ටොයොටා ලංකා කුරුණෑගල ශාඛාව නව Body & Paint මධ්‍යස්ථානයකින් සහ නව සේවා පහසුකම්වලින් බල ගන්වයි

Image 1 (LBN)

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026 අගෝස්තු 13 වන දින සිදු කරන ලදී.

දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ සිය විශ්වාසනීය සේවාව තහවුරු කර ඇති ටොයොටා ලංකා සමාගම, ගුණාත්මක පාරිභෝගික සේවාවන්, වෘත්තීයමය අලෙවියෙන් පසු සේවා සහය සහ විශ්වාසනීය ගමනාගමන විසඳුම් පාරිභෝගිකයන් වෙත වඩාත් සමීප කරවමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටියි. 2008 වසරේදී ඇතුගල්පුර සිය මෙහෙයුම් ආරම්භ කළ දින සිට කුරුණෑගල ශාඛාව, ටොයොටා ලංකා සමාගමේ ව්‍යාප්ති ගමනේ වැදගත් ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.



අලුතින් විවෘත කරන ලද Body & Paint මධ්‍යස්ථානය මඟින් කුරුණෑගල සහ ඒ අවට පාරිභෝගිකයන්ට ටොයොටා හි උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව සහිත වෘත්තීයමය රථවාහන අලුත්වැඩියා සහ පින්තාරු කිරීමේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව හිමිවේ. ඉදිරියේදී විවෘත කිරීමට නියමිත සේවා පහසුකම්   මධ්‍යස්ථානය මඟින් රථවාහන නඩත්තුව සහ අලෙවියෙන් පසු සේවාවන් තවත් පහසු කරවමින්, ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට වඩාත් සම්පූර්ණ සේවා අත්දැකීමක් ලබා දෙනු ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා ටොයොටා ලංකා සමාගමේ සභාපති Masaaki Kawabata මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා, කුරුණෑගල නගරාධිපති සහ උප නගරාධිපතිතුමන්ලා, සම්භාවනීය අමුත්තන්, පාරිභෝගිකයින්, සහ බැංකු හා රක්ෂණ ක්ෂේත්‍රයේ සහකරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙම උත්සව කටයුතු සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දක්වමින් ටොයොටා ලංකා සභාපති Masaaki Kawabata මහතා, ටොයොටා සමාගමේ ගෝලීය සභාපති Akio Toyoda මහතාගේ “Best in Town” යන සංකල්පය පෙන්වා දෙමින් සඳහන් කළේ, ටොයොටා ආයතනයක් පිහිටුවන සෑම ප්‍රදේශයකම, එම ප්‍රජාවේ වැදගත් කොටස්කරුවෙකු වෙමින් ඔවුන්ගේ ප්‍රගතියට දායක වීම සිය ප්‍රධාන අරමුණ බවයි. තවද, කුරුණෑගල ප්‍රජාව සමඟ පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට සේවය කිරීමට ලැබීම ටොයොටා ලංකා සමාගම ලබන වරප්‍රසාදයක් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සඳහන් කළේ, ටොයොටා ලංකා හි සේවා ජාලය පුළුල් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ වෘත්තීයමය සේවාවන් සහ උසස් පාරිභෝගික සත්කාරයක් දිවයින පුරා සිටින ජනතාව වෙත වඩාත් පහසුවෙන් ලබා දීම බවයි. මෙලෙස එකතු වන සෑම නව සේවා මධ්‍යස්ථානයක් හරහාම ටොයොටා ලංකා සමාගම පාරිභෝගිකයන් වෙත වඩාත් සමීප වන අතරම, 2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව පුරා සේවා මධ්‍යස්ථාන 30 ක් ස්ථාපිත කිරීමේ සමාගම් ඉක්කය කරා ගමන් කිරීමට ද එය විශාල ශක්තියක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව මඟින් ටොයොටා ලංකාහි ‘Toyota LIFE’ දර්ශනය වන පක්ෂපාතීත්වය (Loyalty), අවංකභාවය (Integrity), සාධාරණත්වය (Fairness) සහ සදාචාරය (Ethicality) යන මූලධර්ම මනාව පිළිබිඹු කරන අතර, පාරිභෝගිකයන්, සේවකයන්, හවුල්කරුවන් සහ ලාංකීය ප්‍රජාව සමඟ විශ්වාසනීය සහ දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීමට සමාගමට මඟ පෙන්වන්නේ මෙම මූලධර්මයි.

ටොයොටා ලංකා හි දායකත්වය රථවාහන ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම සහ අනාගතයට ගැළපෙන කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ද ජාතික මට්ටමින් අඛණ්ඩව දායකත්වය ලබා දෙමින් සිටියි.

ටොයොටා ලංකා හි අලෙවියෙන් පසු සේවාවේ ශක්තිය මනාව පැහැදිලි වන්නේ රථයේ හිමිකාරිත්වය පවතිනතාක් පාරිභෝගිකයින් වෙත ලබා දෙන සුවිශේෂී වටිනාකම තුළිනි. නඩත්තු සේවා වාර මිලියන 3 කට අධික ප්‍රමාණයක් සාර්ථකව නිමකර ඇති සමාගම, රථවාහන ඉහළම ධාවන තත්ත්වයේ පවත්වා ගැනීමට පාරිභෝගිකයන්ට උපකාර කරමින් විශ්වාසනීය නඩත්තු සහ වෘත්තීයමය සේවාවක් සපයයි. රුපියල් බිලියන 200 කට අධික අමතර කොටස් බෙදාහැරීම හරහා දිවයින පුරා ටොයොටා නිල අමතර කොටස් ලබා ගැනීමේ පහසුකම තහවුරු කර ඇති ටොයොටා ලංකා සමාගම, සිය පුළුල් සේවා ජාලය හරහා පාරිභෝගිකයන්ට අවශ්‍ය අමතර කොටස් සහ සහාය පහසුවෙන් ලබා ගැනීමට ද අවස්ථාව සලසා ඇත. තවද, 300,000 කට අධික Body & Paint අලුත්වැඩියාවන් ප්‍රමාණයක් නිම කරමින්, පාරිභෝගිකයන්ට වඩාත්ම සහාය අවශ්‍ය මොහොතේදී ඔවුන් සමඟ රැඳී සිටීමට ඇති කැපවීම නැවතත් තහවුරු කර ඇත. හදිසි අනතුරකින් පසුව හෝ රථවාහනය යථා තත්ත්වයට පත් කිරීමේදී, ටොයොටා ලංකා හි Body & Paint සේවාව මඟින්  අවධානය යොමු කරන්නේ විශ්වාසනීය නිමාවක්, පූර්ණ සහතිකය සහ කැපවීම පාරිභෝගිකයා වෙත ලබා දීමටයි.

සමාගමේ මෙම විශිෂ්ටත්වය අගයමින් 2025 වසරේදී Customer Delight Excellence Award (CDEA) – Gold සම්මානය, Toyota Warranty Kaizen සම්මානය සහ Toyota Sales and Marketing සම්මානයෙන් ද ටොයොටා ලංකා සමාගම පිදුම් ලැබීය.

මෙම නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම මඟින් කුරුණෑගල ප්‍රදේශය කෙරෙහි ටොයොටා ලංකා තබා ඇති විශ්වාසය මනාව තහවුරු වන අතර, එය දිවයින පුරා සේවා ජාලය ශක්තිමත් කරමින් විශ්වාසනීය පාරිභෝගික සේවාවන් සහ ගමනාගමන විසඳුම් ජනතාව වෙත සමීප කිරීමට ගත් පුළුල් උත්සාහයේ තවත් එක් පියවරකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව