
2026 ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ Digital Agenda and Artificial Intelligence to redesign tourism යන්නයි. එනම් සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය යොදා ගැනීමයි. ඉන් කියැවෙන්නේ අද වන විට පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධකයන් අභිබවා යමින් ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය වී ඇති බවයි. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka විසින් සිය අමුත්තන් වෙත නවමු සංචාරක අත්දැකීමක් හිමි කර දීමට කටයුතු කර ඇත්තේ කොළඹ නගරය අසමසම සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට කටයුතු කරමිනි.
මේ තුලින් සංචාරකයින් කොළඹ නගරයට ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති City of Dreams Sri Lanka ඒ හරහා සමස්ත ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීමටද සූදානම් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති හා දේපොල සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා සඳහන් කර සිටියේ “සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් පරිණාමය වෙමින් පවතිනවා, ඒ නිසා සංචාරක ගමනාන්තයන්ද ඊට සමගාමීව වෙනස් විය යුතුයි. මෙහිදී කොළඹ නගරයට තවත් එක් සංචාරක හෝටල් සේවාවක් එකතු කිරීමට වඩා සංචාරකයන් කොළඹ නගරය විඳගන්නා ආකාරය සම්පූර්ණයෙන් වෙනසකට ලක් කිරීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා. මෙවැනි අංගසම්පූර්ණ ඒකාබද්ධ නිකේතනය මඟින් විවිධ සංචාරක අත්දැකීම්, විවිධ පාරිභෝගික කණ්ඩායම්, ව්‍යාපාර සහ දක්ෂ වෘත්තිකයන් සියල්ලන්ම එකම ස්ථානයකට ගෙන එනු ලබනවා. එමඟින් සංචාරකයාගේ අවශ්‍යතා මෙන්ම එම ගමනාන්තයේ වටිනාකමද අඛණ්ඩව ඉහළ නැංවිය හැකි සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් ස්වයංක්‍රීයවම ගොඩනැඟෙන බව සඳහන් කළ හැකියි.” යනුවෙනි.
අතිනවීන තාක්ෂණය, ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම් පද්ධති සහ ලොව සුප්‍රසිද්ධ NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය සහ Cinnamon Life සමඟින් අමුත්තන්ගේ අත්දැකීම් මෙන්ම මෙරට සමස්ත සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට City of Dreams Sri Lanka පියවර ගෙන ඇත. දියුණු තාක්ෂණික සේවාවන් හරහා සංචාරකයන්ට ඉතාමත් පහසු, කඩිනම් සහ ඔවුන්ගේ රුචිකත්වයන්ට අනුව සකස් කරන ලද සුවිශේෂී අත්දැකීමක් මෙහිදී හිමි කර ගැනීමේ අවස්ථාව උදා වේ. එමෙන්ම අතිනවීන ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණයන් සහ මනා ඉඩකඩ සහිත යටිතල පහසුකම්වලින් සමන්විත මෙම පරිශ්‍රය හරහා, ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යාපාරික රැස්වීම්, ජාත්‍යන්තර සංගම්, සංස්කෘතික ප්‍රසංග සහ ජාත්‍යන්තර මහා සමුළු පැවැත්වීමේ පහසුකම්ද අවශ්‍යතාව අනුව සලසා ගත හැකිය.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයෙන් යුත් දේශීය නිෂ්පාදන සහ අත්දැකීම්, ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ප්‍රමිතීන්ගෙන් යුත් සංචාරක සේවා සහ එදිනෙදා අවශ්‍ය නිෂ්පාදන එකම වහලක් යටදී සපුරා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති City of Dreams Sri Lanka නිරන්තරයෙන් අමුත්තන්ගේ සුවපහසුව වෙනුවෙන් කැපවී සිටියි. මෙහි පිහිටි The Shoppes at City of Dreams Sri Lanka සුඛෝපභෝගී සාප්පු සංකීර්ණය හරහා, මෙරට පවතින ඉහළම පෙළේ දේශීය විලාසිතා, වටිනා මැණික් හා ස්වර්ණාභරණ, ස්වභාවික සුවතා නිෂ්පාදන සහ සුවිශේෂී දේශීය ආහාර සන්නාමයන් මිලදී ගැනීමට අවකාශ උදා කර දී ඇත.
පාරිභෝගික අත්දැකීම්වලින් ඔබ්බට යමින්, මෙම ව්‍යාපෘතියේ පසුබිම තුළ සිදුවන දැනුම සහ දක්ෂතාවයන් හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියද මෙහිදී ඉතා වැදගත් වේ. දේශීය වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංචාරක සේවා විශේෂඥයන් එක් කිරීම හරහා පුහුණු කුසලතා වර්ධනය කරගැනීමටත්, ගෝලීය ප්‍රමිතීන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමටත්, ශ්‍රී ලාංකේය සමස්ත සංචාරක ක්ෂේත්‍රය පුරා දැනුම ව්‍යාප්ත කිරීමටත් මේ තුලින් අවස්ථාව උදා වේ.
ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය නව මානයන් වෙත ගෙන යමින් විවිධාගීකරණ සේවාවක් බවට පත් කිරීමට කැපවන මෙවන් කාලයකදී තම සේවාවන් හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රයට සැබෑ වෙනසක් උරුම කර දීමට City of Dreams Sri Lanka කටයුතු කරනු ඇත.



