අමානා බැංකුව 2027 වසරේ හජ් වන්දනාකරුවන්ගේ බැංකු සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා නිල බැංකුව ලෙස  යළි තෝරාගැනේ

Capture

2026 වසරේ හජ් වන්දනාකරුවන් සඳහා සාර්ථක ලෙස බැංකු සේවා පහසුකම් සැලසීමෙන් අනතුරුව, 2027 වසරේදීද හජ් වන්දනාව සඳහා බැංකු සේවා සැපයීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අමානා බැංකුව තෝරාගෙන තිබේ.

තරගකාරී තෝරාගැනීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සපයන්නන් සහ වන්දනාකරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන්ට අනුකූලව සුරක්ෂිත, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් බැංකු සේවාවන් සැපයීම සඳහා අමානා බැංකුව සතු හැකියාව මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.




මෙම වැඩසටහන යටතේ, හජ් වන්දනාව සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ හජ් ගිණුම් (Special Hajj Accounts) විවෘත කිරීමේ සහ කළමනාකරණය කිරීමේ පහසුකම් අමානා බැංකුව මඟින් සලසනු ලබයි. ඒ අනුව සෞදි අරාබියේ හජ් සහ උම්රා අමාත්‍යාංශය මඟින් නියම කර ඇති කාලසීමාවන් තුළ අනිවාර්ය හජ් ගෙවීම් සිදුකිරීමට මෙමගින් වන්දනාකරුවන්ට හැකියාව ලැබේ. මෙම විශේෂ හජ් ගිණුම, හජ් වන්දනා කටයුතු කළමනාකරණය කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් වන අතර, එහි අරමුණ වන්නේ හජ් වන්දනා කටයුතු සම්බන්ධ පාලනය, විනිවිදභාවය, සාධාරණත්වය සහ වගකීම්සහගත බව තවදුරටත් ශක්තිමත් කිරීමය. හජ් වන්දනාව සඳහා තෝරාගනු ලබන වන්දනාකරුවන්ට ආරක්ෂිත එස්ක්‍රෝ (escrow) ක්‍රමවේදයක් හරහා, වන්දනා ගමනට අදාළව තමන් ගෙවිය යුතු අත්තිකාරම් මුදල පහසුවෙන් ගෙවීමට මෙම ගිණුම මගින් හැකියාව ලැබෙන අතර, එමඟින් සමස්ත ක්‍රියාවලියෙහි විනිවිදභාවය සහ වගවීම සහතික කෙරේ. තවද වන්දනාකරුවන්ට ඉහළ ලාභ බෙදාගැනීමේ අනුපාතයක්ද හිමි වන අතර, ඔවුන් ගෙවීම සිදු කළ අවස්ථාවේ සිට වන්දනා ගමන සිදුකරන තෙක් ගත වන කාලය තුළ ආකර්ෂණීය ප්‍රතිලාභ උපයා ගැනීමටද එමඟින් අවස්ථාව හිමි වේ.

හජ් වන්දනා අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, වන්දනාකරුවන් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ රැසක්ද අමානා බැංකුව මඟින් හඳුන්වා දී ඇත. වන්දනා ගමනකට සුදුසු සංචාරක උපාංග ලබා දීම, සෞදි රියාල් මිලදී ගැනීමේදී වඩාත් හොඳ විනිමය අනුපාත පිරිනැමීම සහ සෞදි අරාබි රාජ්‍යයේ ගතකරන කාලසීමාව තුළ ඩෙබිට් කාඩ්පත් මඟින් සිදුකරන වියදම් සඳහා 10% ක Cashback දීමනාවක් ලබාදීම ආදිය ඒ අතරට ඇතුළත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය:

“හජ් වන්දනාව සඳහා බැංකු සේවා හවුල්කරු ලෙස යළිත් වරක් අමානා බැංකුව කෙරෙහි විශ්වාසය තැබීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කිරීම අපට මහත් ගෞරවයක්. ඉහළම මට්ටමේ පාලනයක් සහ විනිවිදභාවයක් පවත්වා ගනිමින්, සුරක්ෂිත සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සැපයීමට අප සෑම විටම කැප වී සිටිනවා. මේ සඳහා අප ආභාසය ලබන්නේ මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක විශිෂ්ටතම ජාත්‍යන්තර ක්‍රමවේදයන් තුළිනුයි. අපගේ ආයතනික කොටස් හිමියන් හරහා එම දැනුම සහ අත්දැකීම් භාවිතා කිරීමට අපට හැකි වී තිබෙනවා.”

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්වාධීන හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලර් මහතා මෙසේ පැවසීය:

“තරගකාරී තෝරාගැනීම් ක්‍රියාවලියකින් අනතුරුව, යළිත් වරක් හජ් වන්දනාව සඳහා බැංකු සේවාවන් සපයන නිල බැංකුව ලෙස අමානා බැංකුව තෝරාගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. හජ් වන්දනාව සම්බන්ධ මූල්‍ය ගනුදෙනු කළමනාකරණ ක්‍රියාවලියේ පාලනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා දෙපාර්තමේන්තුව දරන උත්සාහයට සහය වීමේදී අමානා බැංකුව ඉහළ මට්ටමේ වෘත්තීයභාවයක්, කාර්යක්ෂමතාවක් සහ කැපවීමක් පෙන්නුම් කර තිබෙනවා. මෙම අඛණ්ඩ හවුල්කාරීත්වය ඔස්සේ අනාගත වන්දනාකරුවන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් පිරිනමන අතරම, සුරක්ෂිත සහ මනා කළමනාකරණයකින් යුතු ගෙවීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබේවි.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව