවි කර ඇත. එමඟින් නව අධිවේගී මාර්ග රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් සෑම මගියෙකුගේම සුරක්ෂිතභාවය තහවුරු කරයි.
Mitsubishi ආසන 7 රථ පෙළ පුළුල් අභ්‍යන්තර ඉඩකඩ සහ එදිනෙදා භාවිතයේ ප්‍රායෝගිකත්වය එකට එක් කර ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පවුල් සඳහා මනා ලෙස ගැලපේ. පහසුවෙන් විවෘත කළ හැකි පළල් පැති දොරටු සහ one-touch tumble-fold දෙවන පේළියේ ආසන මඟින් තෙවන පේළියට ප්‍රවේශ වීම ඉතා පහසු කරවන අතර, පුළුල් කැබින් ඉඩකඩ මගීන් හත්දෙනෙකුට ඉතා සුවපහසුවෙන් අසුන් ගැනීමට ඉඩ සලසයි. අමතර ගමන් මලු තැබීමට ඉඩකඩ අවශ්‍ය වන අවස්ථාවලදී දෙවන සහ තෙවන පේළිවල ආසන සම්පූර්ණයෙන්ම සමතලා වන සේ නමා ගත හැකි බැවින් පවුලේ විනෝද ගමන්, ව්‍යාපාරික චාරිකා හෝ එදිනෙදා කටයුතු සඳහා භාවිත කළ හැකි ගමන් මලු තැබිය හැකි ඉඩකඩක් නිර්මාණය වේ.
Mitsubishi හි ඉංජිනේරු නිපැයුම්වල ප්‍රධානතම පදනම වන්නේ පාරිභෝගික ආරක්ෂාවයි. ජාත්‍යන්තරව ප්‍රකට RISE (Reinforced Impact Safety Evolution) බඳ සැකිල්ල මත පදනම්ව නිපදවා ඇති මෙම වාහන, ABS සමඟ EBD, Active Stability Control, Traction Control, Hill Start Assist, පසුපස කැමරාව සහ parking sensors, ISOFIX ළමා ආසන රඳවන, මෙන්ම තෝරාගත් මාදිලිවල පැති සහ curtain airbags ඇතුළු උසස් ආරක්ෂිත තාක්ෂණයන්ගෙන් සමන්විත වේ. මිලිමීටර 225 දක්වා උස්, ground clearance පහසුකම ද සහිතව මෙම 7-seater SUV රථ ශ්‍රී ලංකාවේ විවිධාකාර වූ මාර්ග තත්ත්වයන් හමුවේ උසස් විශ්වාසයක් සහ ස්ථාවරත්වයක් ලබා දීමට සැලසුම් කර ඇත.
හයිඩ් පාර්ක් කෝනර්,Lipton, නුගේගොඩ, කුරුණෑගල, රත්නපුර, මහනුවර සහ මාතර පිහිටි United Motors Lanka PLC දිවයින පුරා විහිදුණු ප්‍රදර්ශනාගාර සහ පුළුල් පාරිභෝගික සේවා ජාලය හරහා ලබා ගත හැකි Mitsubishi Xpander, Xpander Cross සහ Destinator යන රථ පෙළ, ජපන් විශ්වාසනීයත්වය, ආරක්ෂාව සහ උසස් තත්ත්වය ශ්‍රී ලාංකික රථවාහන පාරිභෝගිකයන් වෙත නිරන්තරයෙන් තිළිණ කරයි. පරීක්ෂණ ධාවනයක් (Test Drive) වෙන්කරවා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු දැනගැනීමට පාරිභෝගිකයන්ට www.unitedmotors.lk වෙබ් අඩවියට පිවිසිය හැකි අතර, 011 756 5111 / 011 756 5104 / 011 756 5173 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.


