
සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දියුණු කරන ප්‍රංශයේ විද්‍යාත්මක හා උසස් තාක්ෂණික සමාගමක් (deeptech) වන Syntetica වෙත ප්‍රමුඛ පෙළේ තාක්ෂණය සඳහා අයෝජනය කරනු ලබන ආයතන සහ ප්‍රකට ඇඟලුම් සන්නාමයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක පළමු පෙළ (Series A) ආයෝජනයක් හිමි වූ බව බව සමාගම නිවේදනය කර ඇත.
මෙම ආයෝජනය මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ රජය වෙනුවෙන් Bpifrance ආයතනය ක්‍රියාත්මක කරන Ecotechnologies 2 අරමුදල විසිනි. මේ සඳහා SWEN Capital Partners, lululemon, MAS Holdings සහ දැනටමත් මෙහි ආයෝජනය කර ඇති EQT Ventures දායක විය. එමෙන්ම Peugeot, Etam සහ Indorama Venture ෂබාදර්ප් ඪැබඑමරු හි ප්‍රධාන කොටස්කරුට අයත් ආයෝජන සමාගම් ද මීට එක්විය. මීට අමතරව, Bpifrance (ප්‍රංශ රජයේ මහජන ආයෝජන බැංකුව) සහ යුරෝපීය නවෝත්පාදන කවුන්සිලය (European Innovation Council) ඇතුළු මහජන ආයතනවල සහයෝගය ද මෙම අරමුදලට ලැබී තිබේ.
මිශ්‍ර රෙදිපිළි අපද්‍රව්‍යවල ඇති Nylon 6 සහ Nylon 6.6 යන වර්ග දෙකම එකම ක්‍රියාවලියක් යටතේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සුවිශේෂී තාක්ෂණයක් Syntetica සමාගම විසින් වැඩිදියුණු කර ඇත. භාවිතයෙන් පසු ඉවතලන නයිලෝන් විශාල පරිමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේදී මුහුණ දුන් ප්‍රධානතම තාක්ෂණික අභියෝගය වූයේ, මෙම විවිධ නයිලෝන් වර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන වෙන් කිරීමට සිදු වීමයි. Textile Exchange ආයතනයේ Materials Market Report අනුව, 2024 වසරේදී ලෝකයේ සමස්ත නයිලෝන් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 7ක් පමණ විය. කෙසේ වෙතත් නැවත නැවත භාවිත කළ හැකි අමුද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම ඉහළ ගියද, භාවිතයෙන් පසු ඉවතලන රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පවතින තාක්ෂණික අභියෝග හේතුවෙන්, සමස්ත නයිලෝන් වෙළෙඳපොළෙන් ප්‍රතිචක්‍රීයකරණය කළ නයිලෝන් සඳහා හිමිවන්නේ 2%ක් වැනි සුළු ප්‍රතිශතයකි. වර්තමානයේ නිවෙස්වලින් බැහැර කරන රෙදිපිළි අපද්‍රව්‍යවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් පුළුස්සා දැමීම, විවෘත ගොඩබිම්වලට බැහැර කිරීම හෝ පරිසරයට මුදා හැරීම සිදු කෙරේ. මින් මනාව පැහැදිලි වන්නේ සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍යවලින් වටිනා අමුද්‍රව්‍ය නැවත ලබාගත හැකි මෙවැනි තාක්ෂණයන්හි පවතින දැඩි අවශ්‍යතාවයයි.
Syntetica සමාගමේ මෙම තාක්ෂණය, ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය පුළුල් කිරීමට තිබූ ප්‍රධානතම අභියෝගයක් ජය ගැනීමට සමත්ව ඇති අතර, එමඟින් ඇඟළුම් කර්මාන්තයෙන් පිටවන නයිලෝන් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මඟ පාදයි. නැවත නැවත භාවිත කළ හැකි අමුද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, Syntetica සමාගම මේ වන විටත් Victoria’s Secret සහ Etam ඇතුළු ලොව ප්‍රකට සන්නාමයන් මෙන්ම තවත් ජාත්‍යන්තර ඇඟළුම් සමාගම් රැසක් සමඟ එක්ව කටයුතු කරමින් සිටී.
පර්යේෂණාගාර සාර්ථකත්වයේ සිට මහා පරිමාණ කාර්මික නිෂ්පාදනය දක්වා
මෙම ආයෝජනය ප්‍රංශයේ පිහිටි Syntetica සමාගමේ ප්‍රථම වාණිජ මට්ටමේ පරීක්ෂණ මධ්‍යස්ථානය සැලසුම් කිරීමට සහ ඉදිකිරීමට උපකාරී වනු ඇත. එමඟින්, මෙම තාක්ෂණය පර්යේෂණාගාර මට්ටමින් ඔබ්බට ගොස් වසරකට රෙදිපිළි අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් සිය ගණනක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි මහා පරිමාණ කාර්මික නිෂ්පාදනයක් දක්වා සංවර්ධනය කිරීමට ඉලක්ක කරයි. මෙම පරීක්ෂණ කර්මාන්තශාලාව Clermont-Ferrand හි පිහිටි Michelin සමාගමේ තිරසාර අමුද්‍රව්‍ය සඳහා වන මධ්‍යස්ථානය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
විවිධ සන්නාමයන්, නිෂ්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අපද්‍රව්‍ය අවම කිරීමට සහ අමුද්‍රව්‍ය සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමට නව ක්‍රමවේදයන් සොයමින් සිටින වටපිටාවක මෙම ආයෝජනය සිදු වීම විශේෂත්වයකි. කර්මාන්තශාලාවලින් ඉවතලන පිරිසිදු අපද්‍රව්‍ය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බොහෝ ප්‍රතිචක්‍රීයකරණ තාක්ෂණයන් මෙන් නොව, Syntetica සමාගමේ ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයින් භාවිතයෙන් පසු බැහැර කරන රෙදිපිළි සඳහාය. මෙම පාරිභෝගික අපද්‍රව්‍ය සමස්ත රෙදිපිළි අපද්‍රව්‍යවලින් 80%ක්ම වන බැවින්, එය ඇඟළුම් කර්මාන්තය තුළ මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති කදිම ප්‍රතිචක්‍රීයකරණ අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැකිය.
යුරෝපය තුළ උපායමාර්ගික අමුද්‍රව්‍ය යටිතල පහසුකම් ගොඩනැඟීම
මෙමඟින් යුරෝපය තුළ දැනටමත් පවතින අමුද්‍රව්‍ය කේන්ද්‍ර කරගනිමින් නව කාර්මික සැපයුම් දාමයන් ගොඩනැඟීමට Syntetica සමාගමට අවස්ථාව උදාවෙයි. එමඟින් පොසිල ඉන්ධන ඇසුරෙන් නිපදවන ආනයනික සම්පත් මත යැපීම අවම වන අතරම කලාපය පුරා නව නිෂ්පාදන යටිතල පහසුකම් දියුණු කිරීමටද ඉවහල් වෙයි. තවද සමාගමේ මූලික අවධානය නයිලෝන් කෙරෙහි යොමුව තිබුණද, කාලයත් සමඟ තම තාක්ෂණික පද්ධතිය වෙනත් අමුද්‍රව්‍ය සහ භාවිතයන් දක්වා ව්‍යාප්ත කිරීමට Syntetica සමාගම සැලසුම් කරයි. ඒ යටතේ රෙදිපිළි, මෝටර් රථ නිෂ්පාදන සහ සුවිශේෂී රසායනික ද්‍රව්‍ය යන ක්ෂේත්‍රයන් සඳහාද නව අවස්ථා උදාකර ගැනීමට අපේක්ෂා කෙරේ.
උපායමාර්ගික අමුද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කාර්මික හැකියාවන් නැංවීමට රජයන් දක්වන උනන්දුවත් සමඟ, Syntetica සමාගම සඳහා Bpifrance සහ යුරෝපීය නවෝත්පාදන කවුන්සිලය (European Innovation Council) ඇතුළු ප්‍රංශ සහ යුරෝපීය මහජන අරමුදල්වල සහයෝගය ලැබී ඇත.
Syntetica සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Marco Bertone මහතා ප්‍රකාශ කළේ “මීට පෙර කර්මාන්තය විසින් ප්‍රයෝජනයක් ගත නොහැකි යැයි ඉවතලා තිබූ අපද්‍රව්‍යවලින් පවා ඉහළ වටිනාකමකින් යුතු අමුද්‍රව්‍ය නැවත ලබාගත හැකි බව අප ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. මෙම ආයෝජනයේ සහායෙන් අපගේ සාර්ථක විද්‍යාත්මක සොයාගැනීම් කාර්මික මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට මඟ පාදනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.
“රෙදිපිළි ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම ප්‍රතිචක්‍රීයකරණ අභියෝගයකට සාර්ථක විසඳුම් ලබා දීමට Syntetica සමාගම සමත්ව තිබෙනවා. අපගේ ආයෝජන උපායමාර්ගවලට අනුකූල වෙමින්, ප්‍රංශය තුළ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් පුළුල් කරන සමාගමේ මීළඟ අදියර සඳහා සහයෝගය දැක්වීමට ලැබීම අපට සතුටක්.” Bpifrance Green Venture හි ආයෝජන අධ්‍යක්ෂ Alexandre Wagner මහතා පැවසීය.
MAS සමූහයේ නවෝත්පාදන අධ්‍යක්ෂ සිද් අමලියන් මහතා පැවසුවේ “ප්‍රතිචක්‍රීයකරණ තාක්ෂණයන් සාර්ථක කර ගැනීමට නම් ප්‍රසිද්ධ සන්නාමයන්ගේ කැපවීම, නිෂ්පාදන හවුල්කාරිත්වයන් මෙන්ම මහා පරිමාණ කාර්මික පළපුරුද්ද එකට එක්විය යුතු බවයි. එසේම Syntetica යනු එම සියලු සාධක සාර්ථකව සපුරාගත් සුවිශේෂී සමාගමක්. එබැවින් MAS සමූහය සතු ඇඟළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ පළපුරුද්ද උපරිම ලෙස භාවිත කරමින් Syntetica සමාගමේ තාක්ෂණය තවදුරටත් පුළුල් කිරීමට සහය වීමට ලැබීම අපට සතුටක් වන අතර මෙම ආයෝජනය සමස්ත ඇඟළුම් කර්මාන්තයේම ඉදිරි ගමන උදෙසා තැබූ උපායමාර්ගික පියවරක් බව අප විශ්වාස කරනවා.” යනුවෙනි.


