
කොළඹ, ශ්‍රී ලංකාව — පෘතුගාලයේ වාර්ෂිකව පැවැත්වෙන, ලොව ප්‍රමුඛතම සහ කීර්තිමත් තාරුණ්‍යයේ පාපන්දු තරගාවලියක් ලෙස සැලකෙන ‘Iber කුසලාන’ තරගාවලිය සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පාපන්දු ඇකඩමිය බවට පත්වෙමින් කොළඹ Athletic පාපන්දු ඇකඩමිය ඉතිහාසගත වී ඇත.
මෙම ආරාධනය ශ්‍රී ලාංකීය පාපන්දු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, සෑම වසරකම මෙම කීර්තිමත් තරගාවලියට එක්වන ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ පාපන්දු ඇකඩමි අතරට එක්වීමට කොළඹ Athletic පාපන්දු කණ්ඩායමට මේ හරහා අවස්ථාව හිමිවේ.
වර්තමාන ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්තම තරු රැසකගේ ගමන් මඟ ආරම්භ වූයේ මෙම ‘Iber කුසලාන’ තරගාවලිය හරහාය. Manchester City කණ්ඩායමේ බර්නාඩෝ සිල්වා සහ රූබන් ඩයස්, AC Milan කණ්ඩායමේ රෆායෙල් ලේයෝ මෙන්ම PSG කණ්ඩායමේ විටින්හා, ගොන්සාලෝ රාමෝස් සහ ජොආනෝ නෙවෙස් වැනි වර්තමානයේ ලොව ඉහළම මට්ටමින් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියෙන් බිහිවූ විශිෂ්ටයන් අතර වේ.
කොළඹ Athletic ඇකඩමිය ආරම්භ කර ගතවී ඇත්තේ මාස 15ක් වැනි කෙටි කාලයක් වීම මෙම ජයග්‍රහණයේ ඇති විශේෂත්වයයි. වසර දෙකකටත් අඩු කාලයකදී ජාත්‍යන්තර තලයේ අවධානය දිනා ගැනීමට මෙම ක්‍රීඩා සමාජය සමත්ව ඇති අතර, ලොව දක්ෂතම තරුණ පාපන්දු ඇකඩමිවලට පමණක් ආරාධනා කරන තරග සංවිධායකයන්ගේ ඇගයීමට ලක්වීමටද ඔවුන්ට හැකි වී තිබේ.
කොළඹ Athletic කණ්ඩායමේ මෙම ශීඝ්‍ර දියුණුවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ AC Milan Junior ඇකඩමිය සමඟ පවතින දිගුකාලීන සබඳතාවයි. ලෝක ප්‍රකට AC Milan කණ්ඩායමේ ක්‍රීඩක සංවර්ධන ක්‍රමවේදයන් අනුගමනය කරමින්, තම තරුණ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ පුහුණු පද්ධතීන්, තාක්ෂණික විනය සහ පාපන්දු දර්ශනය මුලසිටම හුරු කිරීමට මෙම ඇකඩමිය කටයුතු කර ඇත. ඔවුන් ‘Milan ක්‍රමවේදය’ වෙනුවෙන් දැක්වූ මෙම කැපවීම, Iber කුසලාන තරගාවලිය සඳහා ආරාධනාවක් ලැබීමට මූලිකම හේතුව ලෙස ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති. කොළඹ ඇත්ලටික් කණ්ඩායම සිය ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය ලෙස තර්ස්ටන් ක්‍රීඩාංගණය භාවිත කරමින් එහි පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ Athletic පාපන්දු ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා AC Milan Junior Academy කෑම්ප් හි සභාපති Ajai Vir Singh මහතා මෙසේ පැවසීය: “අපේ ගමන ආරම්භ කර මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයේ වඩාත්ම කීර්තිමත් තරුණ පාපන්දු තරගාවලියකට සහභාගී වීමට ආරාධනා ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. එහි ප්‍රතිඵලය කුමක් වුවත්, අපට ලැබුණු මෙම අවස්ථාව ගැන නිහතමානීව ආඩම්බර වනවා. මෙම ජාත්‍යන්තර අත්දැකීම අපේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට විශාල වටිනාකමක් එකතු කරනු ඇතැයි ස්ථිරයි. AC Milan ආයතනය සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ඇකඩමිය අපියි. මෙය අපට Milan ක්‍රමවේදය’ (Milan Method) නමින් හැඳින්වෙන සාර්ථක පුහුණු පද්ධතියක් ඔස්සේ දරුවන්ට ක්‍රීඩාව ඉගැන්වීමට ශක්තිමත් පදනමක් සපයනවා. අපි ක්‍රීඩකයන් පුහුණු කරන්නේ මෙම ක්‍රමවේදයට අනුව වන අතර, දැන් එහි ප්‍රතිඵල අපට දැකගත හැකියි.”
මෙම තරගාවලියට කොළඹ Athletic කණ්ඩායම සහභාගී වීම, එම ක්‍රීඩා සමාජය ලැබූ සන්ධිස්ථානයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් අතර පාපන්දු සංවර්ධනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි. ශ්‍රී ලංකාව ලෝකයේ දක්ෂතම කණ්ඩායම් සමඟ තරග කිරීමට සූදානම් බවට දෙනු ලබන ප්‍රබල පණිවිඩයක් ද වේ.
මීට අමතරව, කොළඹ Athletic ඇකඩමිය මගින් දිවයින පුරා සිටින ආර්ථික අපහසුතා සහිත එහෙත් දක්ෂතා සපිරි තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන් වාර්ෂික ක්‍රීඩා ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබයි.
මෙම ඇකඩමිය සඳහා Prima KottuMee, Mastercard, Cinnamon Grand, Sorrell සහ Scan යන ආයතන අනුග්‍රාහකත්වය දක්වන අතර ප්‍රමුඛ පෙළේ දානපතියන් තිදෙනෙකුගේ පූර්ණ අනුග්‍රහය ද මීට හිමි වේ.
කොළඹ Athletic පාපන්දු ක්‍රීඩා සමාජය පිළිබඳව
කොළඹ Athletic පාපන්දු ඇකඩමිය යනු 2024 නොවැම්බර් මාසයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන ලද තරුණ පාපන්දු ඇකඩමියකි. ශ්‍රී ලංකා AC Milan Academy Junior Camp සමඟ අත්වැල් බැඳගෙන සිටින මෙම ආයතනය, විශිෂ්ට පුහුණු ක්‍රමවේද සහ ජාත්‍යන්තර අත්දැකීම් ඔස්සේ ලෝක මට්ටමේ පාපන්දු ක්‍රීඩකයන් බිහි කිරීම වෙනුවෙන් කැපවී සිටියි.
Iber කුසලාන තරගාවලිය පිළිබඳව
Iber කුසලාන යනු පෘතුගාලයේ වාර්ෂිකව පැවැත්වෙන ලොව කීර්තිමත් සහ ප්‍රමුඛතම තරුණ පාපන්දු තරගාවලියකි. ලොව පුරා සිටින දක්ෂතම තරුණ පාපන්දු ඇකඩමි ආකර්ෂණය කරගන්නා මෙම තරගාවලිය, ඉතිහාසය පුරාම පසුකාලීනව ලොව ඉහළම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් බවට පත් වූ තරු රැසකට තෝතැන්නක් වී ඇත.
ඡායාරූප සටහන: අයිබර් කුසලාන තරගාවලියට සහභාගී වන කණ්ඩායම – අකේන් ඒකනායක (නායක), අද්නාන් අලි, ෂටේන් සහීඩ්, ආමිෂ් වසීම්, නේතන් සැමුවෙල්, ආරියන් සිං, සෙනාල් අර්සකුලරත්න, යසිරු දිසානායක, නිකලස් ස්ටෙෆාන්, මයිරන් ප්‍රනාන්දු, තෂ්වින් සුදර්ශනන්, අමාන් මොරිස්, ඩියාගෝ මුදියන්සේලාගේ, උමාර් මෂූඩ්, ඊතන් ෆොන්සේකා, ආරොන් ප්‍රනාන්දු.


