Diva Fresh ‘ගමින් ගමට’ වැඩසටහන, නව Stain Fighter තාක්ෂණය ජනතාව අතරට රැගෙන යයි

Image 5 (LBN)

Hemas Consumer Brands හි ප්‍රමුඛතම රෙදි සේදුම් නිෂ්පාදන සන්නාමය වන Diva Fresh, වැඩි දියුණු කළ Stain Fighter Technology, Perfume Booster සහ ඇඳුම්වල පිරිසිදු හා දීප්තිමත් පෙනුම රැක ගැනීමට උපකාරී වන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නවීකරණය කරන ලද Diva Fresh නිෂ්පාදනය පාරිභෝගිකයන් අතරට ගෙන යාම සඳහා ‘Diva Fresh Stain Fighters ගමින් ගමට’ නමින් විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර ඇත.

Diva Fresh හි සැබෑ ගුණාත්මකභාවය පාරිභෝගිකයන්ටම අත්විඳීමට අවස්ථාව ලබා දීම තුළින්, නිෂ්පාදනය පිළිබඳ ප්‍රකාශවලින් ඔබ්බට ගිය සංවාදයක් ඇති කිරීම සඳහා මෙම ප්‍රචාරක වැඩසටහන සැලසුම් කර ඇත. කමිස අත් සහ කරපටිවල තැවරෙන පැල්ලම්, දූවිලි, මඩ, කෝපි, තේ සහ සෝස් පැල්ලම් වැනි එදිනෙදා පැල්ලම් පහසුවෙන් ඉවත් කරන ආකාරය සජීවී නිරූපණයන්, විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා මඟින් පාරිභෝගිකයන් හමුවේ ඉදිරිපත් කෙරේ.



මේ පිළිබඳව අදහස් දක්වමින් Diva Fresh සන්නාම කළමනාකාර ප්‍රණීත් කොලොන්නගේ මහතා, “පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ තවත් එක පොරොන්දුවක් නෙමෙයි, තමන් මුහුණ දෙන එදිනෙදා පැල්ලම් සැබවින්ම ඉවත් කරන්න රෙදි සෝදන කුඩු වර්ගයකට පුළුවන්ද කියන දේ දැනගැනීමටයි. ඒ නිසයි අපි නව Diva Fresh සෘජුවම පාරිභෝගිකයන් ළඟටම අරන් යන්න තීරණය කළේ. පාරිභෝගික බලාපොරොත්තු ඉහළින්ම ඉටුකරමින්, නව Stain Fighter Technology එක මඟින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. Diva කියන්නේ වසර 20කට අධික කාලයක් ශ්‍රී ලාංකික නිවෙස්වල විශ්වාසය දිනූ සන්නාමයක්. පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙමින් අපි නිරන්තරයෙන් යාවත්කාලීන වන බවට මෙම නැවත හඳුන්වාදීම හොඳම සහතිකයක්,” යැයි පැවසීය.

නවීකරණය කරන ලද Diva Fresh හි අඩංගු Stain Fighter Technology මඟින් රෙදිපිළිවල පැල්ලම් අභ්‍යන්තරයටම ගමන් කර ඒවා කුඩා අංශු බවට පත් කරයි. එය ඇඳුම්වල ඇතිවන එදිනෙදා පැල්ලම් ඉක්මනින් හා පහසුවෙන් ඉවත් කිරීමට උපකාරී වේ. ‘Diva Fresh Stain Fighters ගමින් ගමට’ වැඩසටහන මඟින් පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදනයේ සැබෑ කාර්යක්ෂමතාව පරීක්ෂා කර බැලීමට අවස්ථාව හිමිවේ. එහිදී එම ස්ථානයේදීම සිදු කෙරෙන රෙදි සේදීමේ අත්දැකීමට එක්වීමට මෙන්ම, විවිධ පැහැදිලි කිරීම් සහ සක්‍රීය ක්‍රියාකාරකම්වලට සහභාගී වී තෑගි දිනා ගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා ඇත.

මාස 2ක කාලයක් මුළුල්ලේ දිවයිනේ නගර රැසක් ආවරණය කරමින් ක්‍රියාත්මක වූ මෙම ‘Diva Fresh Stain Fighters ගමින් ගමට’ වැඩසටහන මඟින්, පාරිභෝගිකයන් ජීවත් වන, රැකියා කරන ස්ථාන වෙතම Diva Fresh හි පැල්ලම් නාශක බලය ගෙන යාමට හැකි විය. දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ විශ්වාසය දිනූ සන්නාමයක් ලෙස, Diva Fresh හි මෙම නැවත හඳුන්වාදීම හුදෙක් ඇඳුම් පිරිසිදු කිරීමට පමණක් නොව, හිස් පොරොන්දු වෙනුවට ප්‍රායෝගික සාක්ෂි බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙනුවෙන් වූ සැබෑ කැපවීම මනාව පැහැදිලි කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව