අමානා තකාෆුල් සමාගමේ සෞඛ්‍ය රක්ෂණාවරණ කණ්ඩායම ඇගයීමට ලක්වෙයි

1- Amana Takaful BPMC Award (2)

අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ සෞඛ්‍ය රක්ෂණාවරණ කණ්ඩායම පසුගියදා පැවැති CPM ආයතනික කළමනාකරණ භාවිතා විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරණ භාවිතාවන් සහ මෙහෙයුම් කාර්යඵලසාධනය වෙනුවෙන් ඇගයීමට ලක්වීය.  මෙවර සම්මාන උළෙලේදී ඇගයුමට පත් හොඳම සමාගම් 40 අතරට ද තේරී පත්වුණු අමානා තකාෆුල් රක්ෂණ සමාගම, සාමාන්‍ය රක්ෂණ (පුද්ගලික අංශ) කාණ්ඩයේ ජයග්‍රාහකයා ද විය.

විධිමත් වැඩපිළිවෙළ, ක්‍රියාවලි ප්‍රශස්ථකරණය මෙන්ම ඩිජිටල් භාවිතය ආදිය හරහා තම රක්ෂණාවරණ කළමනාකරණය වෙනුවෙන් ගෙනඇති ඉදිරිගාමී පියවර මෙම ඇගයීමට හේතුවී තිබුණි. තව ද මෙම පියවර තුළින් සමස්ත රක්ෂණ ප්‍රතිලාභ පිරිනැමීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සමත්ව ඇති අතර පාරිභෝගිකයින්ට කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඉඩ සැලසී තිබේ.



″අපගේ කළමනාකරණ භාවිතාවන් සහ අපගේ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ කණ්ඩායමේ අඛණ්ඩ සේවාව මෙසේ ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. ඉහළ ප්‍රමිතීන් පවත්වාගැනීමටත්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව පවත්වාගැනීමටත්, විශ්වාසනීය සහ පාරදෘශ්‍ය සේවාවක් පාරිභෝගිකයින්ට පිරිනැමීමටත් අපගේ කාර්යමණ්ඩලය දක්වන කැපවීම මෙම ඇගයීම දිනාගැනීමට මහත් සේ උපකාරී වුණා″, යනුවෙන් අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිවා කාර්තිගන් මහතා පැවසුවේය.

විශිෂ්ට කළමනාකරණ භාවිතාවක් ඇති සමාගම් ඇගයීමට ලක්කෙරෙන CPM සම්මාන උළෙලේදී හිමිවුණූ මෙම ඇගයීම තුළීන් උසස් මට්ටමේ මෙහෙයුම් ප්‍රමිතීන් පවත්වාගැනීමටත්, තම සේවා පහසුකම් අඛණ්ඩව වැඩිදියුණු කිරීමටත් අමානා තකාෆුල් සමාගම සතු කැපවීම හොඳින් පිළිබිඹු විය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව