ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ‘Women‑Led Sustainability Awards 2026’ හිදී සම්මානයක්

Capture

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women‑Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට නම්කරන ලද අතර, ආරක්ෂාව, නවෝත්පාදනය සහ රැකියා ස්ථානයේ තිරසාරත්වය උදෙසා එම ව්‍යාපෘතිය මඟින් ඉටු වූ මෙහෙවර වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලදී.




විධායක නිලධාරිනී (තත්ව සහතිකකරණ) ශානිකා අමරසේකර සහ විධායක නිලධාරිනී (බලශක්තිය සහ තිරසාරත්වය) තිලක්ෂි නවෝද්‍යා විසින් මෙහෙයවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, සැමට ප්‍රතිලාභ හිමි වන කාර්මික සංවර්ධනයක් උදෙසා සාර්ථක සහ නැවත භාවිතා කළ හැකි ආකෘතියක් ලෙස ඇගයීමට ලක් විය.

Lanka Responsible Care Council (LRCC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වූයේ රසායනික ද්‍රව්‍ය ක්ෂේත්‍රය තුළ සුරක්ෂිත, වගකීම්සහගත සහ තිරසාර ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමය. මෙම සම්මානය, සෞඛ්‍යය, සුරක්ෂිතතාව සහ රැකියා ස්ථානයේ තිරසාරත්වය නැංවීම සඳහා ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව දරන නිරන්තර උත්සාහයේ සාර්ථකත්වය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව