
ඉදිරියේදී පැවැත්වෙන 2026 Lanka Premier League (LPL) තරගාවලිය වෙනුවෙන් IPG සමූහය සහ SLT-MOBITEL PEOTV අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම හවුල්කාරීත්වය මඟින් ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන PEOTV, මෙවර LPL තරගාවලිය සඳහා නිල මාධ්‍ය, විකාශන සහකරු ලෙස පත් කර තිබේ.
ඒ අනුව LPL තරඟාවලිය ආරම්භ වූ පසුව එහි සියලුම තරග PEOTV, PEO MOBILE සහ ඩිජිටල් නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමි වනු ඇත. සුපැහැදිලි දසුන් සමඟින් ප්‍රේක්ෂකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙම තරග සියල්ල True HD තාක්ෂණයෙන් යුතුව විකාශනය කෙරේ.
මෙම හවුල්කාරීත්වය යටතේ නිල මාධ්‍ය, විකාශන සහකරු ලෙස IPG සමූහය සමඟ එක්ව කටයුතු කරමින්, වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත LPL තරග උණුසුම සමීප කරවීමට PEOTV කටයුතු කරනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනතාවට මෙම තරඟ සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් PEOTV වෙනත් කලාපීය සහ ඩිජිටල් හවුල්කරුවන්ට ආරාධනා කර සිටී. තරඟාවලිය 2026 ජූලි 17 වන දින ආරම්භ වන අතර, ක්‍රීඩක වෙන්දේසිය 2026 ජූනි 01 දින පැවැත්වීමට නියමිතය.
මෙරට රූපවාහිනී අත්දැකීමෙහි පෙරළියක් සිදුකරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් රූපවාහිනිය ඔස්සේ විනෝදාස්වාද හා ක්‍රීඩා වැඩසටහන්, ප්‍රවෘත්ති, වාර්තාමය වැඩසටහන්, ළමා වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන් සහ ලොව පුරා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ආදිය නරඹන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට PEOTV සමත් වී තිබේ. True HD තාක්ෂණයෙන් යුතු විශාලතම දේශීය හා විදේශීය රූපවාහිනී වැඩසටහන් එකතුව විකාශය කරන මෙරට පුරෝගාමී IPTV සේවා සම්පාදකයා වශයෙන්, නවීනතම තාක්ෂණය ඔස්සේ වැඩි පිරිසක් වෙත LPL අත්දැකීම සමීප කරවන අතරම රටේ විනෝදාස්වාද සහ ක්‍රීඩා විකාශන සම්ප්‍රදාය තවදුරටත් දියුණු කිරීම PEOTV හි අරමුණ වී ඇත.
“ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා නිල මාධ්‍ය, විකාශන සහකරු ලෙස IPG සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට විශාල සතුටක්. ශ්‍රී ලංකාවේ පුරෝගාමී IPTV සේවා සම්පාදකයා ලෙස, අපගේ අවධානය සැමවිටම යොමු වී ඇත්තේ රට පුරා වෙසෙන ප්‍රේක්ෂකයන්ට උසස්ම තත්ත්වයේ වැඩසටහන් සමඟ විශිෂ්ටතම නැරඹුම් අත්දැකීමක් ලබා දීමටයි. අපගේ සේවාවන් සියල්ල හරහා වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත LPL අත්දැකීම සමීප කරවීමට සහ සියලුම ක්‍රිකට් ලෝලීන්ට වඩාත් නම්‍යශීලී හා තෘප්තිමත් නැරඹුම් අත්දැකීමක් තිළිණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” SLT-MOBITEL PEOTV හි ප්‍රධාන නිලධාරී රුචිර වීරකෝන් මහතා පැවසීය.
“Lanka Premier League තරඟාවලිය මේ වන විට තරගකාරී ක්‍රිකට් තරඟාවලියක් මෙන්ම විනෝදාස්වාද වැඩසටහනක් ලෙස දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. මේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ශක්තිමත් විකාශන හවුල්කාරීත්වයන් තිබීම අත්‍යවශ්‍යයි. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ඩිජිටල් විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විශ්වාසනීය හා පුරෝගාමී වේදිකාවක් වන SLT-MOBITEL PEOTV සමඟ මෙලෙස අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. LPL තරඟාවලිය වඩාත් පහසුවෙන්, ඉහළ ප්‍රමිතියකින් යුක්තව සහ කිසිදු බාධාවකින් තොරව ක්‍රිකට් ලෝලීන් වෙත සමීප කරවීමට මෙම හවුල්කාරීත්වය මහෝපකාරී වේවි.” IPG සමූහයේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා පැවසීය.
“මේ ආකාරයට LPL තරඟාවලිය වඩාත් සාර්ථක තරඟාවලියක් බවට පත්කරන හවුල්කරුවන් සමඟ දිගින් දිගටම එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා. අපගේ අරමුණ වන්නේ උසස් තත්ත්වයේ වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලියක්, විකාශන සම්ප්‍රදායක් සහ ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිත, වාණිජමය වශයෙන් ශක්තිමත් සහ ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් තරඟාවලියක් ලෙස LPL තරඟාවලිය තවදුරටත් දියුණු කිරීමයි. මෙහි නිල මාධ්‍ය, විකාශන සහකරු ලෙස PEOTV සම්බන්ධ වීමත් සමඟ මෙවර තරඟාවලියේදී සියලුම ක්‍රිකට් ලෝලීන්ට වඩාත් විශිෂ්ට නැරඹුම් අත්දැකීමක් හිමි වනු ඇති බවට සැකයක් නැහැ.” අනිල් මෝහන් මහතා වැඩිදුරටත් පැවසීය.
“Lanka Premier League නැරඹීමට වැඩි දෙනෙකුට අවස්ථාව ලබාදීමේ උත්සාහයේ වැදගත් පියවරක් ලෙස IPG සමූහය සහ SLT-MOBITEL PEOTV අතර මෙබඳු හවුල්කාරීත්වයක් ඇතිවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙහෙවින් සතුටු වනවා. PEOTV හි IPTV, OTT සහ බහු-වේදිකා හැකියාවන් සමඟින්, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රීඩාලෝලීන්ට වඩාත් පහසුවෙන් සහ උසස් ප්‍රමිතියකින් යුතුව තරඟාවලිය නැරඹීමට හැකි වේවි. ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සහ විනෝදාස්වාද වැඩසටහනක් ලෙස LPL අඛණ්ඩව දියුණු කිරීම සඳහා මෙබඳු ශක්තිමත් විකාශන හවුල්කාරීත්වයන් ඉතාමත් වැදගත්.” ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ආයතනයේ Lanka Premier League තරඟාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.
දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් සහභාගී වන Lanka Premier League T20 තරඟාවලිය, ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ක්‍රීඩා විකාශන සම්ප්‍රදායේ දියුණුවට දායක වන අතරම රටේ ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන සුවිශේෂී තරඟාවලියක් ලෙස හැඳින්විය හැකි වේ.


