
ශ්‍රී ලංකාවේ ඖෂධ, Prescription Based Cosmeceutical හා සුවතා ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන Viyon Lanka පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී Best Emerging Prescription Based Cosmeceutical Company of the Year සම්මානය හිමි කර ගනිමින් සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කළේය. සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වුණු අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා කර්මාන්ත නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන හා වෘත්තිකයන් ඇගැයීමට ලක් කෙරිණි. මෙම සම්මානය Viyon Lanka සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් Pharmaceutical, Prescription Based Cosmeceutical හා Nutraceutical නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේදී පවත්වා ගෙන යන ගුණාත්මකභාවය, ආරක්ෂාව හා පාරිභෝගික විශ්වාසය පිළිබඳ කැපවීම වෙනුවෙන් හිමි වූ පිළිගැනීමකි.
බෙල්ජියමේ Bio Minerals, ස්විස්ටර්ලන්තයේ Tecnoskin, ඉන්දියාවේ Nemus හා Fixderma මෙන්ම ජර්මනියේ CareActive වැනි ජාත්‍යන්තර ප්‍රමුඛ නිෂ්පාදකයන් සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්ව ඔස්සේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන් හා පාරිභෝගිකයන් වෙත නවීන සෞඛ්‍ය, සම ආරක්ෂණ සහ සුවතා විසඳුම් රැසක් සාර්ථකව හඳුන්වා දීමට සමාගම සමත් වී ඇත. Viyon Lanka සමූහයට Viyon Lanka, Vivon Lanka Pharmaceuticals, Fixderma SL හා Avon Pharmaceuticals යන පෞද්ගලික සමාගම් අයත් වන අතර ජාත්‍යන්තරව පිළිගත් ඖෂධ හා Cosmeceutical නිෂ්පාදන ආනයනය, අලෙවිය, බෙදා හැරීම හා ප්‍රවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට වැදගත් දායකත්වයක් දක්වමින් සිටී. විද්‍යාත්මකව සංවර්ධනය කළ සම ආරක්ෂණ, හිස කෙස් සත්කාර, පෝෂණ අතිරේක හා චිකිත්සාමය සුවතා නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන්ට සපයන Viyon Lanka ගුණාත්මකභාවය, ආරක්ෂාව, නවෝත්පාදනය හා කාර්යක්ෂමතාව වෙනුවෙන් විශ්වාසය දිනූ ජාත්‍යන්තර සන්නාම රැසක් නියෝජනය කරයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් විදේශ් අවන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ තම සේවකයන්ගේ කැපවීම, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහයෝගය, බෙදා හැරීමේ ජාලයේ කාර්යක්ෂමතාව හා පාරිභෝගිකයන්ගේ විශ්වාසය මෙම සම්මානයට මූලික ශක්තිය වූ බවයි. ඉදිරියේදී ජාත්‍යන්තර හවුල්කාරිත්ව තව දුරටත් පුළුල් කරමින් නවීන Prescription Based Cosmeceutical හා සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත්, රෝගීන්ගේ සහ පාරිභෝගිකයන්ගේ යහ පැවැත්ම ඉහළ නැංවීමටත් Viyon Lanka අඛණ්ඩව කටයුතු කරන බව සමාගම වැඩි දුරටත් අවධාරණය කළේය.


