සියවසක විශ්වාසය තහවුරු කරමින් DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට ලක්වෙයි

Capture

Brand Finance ආයතනය විසින් ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand එක ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම නම් කර තිබෙනවා. සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ දීර්ඝ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකිය.

දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය, පාරම්පරික උරුමය, උසස් තත්ත්වය සහ නවෝත්පාදනය මුසු කරමින් පරම්පරා ගණනාවක් පුරා ගොඩනඟන ලද DCSL සමාගමේ සන්නාම ශක්තිය මෙම සම්මානය හරහා මනාව පිළිඹිඹු වේ. 1913 වසරේදී ආරම්භ කරන ලද DCSL සමාගම, සාම්ප්‍රදායික නිෂ්පාදකයකුගේ සිට නිෂ්පාදන, වතු වගා, ඇසුරුම්කරණය, සැපයුම් ජාල (logistics) සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා ව්‍යාප්ත වූ බහුවිධ ව්‍යාපාර සමූහයක් බවට පරිවර්තනය වී ඇත.



තමන් සතු සාම්ප්‍රදායික වටිනාකම් රැකගනිමින්, කාලයට අනුව අනුගතවීමට දක්වන හැකියාව මෙම සමාගමේ සාර්ථකත්වයට හේතුවයි. නවීන නිෂ්පාදන පහසුකම්, තාක්ෂණය, නිෂ්පාදන සංවර්ධනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වෙනුවෙන් පියවර ගනිමින් DCSL සමාගම විශාල පරිවර්තනීය යුගයකට එක්විය. එම ආයෝජනයන් හේතුවෙන් වෙනස්වන පාරිභෝගික රුචිකත්වයන්ට සහ වෙළෙඳපොළ ප්‍රවණතාවලට සාර්ථකව මුහුණ දෙමින් සිය සන්නාමයන් තවදුරටත් බලගැන්වීමට සමාගමට හැකියාව ලැබිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DCSL PLC සමාගමේ විකුණුම් හා අලෙවිකරණ අධ්‍යක්ෂ කසුන් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, “මෙම ජයග්‍රහණය පරම්පරා ගණනාවක් පුරා අපගේ සන්නාමයන් කෙරෙහි පාරිභෝගිකයන් තැබූ විශ්වාසයේ මෙන්ම, අප සමාගම ගොඩනැඟුණු උසස් ප්‍රමිතීන් නොකඩවා පවත්වාගෙන යාමට අපගේ කාර්ය මණ්ඩලය දක්වන කැපවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, අපට පාරම්පරික උරුමය යනු අතීතය දෙස බැලීම පමණක් නොව, එමගින් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම, නවෝත්පාදනය සහ අනාගතය වෙනුවෙන් තක්සේරුවක් නිර්මාණය කිරීම බවයි.

DCSL සමාගමේ නවෝත්පාදන ප්‍රවේශය එහි නිෂ්පාදන පෙළ, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ පාරිභෝගික සබඳතා දක්වා විහිදී යයි. එලෙසම, සිය අපනයනය කිරීමේ හැකියාව තවදුරටත් පුළුල් කරමින් ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ චීනය වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල් වෙත ශ්‍රී ලාංකේය සන්නාම සාර්ථකව හඳුන්වා දීමට ද සමාගම සමත්ව සිටී.

සමාගම සිය නිෂ්පාදන ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපාරික අවස්ථාවන් ගවේෂණය කරන කාලවකවානුවක මෙම ඇගයීම හිමිවීම සුවිශේෂී වනවා. උසස් ප්‍රමිතිය, නවෝත්පාදනය, තිරසාරභාවය සහ වගකීම්සහගත ව්‍යාපාරික භාවිතයන් කෙරෙහි මූලික අවධානය යොමු කරමින්, අනාගත පරම්පරාවන්ට ද අදාළ වන පරිදි සන්නාම ගොඩනැඟීමට සමාගම කැපවී සිටී. එමෙන්ම සියවසකට අධික කාලයක් පුරා ගොඩනඟන ලද විශ්වාසය සුරකිමින්, වර්ධනය, නවෝත්පාදනය සහ වටිනාකම් නිර්මාණය කිරීමේ නව පරිච්ඡේදයක් වෙත පියනැඟීමට DCSL සමාගම සූදානමින් සිටී.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව