මාර්ක්ස්පෙන් සමූහය මඟින් දේශීය ආහාර සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ඉහළ දායකත්වයක්

Photo Caption 01 (LBN)

මාර්ක්ස්පෙන් සමූහය (Markspen Group), ශ්‍රී ලංකාවේ ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල ඉදිරි ගමන වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරමින්, අගෝස්තු 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවති 23 වන “ProFood ProPack & Ag-Biz 2026” ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් ඊට සහභාගී විය.

නවීන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය සහ දේශීය ව්‍යවසායකත්වය එකට යා කිරීම මෙහි ප්‍රධාන අරමුණු කර ගනිමින්, මෙවර ප්‍රදර්ශනය සඳහා මාර්ක්ස්පෙන් සමූහය යටතේ ඇති ප්‍රධාන අංශ තුනක භාණ්ඩ හා සේවා සපයන සමාගම් තුනක් වන Markspen Labels, Markspen Holdings සහ Kanadara Agro  එක්ව සිටියේය.




DOMA සන්නාමය යටතේ ප්‍රදර්ශනයට එක්කර තිබූ යන්ත්‍ර හා නිෂ්පාදන කටයුතු වලදී අවශ්‍ය බාර්කෝඩ් ලේබල් කිරීමේ පද්ධති, වී කෙටීම, ධාන්‍ය සැකසීම, කල්තබා ගැනීම, ඇසුරුම්කරණය මෙන්ම මාර්ක්ස්පෙන් සමූහයේ නවීන විසඳුම් සහ නිෂ්පාදන පිළිබද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති, අමිල් ගල්අංග මහතා සිය අදහස් දක්වමින්; “ProFood ProPack & Ag-Biz කියන්නේ අපට සාමාන්‍ය ප්‍රදර්ශනයක් විතරක් නෙවෙයි. තාක්ෂණය, දේශීය ව්‍යාපාර සහ කෘෂිකර්මාන්තය එක්ව වඩාත් කාර්යක්ෂම, අනාගතයට ගැලපෙන ව්‍යාපාර ගොඩනගන්නේ කොහොමද කියලා පෙන්වන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකාර්මික ආර්ථිකයේ කොඳුනාරටිය බඳු ක්ෂේත්‍රවලට ශක්තියක් වෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා,” යැයි ප්‍රකාශ කර සිටියේය.

මෙරට ප්‍රමුඛතම බාර්කෝඩ් සහ කඩදාසි රෝල සැපයුම්කරුවෙකු වන Markspen Labels, බාර්කෝඩ් ලේබල් පද්ධති, ලේබල් ප්‍රින්ටර්ස්, තර්මල් පේපර් රෝල්ස්, DT, TT, Semi-Gloss සහ BOPP ලේබල් වර්ග, රිබන් ඇතුළු මුද්‍රණ උපාංග රැසක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැලපෙන මෘදුකාංග (Software), බාර්කෝඩ් ප්‍රින්ටර්ස්, POS ටර්මිනල්, බාර්කෝඩ් ස්කෑනර්ස් සහ POS ප්‍රින්ටර්ස් ද එහිදී පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සිදු කරන ලදී.

ස්මාර්ට් කෘෂිකර්මාන්තය සහ නවීන කෘෂි තාක්ෂණය කෙරෙහි Markspen Holdings වැඩි අවධානයක් යොමු කරන අතර, උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කලර් සෝටර් (Color Sorters), ධාන්‍ය වියළන සහ වර්ග කරන යන්ත්‍ර, ඇසුරුම් සහ කුඩු කරන යන්ත්‍ර, තෙල් සිඳින යන්ත්‍ර සහ ධාන්‍ය ආරක්ෂිතව කල්තබා ගැනීමේ පද්ධති මෙමඟින් හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ අගය ලොවටම කියාපාමින්, සාම්ප්‍රදායික සහල් නිෂ්පාදන සහ උසස් තත්ත්වයේ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන රැසක් ප්‍රේක්ෂකයින් වෙත සමීප කිරීමට කනදරා ඇග්‍රෝ සමාගම කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව