ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනට නව ආලෝකයක් එක් කරමින් DIMO වෙතින් ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ ව්‍යාපෘතියක්

SLTA IMG

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය (SLTA) සහ ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීගය (SLTPL) සමඟ එක්ව DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ටෙනිස් ක්‍රීඩාංගණ කිහිපයකට ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Centre court ඇතුළු ප්‍රධාන hard courts හතරක් ආවරණය වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිවල භාවිත වන ප්‍රමිතීන්ට අනුකූලව සැලසුම් කර ඇති මෙම ආලෝකකරණ පද්ධතිය හරහා ක්‍රීඩකයන්ට රාත්‍රී කාලයේ ද පුහුණුවීම් සහ තරග සඳහා සහභාගී වීමට අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර තරග පරිසරයකට සමීප අත්දැකීමක් මෙරට ක්‍රීඩකයන්ට ලබාදීමට ද මෙමගින් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාමයන් සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික සැලසුම්කරණයේ සිට ස්ථාපනය, පරීක්ෂා කිරීම සහ අවසන් ක්‍රියාත්මක කිරීම දක්වා සියලු කටයුතු DIMO හි ඉංජිනේරු විශේෂඥයන් විසින් සිදු කරනු ලබයි.




ක්‍රීඩාව අතරතුර පන්දුවේ ගමන් මඟ පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වන පරිදි සමාන ආලෝක ව්‍යාප්තියක් ලබාදෙන මෙම පද්ධතිය, ක්‍රීඩකයන්ගේ ඇස්වලට ඇතිවන අපහසුතා ද අවම කරයි. එමෙන්ම බලශක්ති කාර්යක්ෂම LED තාක්ෂණය සහ නවීන පාලන පද්ධති භාවිත කිරීම හරහා බලශක්ති පරිභෝජනය අවම කරමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ද ඉහළ නංවයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මෙසේ පැවසීය. “ඕනෑම ක්‍රීඩාවක සාර්ථකත්වය පිටුපස ශක්තිමත් යටිතල පහසුකම් පවතිනවා. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සහ ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීගය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රීඩකයන්ට වැඩි පුහුණු අවස්ථා ලබාදෙමින්, ජාත්‍යන්තර තරග සඳහා වඩා හොඳින් සූදානම් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි සංවර්ධනයට දායක විය හැකි මෙවැනි ව්‍යාපෘතියකට අපගේ ඉංජිනේරු විශේෂඥතාව එක් කිරීමට ලැබීම අපට මහත් සතුටක්.”

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙය ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක්. ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ පහසුකම් හරහා ක්‍රීඩකයන්ට වැඩි කාලයක් පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව ලැබෙන අතර, දේශීය සහ ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේ අපගේ හැකියාව ද තවදුරටත් ශක්තිමත් වෙනවා. මෙම වටිනා ව්‍යාපෘතිය සඳහා DIMO සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා.”

ව්‍යාපෘතියේ ස්ථාපන සහ පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, ඉදිරි සති කිහිපය තුළ එය සම්පූර්ණ කිරීමට නියමිතය. නව ආලෝකකරණ පහසුකම් සහිත ක්‍රීඩාංගණ නිල වශයෙන් ජනගත කිරීම සඳහා විශේෂ රාත්‍රී ප්‍රදර්ශන ටෙනිස් තරගයක් ද සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. පරිපූර්ණ සහකරු ලෙස DIMO, සිය ඉංජිනේරු විශේෂඥතාව තුළින්  ප්‍රජාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට අඛණ්ඩව දායක වෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව