
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 20 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය සම්බන්ධ කරමින් වියට්ජෙට් ගුවන් සමාගම සිය ප්‍රථම නියමිත ගුවන් සේවාව ආරම්භ කිරීමට සූදානම් වන අතර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් මාර්ගය සඳහා සුවිශේෂී ප්‍රවර්ධන දීමනාවක් හඳුන්වා දී ඇත.මෙම විශේෂ දීමනාව යටතේ සියලු බදු සහ ගාස්තු ඇතුළුව ඇමෙරිකානු ඩොලර් 90 සිට ආරම්භ වන ‘Eco’ පන්තියේ ගුවන් ගමන් ලබාගත හැකි අතර, මගීන්ට කිලෝග්‍රෑම් 20ක නොමිලේ පරීක්ෂා කළ ගමන් මලු පහසුකමද හිමි වේ. 2026 අගෝස්තු 18 වන දින සිට කොළඹ හෝ චි මිං නගරය අතර මෙම නව ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම විශේෂ දීමනාව 2026 ජූලි 20 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30 සිට 2026 ජූලි 23 වන දින රාත්‍රී 9.30 දක්වා ක්‍රියාත්මක වේ. ගුවන් ටිකට් පත් වෙන් කිරීම www.vietjetair.com නිල වෙබ් අඩවිය හරහා හෝ වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම මගින් සිදු කළ හැකිය. මෙහිදී කිලෝග්‍රෑම් 20ක ගමන් මලු විකල්පය තෝරා ගන්නා මගීන්ට, ගුවන් ටිකට් පන්තිය නොසලකා එම පහසුකම නොමිලේ හිමි වනු ඇත. මෙය 2026 අගෝස්තු 18 සිට 2027 මාර්තු 31 දක්වා සිදුකරන ගුවන් ගමන් සඳහා වලංගු වන අතර, වලංගු නොවන දින සඳහා අදාළ මෙම දීමනාව ක්‍රියාත්මක නොවේ.
කොළඹ–හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) ලෙස ක්‍රියාත්මක වේ. මෙම නව ගුවන් සේවය දේශීය වේලාවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් රාත්‍රී 23:00ට පිටත්වී පසුදින අලුයම 05:55ට හෝ චි මිං නගරයේ ටෑන් සොන් න්හාට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වන අතර නැවත පැමිණීමේ ගුවන් යානා හෝ චි මිං නගරයෙන් සවස 18:15ට පිටත්වී කොළඹට රාත්‍රී 21:50ට ළඟා වනු ඇත.

එමෙන්ම, මෙම නව ගුවන් සේවාව හරහා ශ්‍රී ලාංකික මගීන්ට හෝ චි මිං නගරයේ ඇති ආහාර සංස්කෘතිය, ඓතිහාසික ස්ථාන සහ නවීන නගර දර්ශනය නැරඹීමට අවස්ථාව සැලසෙන අතර වියට්ජෙට් හි පුළුල් වන මෙම ගුවන් ගමන් ජාලය හරහා කොළඹ සිට පැමිණෙන මගීන්ට ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන නගර සහ සංචාරක මධ්‍යස්ථාන වෙත ද ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකි වීම සුවිශේෂත්වයකි. තවද, හෝ චි මිං නගරය හරහා මගීන්ට ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය සහ ඉන් ඔබ්බට පිහිටි බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.
එමෙන්ම, මෙම ගුවන් මාර්ගය මගින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්, තේ කඳුකරය සහ වනජීවී සම්පත් නැරඹීමට පැමිණෙන වියට්නාම සහ කලාපීය සංචාරකයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ දියුණුවට එය ඉවහල් වනු ඇත.
මෙම නව ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් යානය තුළදීම වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන ‘ෆෝ’ (Pho) සහ ‘බාන් මී’ (Banh Mi) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකිය. තවද, . Vietjet SkyJoy Loyalty Programme හි සාමාජිකයින්ගේ ආහාර සහ සාප්පු සවාරි වෙනුවෙන් වෙන් කරන ලද වෙළඳ සන්නාම 250 කට වැඩි ප්‍රමාණයක් මගින් Points උපයා ගැනීමට සහ ඒවා ලබා ගැනීමට අවස්ථාව ඇත.
වියට්නාමයට පියාසර කරන්න, වියට්ජෙට් සමඟ එක්වන්න!


