
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙම ජාතික සම්මානය සමාගමේ නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය, උසස් තත්ත්ව ප්‍රමිති සහ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස හිමි විය. රෝලර් දොරවල්, රෝලර් ෂටර්ස්, ස්වයංක්‍රීය ගේට්ටු පද්ධති, වානේ ඉදි කිරීම්, ඇලුමිනියම් නිෂ්පාදන, ආරක්ෂක පද්ධති, ගිනි-ප්‍රතිරෝධී දොරවල් ඇතුළු විවිධ ඉංජිනේරු විසඳුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නවීන තාක්ෂණය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා තුළින් දේශීය වෙළෙඳපොළේ විශ්වාසය දිනා සිටී.
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ආයතනික විශිෂ්ටත්වය ඇගැයෙන ඉහළම සම්මාන වේදිකාවලින් එකක් වන අතර නායකත්වය, යහපාලනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, තිරසාරත්වය සහ ව්‍යාපාර වර්ධනය යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන ආයතන ඇගැයීමට ලක් කරයි. සමාගම මේ වන විට නේවාසික, වාණිජ හා කාර්මික අංශ සඳහා ඉංජිනේරු විසඳුම් රැසක් සපයමින් කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයක් තහවුරු කර ගෙන ඇත. මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා සඳහන් කළේ මෙම ජයග්‍රහණය සමාගමේ සේවක මණ්ඩලයේ කැපවීම, පාරිභෝගික විශ්වාසය සහ ව්‍යාපාර හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් හිමි වූ ගෞරවයක් බවයි. ඉදිරියටත් නවෝත්පාදනය, උසස් තත්ත්වය සහ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයේ සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රගතියට දායක වීමට සමාගම කැප වී සිටින බවද ඔහු අවධාරණය කළේය.


