කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ දී නිමාවට පත් වූ Mosvold Sixes 2026 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව Travel Trends Leisure කණ්ඩායමට

Mosvold Sixes 2026 තරගාවලිය පසුගියදා කොළඹ මැලේ ක්‍රිකට් සමාජ පරිශ්‍රයේ දී අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය. එහිදී පසුගිය වසරේ ශූරයන් වූ Connaissance De Ceylan Sri Lanka කණ්ඩායම පරාජය කරමින්, ඉතා තියුණු තරගයකින් පසුව Travel Trends Leisure කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරගයේ අනුශූරතාවය දිනාගන්නා ලද්දේ  Connaissance De Ceylan Sri Lanka කණ්ඩායම විසිනි. Transco Travels කණ්ඩායම තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.  Mosvold Sri Lanka ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා ගමනාන්ත කළමනාකරණ සමාගම් (DMCs) 23 ක් සහභාගී විය.

උදෑසන 8.00ට සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන් සිළු දැල්වීමෙන් අනතුරුව ආරම්භ වූ මෙම තරගාවලිය සවස් කාලය දක්වා පැවැත්විය. ජයග්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීමේ උත්සවයෙන් අනතුරුව තරගාවලිය සාර්ථකව අවසන් විය.

මෙම තරගයේ ශූරතාව හිමිකරගත් කණ්ඩායමට 2026 මොස්වෝල්ඩ් මාර්ටිනස් අභියෝගතා කුසලානය පිරිනැමීම Mosvold Boutique Hotels හි සම-නිර්මාතෘ  සහ කළමනාකාර අධ්‍යක්ෂ නිලංක මාර්ටිනස් මහතා  මහතා අතින් සිදුකෙරුණි. අනුශූරතාව හිමිකරගත් Connaissance De Ceylan Sri Lanka කණ්ඩායමට හිමි සම්මානය පිරිනමනු ලැබුවේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් මහතා විසිනි.

මෙහිදී දවස පුරා රසවත් ආහාර සහ බියර් වැනි ප්‍රණීත පාන වර්ග ලබා ගැනීමේ පහසුකම් සපයා තිබූ අතර අවසන් මහා තරගයෙන් පසු, ක්‍රීඩකයින් සහ සහභාගී වන සියලු දෙනා වෙනුවෙන් සජීවී සංගීතය සහ After Party සාදයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණී.

මෙවර  තරගාවලිය සඳහා ගමනාන්ත කළමනාකරණ සමාගම් 23 ක් සහභාගි විය. ඒවා නම්, This year’s twenty-three competing DMCs were Tangerine Tours, Sri Lanka Tailormade, Olanka Travels, Antiquity Sri Lanka, Travel Trends Leisure, House of Travels & Tourism, NKAR Travels & Tours, Jetwing Travels, Walkers Tours, Connaissance De Ceylan Sri Lanka, Delux Holidays, Ceylon Roots, Spiceland Holidays, Infinity Vacations, Tropiculture, Serene Travels, Authenticities, Red Apple Travel & Holidays Lanka, DTH Travel Lanka, Hayleys Travels, We stay Ceylon, Transco Travels සහ Ceylon Tours.

මෙහි දී අදහස් දක්වමින් Mosvold Boutique Hotels  හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ නිලංක මාටිනස්  මහතා ප්‍රකාශ කර සිටියේ DMC සමාගම් 23 ක සහභාගීත්වයෙන් මොස්වෝල්ඩ් සික්සස් තරගාවලියේ දෙවන අදියර සඳහා නැවතත් සියලු දෙනාවම එකතු කරගැනීමට ලැබීම සතුටක් බවයි. පසුගිය වසර පුරා අපගේ පාර්ශවකරුවන් දැක්වූ සහයෝගයට කෘතඥතාව පළකිරීමටත්, ඉදිරි වසර සඳහා වන ආරම්භය සලකුණු කිරීමට අපට ලැබුණු හොඳම අවස්ථාව මෙය බවත්, ඉදිරියේදී මෙය මීටත් වඩා විශාල ලෙස සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටී.  විශේෂයෙන්ම සිය කණ්ඩායම වෙත ස්තුතිය පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද ක්‍රීඩාංගණයේ සිදුවූ සෑම කතාබහක්, සම්බන්ධතාවයක් සහ සෑම මොහොතක්ම ඔවුන්ගේ කැපවීමේ හා මහන්සියේ ප්‍රතිඵලයක් බවයි.

Mosvold Sixes තරගාවලියේ දෙවන අදියර සඳහා සියලු දෙනා නැවත එක්කර ගැනීමට හැකිවීම පිළිබඳව Mosvold Sri Lanka ආයතනය සිය සතුට පළ කළ  අතර, ලබන වසරේ දී මෙම තරගාවලිය සඳහා තවත් DMC සමාගම් රැසක් එක්වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කෙරේ.

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව