සෙලින්කෝ ලයිෆ් නැවත වරක් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස තහවුරු වෙයි

ceylinco-life

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 2026 සඳහා ශ්‍රේණිගත කිරීමේදී සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස සිය ස්ථානය එලෙසම පවත්වාගෙන ඇත.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.7ක වටිනාකමක් සහ AAA සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. සන්නාම වටිනාකම අනුව   ‘ශ්‍රී ලංකා 100’ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතර සෙලින්කෝ ලයිෆ් 25 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ.



බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්හි වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල සෙලින්කෝ ලයිෆ් සන්නාමය අඛණ්ඩව දැක්වූ ශක්තිමත් කාර්යසාධනය තවදුරටත් වර්ධනය කිරීමට සමාගම සමත් වී ඇත. 2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 6.45ක් ලෙස තක්සේරු කර තිබූ අතර එයට AAA- සන්නාම ශ්‍රේණිගත කිරීමක් පිරිනමා තිබුණි.

“සන්නාම වටිනාකම අත්පත් කරගත යුතු දෙයක් මිස තමන්ට හිමි බව ප්‍රකාශ කළ හැකි දෙයක් නොවේ,”යැයි සෙලින්කෝ ලයිෆ් හි අලෙවිකරණ ප්‍රධානී දිරන්ජන් කනගසබේ මහතා පැවසීය. මෙම ඇගයීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ සෙලින්කෝ ලයිෆ් තවදුරටත් තම ස්ථානය තහවුරු කරගෙන සිටින බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සන්නාමය බවට පත් වීම අපගේ සන්නාමයේ ශක්තිමත්භාවය මැනිය හැකි ප්‍රබල සාධකයකි. මෙම ඇගයීම මගින් සෙලින්කෝ ලයිෆ් වෙතින් පාරිභෝගිකයන්ට අපේක්ෂා කළ හැකි සේවා ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීමේ අපගේ වගකීම තහවුරු කරයි.”

“මෙම ඇගයීම මගින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩව සිය නායකත්වය රඳවා ගනිමින් පුළුල් වෙළෙඳපොළ තුළ වැඩි වටිනාකමක් සහ සන්නාම ශක්තියක් ගොඩනගා ගත් සන්නාමයක ශක්තියද සනාථ කරයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් භාවිත කරමින් සන්නාමයේ වටිනාකම පමණක් නොව සන්නාමයේ ශක්තිමත්භාවය පිළිබඳ පුළුල් ඇගයීමක්ද සිදු කරමින් සන්නාම ඇගයීමට ලක් කරයි. මෙම ඇගයීමේදී අලෙවිකරණය සඳහා සිදුකරන ආයෝජන, පාර්ශවකරුවන් අතර සන්නාමයට ඇති වටිනාකම සහ ව්‍යාපාරික කාර්යසාධනය වැනි කරුණු සලකා බලයි.

රටවල් 27ක ක්‍රියාත්මක වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ISO ප්‍රමිතීන්ට අනුකූලව සන්නාම වටිනාකම් තක්සේරු කිරීම සහ ඇගයීම සඳහා සහතික ලත් ලොව ප්‍රථම උපදේශන ආයතනය වේ. එමෙන්ම ISO 10668 සහ ISO 20671 යන ප්‍රමිතීන් දෙකටම අනුකූල වාර්තා සකස් කළ ලොව ප්‍රථම ආයතනය වන්නේ ද එයයි. 1996දී ආරම්භ කරන ලද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්, වාර්ෂිකව Brand Finance Global 5000 සන්නාම වටිනාකම් දත්ත සමුදාය ප්‍රකාශයට පත් කරයි.

2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව