
ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති හා සේවාවන් ලබාගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනු ඇත.
කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ස්ථාපිත කර ඇති, සියලු පහසුකම්වලින් සමන්විත මෙම රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පවතී. Prime සමූහය ශාඛා පිහිටුවීමේදී කවදත් පාරිභෝගිකයන්ගේ පහසුවට මුල් තැන දෙන අතර, මෙම පාරිභෝගික-කේන්ද්‍රීය චින්තනය නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට එම සමූහයට මහෝපකාරී වී තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී කළුතර දිස්ත්‍රික්කය තුළද මෙලෙස නව ශාඛාවක් විවෘත කිරීමට Prime සමූහය කටයුතු කළේය.
ගම්පහ ශාඛාව විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය: “දීර්ඝ කාලයක පටන් අප ගම්පහ ප්‍රදේශයේ දේපළ වෙළඳාම් ව්‍යාපාර කටයුතු සිදු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, සමාගම ආරම්භ කළ අවධියේදී අපගේ මුල්ම ඉඩම් ව්‍යාපෘතිය දියත් කළේද ගම්පහ ප්‍රදේශයේයි. එබැවින් අපගේ ශාඛාවක් මෙහි ස්ථාපිත කිරීම අපගේ දීර්ඝකාලීන වර්ධන ක්‍රමෝපාය යටතේ ගත් සැලසුම් සහගත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශය මේ වන විට ශීඝ්‍රයෙන් සංවර්ධනය වන වාණිජ හා ප්‍රවාහන කේන්ද්‍රයක් බවට පත්වෙමින් තිබෙනවා. එවැනි ප්‍රදේශයක අපගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම යනු ආවරණ පරාසය පුළුල් කිරීම සහ පාරිභෝගිකයන්ට මුල් තැන දීම ඔස්සේ සෑම පාරිභෝගිකයෙකුටම උසස්ම තලයේ සේවාවක් ලබාදීමට අප දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි.”
වසර 30 කට අධික කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 3,000 කට අධික සංඛ්‍යාවක් සහ නිවාස හා මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘති 12 ක් සාර්ථකව ක්‍රියාවට නංවමින් ජනතාවගේ විශ්වාසය හා ආදරය දිනාගැනීමට Prime සමූහයට හැකි විය. ගම්පහ ප්‍රදේශයේ මීට පෙර ශාඛාවක් ස්ථාපිත කර නොතිබුණද Prime සමූහය එම දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අඩුපාඩුවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබිණි. Prime සමූහය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවන ලද දේපළ සංවර්ධන ව්‍යාපෘති අතරට Yolo, Venezia සහ J’adore වැනි නව්‍ය ව්‍යාපෘති මෙන්ම The Palace, The Life සහ Prime Evoke වැනි නිවාස ව්‍යාපෘති රාශියක් ඇතුළත් වී තිබේ. මේ සියල්ල රටේ ජනතාවගේ විවිධාකාර වූ දේපළ අවශ්‍යතාවන්ට ගැළපෙන විසඳුම් පිරිනැමීම සඳහා Prime සමූහය දක්වන උනන්දුවට සාක්ෂි දරයි.
මෑතකදී Prime සමූහය විසින් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවට ආසන්නව Prime Kadawatha ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. දිවයිනේ සියලු ප්‍රදේශ වෙත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ඉදි වන මෙම ව්‍යාපෘතිය, කඩවත ප්‍රදේශයේ ඇති එකම සහාධිපත්‍ය සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය (High-rise condominium project) ලෙස සැලකේ.
විශිෂ්ටත්වයේ 30 වැනි වසර සමරන ප්‍රයිම් සමූහය සිය දීර්ඝකාලීන උරුමය තුළින් පන්නරය ලබමින්, කොළඹ වරාය නගරයේ (Port City Colombo) හි ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘතිය වැනි සුවිශේෂී ආයෝජන ඔස්සේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ගෝලීය තලයට රැගෙන යමින්, ව්‍යාපාරික වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද තම ආවරණ පරාසය පුළුල් කරමින් සිටී.


