
Mosvold Sixes ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර 2026 ඔක්තෝබර් 04 වන ඉරිදා දින කොළඹ මැලේ ක්‍රිකට් සමාජ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. Mosvold Villa Ahangama සහ Sundara by Mosvold Balapitiya යන නිකේතන හිමි මොස්වෝල්ඩ් ශ්‍රී ලංකා සමාගම සහ මොස්වෝල්ඩ් මාටිනස් පදනම (MMF) හා එක්ව මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලබයි. සංචාරක ක්ෂේත්රයේ කාර්යබහුලම කාලපරිච්ඡේදය ආරම්භ වීමට ප්‍රථම තරගකාරීත්වය හා සුහදත්වය සමඟ සබඳතා ගොඩනගමින් සිදු කරනු ලබන මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා ගමනාන්ත කළමනාකරණ සමාගම් (DMC) 20ක් එක්වීමට නියමිතයි.
පෙ.ව. 8:30 සිට ප.ව. 10:00 දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය අතරතුර දවස පුරා රසවත් ආහාර සහ බියර් වැනි ප්‍රණීත පාන වර්ග ලබා ගැනීමේ පහසුකම් සපයා ඇති අතර අවසන් මහා තරගයෙන් පසු, ක්‍රීඩකයින් සහ සහභාගී වන සියලු දෙනා වෙනුවෙන් සජීවී සංගීතය සහ After Party සාදයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දෙවන වරටත් පැවැත්වෙන ‘Mosvold Sixes’ තරගාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ, ඉදිරි කාර්යබහුල සංචාරක සමයට පෙර සංචාරක ක්ෂේත්රයේ සියලු හවුල්කරුවන් එකමුතු කිරීමයි. මෙහිදී සංචාරක නියෝජිතයන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ ක්ෂේත්රයේ අනෙකුත් පිරිස්වලට එකිනෙකා හමුවී සබඳතා ගොඩනගා ගැනීමට, ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට මෙන්ම ඉදිරි කාර්යබහුල සමයට පෙර විවේකීව සතුටු වීමට ද අවස්ථාව සැලසෙනු ඇත. මෙම තරගාවලිය ඉදිරියේදී විදේශීය සංචාරක නියෝජිතයන් දක්වාත් ව්‍යාප්ත කිරීම තම දිගුකාලීන අරමුණ බව මොස්වෝල්ඩ් ශ්‍රී ලංකා ආයතනය පවසයි. එමගින් ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්රයේ සක්‍රීය භාවය, එකමුතුකම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව විදේශීය පාර්ශ්වකරුවන්ට සෘජු අත්දැකීමක් ලබාදීමට අපේක්ෂා කරනු ඇත.
මෙම තරගාවලියේ ජයග්‍රාහී අභියෝගතා කුසලානය ‘මොස්වෝල්ඩ් මාටිනස් පදනම (MMF)‘ නමින් නම් කර ඇත්තේ සුවිශේෂී සමාජ මෙහෙවරක් සංකේතවත් කරමිනි. සමාජ සත්කාරය මෙම තරගාවලියේ ප්රමුඛ තේමාව වන අතර, එම පදනමේ මෙහෙවර අධ්‍යාපනය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ප්‍රජා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ විහිදී යයි.
මෙවර තරගාවලිය සඳහා ගමනාන්ත කළමනාකරණ සමාගම් (DMC) 20ක් තරග බිමට පිවිසීමට සූදානම්ව සිටියි. ඒවා නම්,Tangerine Tours, Sri Lanka Tailormade, Olanka Travels, Antiquity Sri Lanka, Travel Trends Leisure, House of Travels & Tourism, NKAR Travels & Tours, Jetwing Travels, Walkers Tours, Connaissance de Ceylan, Delux Holidays, Ceylon Roots, Spiceland Holidays, Infinity Vacations, Tropiculture, Serene Travels, Authenticities, Red Apple Travel & Holidays Lanka, DTH Travel Lanka සහ Ceylon Tours.
මේ පිළිබඳව අදහස් දක්වමින් Mosvold Sri Lanka හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ නිලංක මාටිනස් මහතා ප්‍රකාශ කළේ Mosvold Sixes යනු අපගේ කණ්ඩායම් හැඟීම සහ සහයෝගීත්වය සමඟින් නව සංචාරක සමය ආරම්භ කරන සුවිශේෂී ක්රමවේදයයි. ඒ හරහා සමස්ත සංචාරක ක්ෂේත්රයම එකම ක්‍රීඩාංගණයකට එක්කර, උද්යෝගයෙන් තරග කිරීමටත්, එකිනෙකා සමඟ සතුටින් කාලය ගත කිරීමටත්, අප මෙම ක්ෂේත්රයේ නියැලෙන්නේ ඇයිද යන්න වග නැවත සිහිපත් කර ගැනීමටත් අවස්ථාවක් නිර්මාණය කරන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ මෙම කුසලානය Mosvold Martinez Foundation නමින් නම් කිරීම තුළින් එම අරමුණ තවදුරටත් තහවුරු වන බවයි . එමෙන්ම අප විශ්වාස කරන්නේ සාර්ථකත්වයට සැබෑ අරුතක් හිමිවන්නේ එය අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට, කාන්තාවන් සවිබල ගැන්වීමට සහ අප අවට ප්රජාවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට බෙදාහදා ගන්නා විට පමණක් බවත් ඉදිරියේ දී අපගේ විදේශීය සංචාරක හවුල්කරුවන්ටත් මෙම ක්‍රීඩාංගණයේදී අප සමඟ එක්වී Mosvold Sixes හි උද්යෝගය අත්විඳීමට හැකි වන දිනය අපි මහත් අපේක්ෂාවෙන් බලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වසරේ පැවැති පළමු තරගාවලියේ ජයග්‍රාහකයන් වූ ‘Connaissance de Ceylan’ කණ්ඩායම ද මෙවර සිය ශූරතා කිරුළ රැකගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙයි.


