Xiaomi Sri Lanka සහ Raffealla Fernando එක්ව Xiaomi 17T වෙතින් ලබා ගත් ඡායාරූප ඇතුළත් “The Art of Telephoto” ප්‍රදර්ශනය සංවිධානය කරයි

Capture

නවතම Leica තාක්ෂණය භාවිත කරමින් ඡායාරූප ගත කළ ජංගම දුරකතන ජායාරූප ඇතුළත් The Art of Telephoto පසුගියදා One Galle Face Mall හිදී පැවැත්විණ. Xiaomi Sri Lanka සමාගම විසින් සංවිධානය කළ මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය නිර්මාණශීලීත්වය, විලාසිතා, දෘශ්‍ය කතා සහ ස්මාර්ට් ජංගම දුරකතන ඡායාරූපකරණය යන සියල්ල එක් කළ අවස්ථාවක් වූ අතර ඒ සඳහා ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන සුවිසල් පිරිසක් එක්ව සිටියහ.



ප්‍රකට ශ්‍රී ලාංකීය නිර්මාණවේදිනී රෆෙල්ලා ප්‍රනාන්දු සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයේදී, Leica තාක්ෂණය සහිත නව Xiaomi 17T දුරකථනයෙන් ලබාගත් විශේෂිත ඡායාරූප එකතුවක් ඉදිරිපත් කර තිබුණි. මෙහිදී ස්මාර්ට් ජංගම දුරකථනයට වඩා, එහි ඇති Leica කැමරා පද්ධතියේ සුවිශේෂී ඡායාරූපකරණ හැකියාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබිණ. එසේම ආකර්ෂණීය ඡායාරූප සහ විචිත්‍රවත් ජීවන රටා දර්ශන හරහා, එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවන්ට විශේෂත්වයක් සහ කලාත්මක මුහුණුවරක් එක් කිරීමට ජංගම දුරකතන ඡායාරූපකරණයට ඇති හැකියාව මෙම ප්‍රදර්ශනය මඟින් මනාව පිළිබිඹු විය.

රෆෙල්ලා ප්‍රනාන්දු යනු විලාසිතා ඡායාරූපකරණය, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ආලේඛ්‍ය චිත්‍ර, මෝස්තර නිරූපණය, විලාසිතා නිර්මාණකරණය සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය යන ක්ෂේතයන්හි ඉහළ ඇගයීමකට ලක්වූ අයෙකි. ආකර්ෂණීය බව සහ කතාන්දරකරණය එකට මුසු කළ සුවිශේෂී දෘශ්‍ය ශෛලියක් සහිත ඇය, මෙම ප්‍රදර්ශනයට නව්‍ය කලාත්මක මුහුණුවරක් එක් කළාය. එමෙන්ම, ජංගම දුරකථන ඡායාරූපකරණය මඟින් වෘත්තීය මට්ටමේ නිර්මාණාත්මක ඡායාරූප වඩාත් පහසුවෙන් කළ හැකි ආකාරය පෙන්වා දීමටද ඇයට මෙහිදී හැකියාව උදා විය.

Xiaomi 17T දුරකථනයේ Leica කැමරා පද්ධතිය මඟින් ඉතා සුපැහැදිලි, ස්වාභාවික වර්ණ සහ ආකර්ෂණීය ඡායාරූප සංකලනයන් ග්‍රහණය කරගන්නා ආකාරය සජීවීව අත්විඳීමට මෙම ප්‍රදර්ශනය මඟින් අමුත්තන්ට අවස්ථාව උදා විය. ස්මාර්ට් ජංගම දුරකථන ඡායාරූපකරණය පහසුව සඳහා පමණක් නොව අන්තර්ගත නිර්මාණකරුවන්ට, ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම සාමාන්‍ය පරිශීලකයින්ට ද අර්ථවත් නිර්මාණාත්මක මෙවලමක් විය හැකි ආකාරය මෙම ඡායාරූප මඟින් මැනවින් පෙන්වා දෙන ලදී.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Xiaomi Sri Lanka හි ප්‍රධානී Kain Wang මහතා සඳහන් කර සිටියේ ඉහළම ජාත්‍යන්තර තත්ත්වයේ ඡායාරූපකරණ තාක්ෂණය පාරිභෝගිකයන් වෙත සමීප කරමින් Xiaomi සමාගම ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව්‍යකරණ සීමාවන් පුළුල් කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවයි. මේ හරහා පරිශීලකයන් හට තම ජීවිතයේ වඩාත්ම වැදගත් අවස්ථාවන් නිර්මාණශීලී සහ ඉතා නිවැරදි ලෙස ග්‍රහණය කර ගැනීමට මෙන්ම ඒවා මතකයන් ලෙස සුරක්ෂිත කර ගැනීමට හැකි වන බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් Xiaomi Sri Lanka හි අලෙවිකරණ ප්‍රධානී සඳනි ගජධීර මහත්මිය “ඡායාරූපකරණය කලාවක් ලෙස අගය කිරීම සඳහා Xiaomi 17T හඳුන්වාදීමේ ප්‍රචාරක ව්‍යාපාරය තුලින් සැලසුම් කර තිබෙනවා. එමෙන්ම Leica තාක්ෂණයෙන් බලගැන්වුණු ස්මාර්ට් ජංගම දුරකතන ඡායාරූපකරණය සජීවීව අත්විඳීමට මෙරට පාරිභෝගිකයන්ට මේ හරහා කදිම අවස්ථාවක් උදාවනවා” යනුවෙන් පැවසුවාය.

මෙම ප්‍රදර්ශනය Xiaomi 17T දුරකථනය ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් දියත් කිරීමට පෙර සංවිධානය කරන ලද සුවිශේෂී වැඩසටහනක් ලෙසද සඳහන් කළ හැකිය. උසස් ජංගම ඡායාරූපකරණ තාක්ෂණය මෙරට පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ළඟා කර දීමට Xiaomi සන්නාමය සතු කැපවීම මේ තුලින් නැවත නැවතත් තහවුරු කරයි.

මෙම ප්‍රදර්ශනයෙන් පසුව, Xiaomi 17T සඳහා වන පෙර ඇණවුම් ලබා ගැනීම සඳහා පැය 24ක කාලයක් ලබා දුන් අතර  පෙර ඇණවුම් ලබාදෙන පළමු පාරිභෝගිකයින් 25 දෙනා සඳහා සුවිශේෂී දීමනාවක් ලබා දීමටද කටයුතු කර තිබිණ. Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම සහ Abans PLC සමාගමේ සහයෝගීත්වයෙන් මෙරට විවෘත වන Xiaomi සන්නාමයේ පළමු නිල සුවිශේෂී ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ජූනි 17 වනදා One Galle Face හිදී සිදු වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව