ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳ සහ මෝටර් රථ ක්ෂේත්‍රයන්හි පාරිභෝගික වර්ධනය වේගවත් කිරීම සඳහා John Keells Holdings PLC, Salesforce සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කරයි

2Q0A3544.JPG (LBN)
  • Keells සුපිරි වෙළඳසැල් ජාලය, ලක්ෂ 20කට අධික Keells Nexus පක්ෂපාතීත්ව වැඩසටහන් සාමාජිකයින් සඳහා පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම් ලබාදීම සඳහා Salesforce භාවිත කරයි
  • John Keells CG Auto, Salesforce භාවිත කරමින් පාරිභෝගික තොරතුරු ඒකාබද්ධ කිරීම, මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය සක්‍රීය කරයි



Salesforce (#1 Agentic CRM*) විසින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් පරිවර්තනය වේගවත් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන John Keells Holdings PLC (JKH) සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන බව අද නිවේදනය කළේය. මෙම පුළුල් කළ සහයෝගීතාවය තුළින් JKH හි ප්‍රධාන ව්‍යාපාරික අංශ දෙකක් වන Keells සුපිරි වෙළඳසැල් ජාලය සහ එහි මෝටර් රථ ව්‍යාපාරය වන John Keells CG Auto, සිය ඊළඟ වර්ධන අදියර කරා ගමන් කිරීමේදී වඩාත් සම්බන්ධිත, පුද්ගලීකරණය කළ සහ දත්ත මත පදනම් වූ පාරිභෝගික අත්දැකීම් ලබාදීමට කටයුතු කරනු ඇත.

Keells සුපිරි වෙළඳසැල්හි පුද්ගලීකරණය කළ පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම

Salesforce තාක්ෂණයෙන් බලගන්වන, ලක්ෂ 20කට අධික සාමාජිකයින් පිරිසකට සේවය සපයන ශ්‍රී ලංකාවේ වඩාත්ම පිළිගත් පක්ෂපාතීත්ව වැඩසටහන් අතරින් එකක් වන Keells Nexus, මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අංගයකි.

Keells Super ආයතනය Salesforce Loyalty Management, Data 360, Marketing Automation, MuleSoft සහ Agentforce Service භාවිත කරයි. පාරිභෝගික ගනුදෙනු, හැසිරීම්, මනාපයන් සහ අන්තර්ක්‍රියා එක් වේදිකාවක් මත ඒකාබද්ධ කිරීම තුළින්, පාරිභෝගික අවබෝධයන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත් කිරීමට Keells ආයතනයට හැකියාව ලැබේ. එමඟින් පාරිභෝගිකයන් සමඟ වඩාත් පුද්ගලීකරණය කළ අත්දැකීම් නිර්මාණය කරමින්, පාරිභෝගික පක්ෂපාතීත්වය ශක්තිමත් කිරීමට, සබඳතා වර්ධනය කිරීමට සහ පාරිභෝගික ගමන පුරා වැඩි වටිනාකමක් ලබාදීමට හැකියාව ලැබේ.

John Keells CG Auto හි මෝටර් රථ පාරිභෝගික ගමන සම්බන්ධ කිරීම

John Keells CG Auto යනු ශ්‍රී ලංකාවේ New Energy Vehicles භාවිතය වර්ධනය වන පසුබිමක, BYD මගී වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වේ.

එම ආයතනය Salesforce Automotive Cloud භාවිත කරමින් වාහන තොග කළමනාකරණයට සහාය වන අතර, අලෙවියට පෙර, අලෙවිය සහ හිමිකාරීත්වය හරහා අලෙවියෙන් පසු සේවා දක්වා පාරිභෝගික අන්තර්ක්‍රියා සමඟ එම තොරතුරු සම්බන්ධ කරයි.

පාරිභෝගික සහ වාහන දත්ත පිළිබඳ ඒකාබද්ධ දර්ශනයක් ලබාගැනීම තුළින්, වාහනයක් පිළිබඳ සොයාබැලීමේ සිට මිලදී ගැනීම, සේවා ලබාගැනීම සහ හිමිකාරීත්වය දක්වා වූ සෑම අදියරක්ම සම්බන්ධ කිරීමට John Keells CG Auto ආයතනයට හැකියාව ලැබේ. මෙම පදනම මඟින් වඩාත් සන්දර්භානුකූල සහ ස්ථාවර පාරිභෝගික අත්දැකීම් ලබාදීමට මෙන්ම, නව ස්ථාන, සේවා සහ premium කාණ්ඩ වෙත ව්‍යාප්ත වීමට සමාගමට සහාය වනු ඇත.

ප්‍රකාශයන්

රමේෂ් ෂන්මුගනාදන් මහතා, විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී, John Keells Holdings PLC, මෙසේ පැවසීය:

“John Keells හි අපි පාරිභෝගික අත්දැකීම් ආර්ථිකය (experience economy) තරගකාරීත්වය වෙනස් කරමින් ඉදිරියට යාම සඳහා වන මීළඟ සීමාව ලෙස දකිනවා. එය හුදෙක් ගනුදෙනුවලින් ඔබ්බට ගොස් සම්බන්ධිත, බුද්ධිමත් සහ වඩාත් පුද්ගලීකරණය කළ අත්දැකීම් නිර්මාණය කිරීම පිළිබඳවයි. Salesforce සමඟ අපගේ සහයෝගීතාවය දත්ත, AI සහ පාරිභෝගික සබඳතා එක් කරමින් අවබෝධයන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත් කිරීමට අපට හැකියාව ලබාදෙනවා. Keells Supermarkets සිට John Keells CG Auto දක්වා, සමස්ත සමූහය පුරා ව්‍යාප්ත කළ හැකි, එක් එක් ව්‍යාපාරයට සහ එහි පාරිභෝගිකයන්ට අදාළ වන ශක්තිමත් පදනමක් අපි ගොඩනඟමින් සිටිනවා. Agentic AI තාක්ෂණය වඩාත් පුළුල් ලෙස භාවිතයට පැමිණීමත් සමඟ, පාරිභෝගික සන්දර්භය තත්‍ය කාලීනව ක්‍රියාමාර්ග බවට පත් කරමින්, මහා පරිමාණයෙන් පුද්ගලීකරණය කළ අත්දැකීම් ලබාදීමට අපට අවස්ථාව ලැබෙනවා.”

ඕසඳ වර්ණකුලසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ තොරතුරු තාක්ෂණ ප්‍රධානීසිල්ලර වෙළඳ අංශය, John Keells Holdings PLC, මෙසේ පැවසීය:

“Keells Nexus සාමාජිකයින් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් සිටින පසුබිමක, පුද්ගලීකරණය කළ අත්දැකීම් අදාළ, කාලෝචිත සහ විශ්වාසදායක විය යුතුයි. පාරිභෝගික ගනුදෙනු, මනාපයන් සහ අන්තර්ක්‍රියාකාරී දත්ත එක්තැන් කිරීමට Salesforce අපට උපකාර කරන අතර, එමඟින් අපගේ පාරිභෝගිකයන් වඩාත් හොඳින් අවබෝධ කරගෙන සෑම අන්තර්ක්‍රියාවක්ම වඩාත් ප්‍රයෝජනවත් කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙය හුදෙක් ත්‍යාග ලබාදීමෙන් ඔබ්බට ගොස්, පාරිභෝගිකයන් සමඟ දිනපතා පවතින ගැඹුරු සබඳතා ගොඩනැඟීම සහ විවිධ නාලිකා හරහා වඩාත් ස්ථාවර අත්දැකීමක් ලබාදීම පිළිබඳවයි.”

මංකිරන් චවුහාන් මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂිකා – Salesforce India & Sri Lanka, මෙසේ පැවසීය:

“පාරිභෝගිකයින් ව්‍යාපාරයක් වෙන් වෙන් වූ පද්ධති හෝ කාර්යයන් ලෙස අත්විඳින්නේ නැහැ. ඔවුන් එය එක් අඛණ්ඩ සබඳතාවක් ලෙස අත්විඳිනවා. යමෙකු එදිනෙදා සිල්ලර භාණ්ඩ මිලදී ගත්තද, නැතහොත් වසර ගණනාවක වාහන හිමිකාරීත්ව අත්දැකීමක් ලබාගත්තද, ඔවුන්ගේ බලාපොරොත්තුව එකම දෙයයි: තමන්ව හඳුනාගැනීම, තමන්ගේ සන්දර්භය අවබෝධ කරගැනීම සහ සෑම අන්තර්ක්‍රියාවක්ම වඩාත් පහසු කිරීම. John Keells සමඟ අපගේ සහයෝගීතාවය මගින් පෙන්නුම් කරන්නේ පාරිභෝගික දත්ත රැස් කිරීමෙන් ඔබ්බට ගොස්, විශ්වාසදායක පාරිභෝගික බුද්ධිමය තොරතුරු අදාළ අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීමේ පුළුල් වෙනසයි. නූතන ව්‍යවසායන් දත්ත, CRM සහ AI එකම සම්බන්ධිත මෙහෙයුම් ආකෘතියක් ලෙස ඒකාබද්ධ කරමින් තිරසාර වර්ධනයක් ළඟා කරගන්නේ මෙලෙසයි.”

මෙම සහයෝගීතාවය මඟින්, ආයතනවල පවතින තාක්ෂණික පදනම් මත ගොඩනැඟෙමින්, දත්ත, AI සහ ස්වයංක්‍රීයකරණය භාවිතයෙන් වඩාත් සම්බන්ධිත, බුද්ධිමත් සහ පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාර ගොඩනඟමින් ඩිජිටල් පරිවර්තනයේ මීළඟ අදියර කරා ගමන් කළ හැකි ආකාරය පෙන්වා දෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව