
පිරිවැය අවමකිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැනි අංශ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී පවතින පසුබිමක, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වෙනස්ම දිශානතියක් කරා තම අවධානය යොමුකර තිබේ.
අප පසුකරමින් සිටින්නේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය යුගයේ දැවැන්තම මහජන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති මොහොතකි. එනිසාම ආහාරවල සැපයුම් දාමය පිළිබඳ දැනුම්වත්වීමේ පාරිභෝගික අයිතිය යනු අද වනවිට සාමාන්‍ය වෙළෙඳපොළ අවශ්‍යතාවක් බවට පත්ව අවසන් ය. මෙම වෙළෙඳපොළ අවශ්‍යතාව කල්තබා නිවැරදිව හඳුනාගත් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රතිජීවක භාවිතයෙන් තොරව වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන මාංශ ආහාර වෙළෙඳපොළට පිරිනමයි.
මෙය ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ වෙනස්ම ආකාරයේ තත්ත්වයකි.
අලුත් අවුරුද්දට අලුත් විශ්වාසයක්
සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟ මෙම නව ආහාර සංකල්පය ද මෙරට ජනසමාජය වෙත තවදුරටත් සමීප කිරීමට නිව් ඇන්තනීස් සමාගම තීරණයකර තිබේ. වසර ගණනාවක් පුරා උසස් ප්‍රමිතියේ නිෂ්පාදන ශ්‍රී ලාංකිකයින් වෙත පිරිනැමීමට දුෂ්කර වූ මාවතක් තෝරාගෙන එහි ගමන් කළ නිව් ඇන්තනීස් සමාගමේ නිෂ්පාදන මේ වනවිට පැහැදිලිවම ජනතා විශ්වාසය දිනාගෙන අවසන් ය.
අලුත් අවුරුද්දේ හරය වන්නේ ද විශ්වාසයයි. අලුත් අවුරුදු කෑම මේසයේ කිරිබත්, කැවිලි පෙවිලි සියල්ලේ අන්තර්ගත වන්නේ හැමදෙනාගේම යහපතයි. පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයින් විශ්වාස කළේ ආහාර යනු අපේ පැවැත්මට අවශ්‍ය සාධකයක් මෙන්ම මහ පොළොවේත්, ගොවියාගේත්, ආහාර පරිභෝජනය කරන්නාගේත් බැඳීමේ අනිවාර්ය සාධකයක් බව ය. නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම තම නිෂ්පාදන හරහා පිළිබිඹු කරන සාධකය වන්නේ ද එයයි.
නිව් ඇන්තනීස්හි ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර නිෂ්පාදනය යනු ප්‍රචාරක වැඩසටහන් උපායමාර්ගයක් හෝ අලෙවි උපායමාර්ගයක් නොවේ. එය සත්ත්ව ආහාර සැපයීමේ සිට, ජෛව ආරක්ෂණයේ සිට, ගොවිපොළ කළමනාකරණය දක්වා සියලු ක්‍රියාකාරකම්වල අඛණ්ඩ විනයක් පවත්වාගෙන යාමකි. එසේත් නැතහොත් මාංශ ආහාර නිෂ්පාදනයේ කෙටි ක්‍රම ප්‍රතික්ෂේප කිරීමකි.
විද්‍යාත්මක තහවුරුවක්
නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ මෑතක ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ද මෙම කතිකාවට තවත් උත්ප්‍රේරකයක් වී තිබේ. කෘෂිකර්මාන්තයේදී බොහෝවිට උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාවන්ට එළඹෙන්නේ ප්‍රතීතන අවශ්‍යතා වෙනුවෙනි. එවන් පසුබිමක මෙම ගිවිසුම තරමක් වෙනස් ආකාරයේ ගිවිසුමකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය යනු දකුණු ආසියාවේ ව්‍යවහාරික පර්යේෂණ අතින් ඉදිරියෙන්ම සිටින උසස් අධ්‍යාපන පීඨයකි. එවන් ආයතනයක්, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම ම, නිව් ඇන්තනීස්හි වැඩපිළිවෙළට ලැබුණු ගෞරවයකි.
මෙම සරසවි පර්යේෂකයින් ගොවිබිමට පැමිණෙන්නේ ආයතන සන්නාමයක් ප්‍රවර්ධනයට නොවේ. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ අධ්‍යයනය කිරීමට වටිනා තරමේ නිෂ්පාදන ක්‍රියාවලියක් නිරීක්ෂණය කිරීම ය. විශේෂයෙන්ම පාරම්පරික ගොවි දැනුම සහ නූතන ආහාර විද්‍යා දැනුම මුසුකරගනිමින් නිව් ඇන්තනීස් සමාගම ගෙනයන වැඩපිළිවෙළ හරහා පර්යේෂකයින් මෙන්ම ගෝලීය ගැනුම්කරුවන් ද වේගයෙන් ආකර්ෂණය වෙමින් සිටී.
මැදපෙරදිග, නැගෙනහිර ආසියානු සහ යුරෝපා වැනි ඉහළ නියාමනයක් සහිත වෙළෙඳපොළවල ගැනුම්කරුවන් ආයතන කීර්තිය මත පමණක් මාංශ ආහාර මිලදීගැනීම සිදුකරන්නේ නැත. ඔවුන් මාංශ ආහාර සැපයුම්කරුවන් තීරණය කරන්නේ, විගණන, තෙවැනි පාර්ශ්වීය සත්‍යාපන ආදිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය. ඒ අනුව උසස් අධ්‍යාපන ආයතනයක සහයෝගීතාව තුළින් එම තහවුරු කරගැනීම තවදුරටත් ශක්තිමත් වේ. එනම් නිව් ඇන්තනීස් සමාගමේ ප්‍රමිතීන් සමාගම විසින්ම ප්‍රකාශය කරන ලද ප්‍රමිතීන් නොව නිසි ලෙස පරීක්ෂාවට ලක්කරන ලද ප්‍රමිතීන් බවට ඉන් විද්‍යාමාන වේ.
ගෝලීය ඉල්ලුමක්
මෑතකාලීන ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව බොහෝවිට ආහාර අපනයනය කළේ කිසිදු අගය එකතු කිරීමකින් තොරව ය. තේ, රබර්, කුළුබඩු ආදී ශ්‍රී ලංකාවේ අපනයන බෝග බොහෝමයක් මෙරට වරායෙන් පිටට ගියේ අමුද්‍රව්‍ය වශයෙනි. ඒවාට අගය එකතුකිරීම, සන්නාමකරණය සිදුකරන ලද්දේ මෙන්ම එහි ආර්ථික වාසි උකහාගත්තේ ද විදේශිකයිනි. නිව් ඇන්තනීස් සමාගමේ වැඩපිළිවෙළ මෙම ප්‍රවණතාව ආපසු හරවා රටට වැඩි වාසියක් අත්කරදෙනු නිසැක ය.
නිව් ඇන්තනීස් සමාගම වෙත වර්ධනය වෙමින් අපනයන ඉල්ලුම ද මෙම තත්ත්වයට සාක්ෂි සපයයි. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර සැපයුම්කරුවන්ගේ ප්‍රමාණය ඉතා අල්ප ය. එනිසාම ලෝකයටම අවශ්‍ය නිෂ්පාදනයක් අපනයනය කරමින් ශ්‍රී ලංකා ධජය ඉහළට ම එසවීමේ හැකියාව ද නිව් ඇන්තනීස් සමාගමට හිමිව තිබේ.
උසස් ආහාර ප්‍රමිතීන් අවශ්‍යවන්නේ දියුණු ලෝකයේ රටවල්වලට පමණක් බවත්, ශ්‍රී ලංකාව වැනි රටක මුල් තැන හිමිවිය යුත්තේ ආහාර ප්‍රමිතියට නොව මිලට බවට ඇති අදහසට ද නිව් ඇන්තනීස් සමාගම එල්ල කරන්නේ දරුණු අභියෝගයකි. ජෛව ආරක්ෂණ ප්‍රමිතීන්, සත්ත්ව ආහාර කළමනාකරණය, ප්‍රතිජීවක භාවිතයෙන් තොරවීම ඇතුළු මෙම කටයුතු සියල්ල සමාගම විසින් විශාල ආයෝජනයක්, වුවමනාවක් මෙන්ම ඉවසීමක් ද ඇතුව සිදුකරගෙන යනු ලබයි.
පාරම්පරික වටිනාකම් සමඟ සමපාතවන උසස් ප්‍රමිතියේ මාංශ ආහාර
සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු දින කැලැන්ඩරයේ තවත් එක විශේෂ දවසක් පමණක් නොවේ. අලුත් අවුරුද්ද යනු අපට වටිනා දේවල් ගැන නැවත සිහිපත් කරගනිමින් හරවත් දේවල් පමණක් ඉදිරියට ගෙනයාමට අපට සිහිකැඳවන අවස්ථාවකි. එනිසා ආහාර පිළියෙළ කිරීමේදී ද අප ලබාගන්නා ආහාර කෙසේ නිෂ්පාදනය කරන ලද ආහාර ද යන්න ද අප ප්‍රශ්න කළ යුතුව තිබේ. එම ආහාරවල මිලගණන් මෙන්ම ඒවා පරිභෝජනය කිරීමෙන් අපේ සෞඛ්‍යට ඇතිවන හිතකර අහිතකර තත්ත්වය ගැන ද, එහි පාරිසරික බලපෑම මෙන්ම ගොවියාට ඇති හිතකරබව ද සැළකිල්ලට ගත යුතුය.
දුෂ්කර මාවතක් තුළ ගමන් ගනිමින් වුව ද ප්‍රතිජීවක භාවිතයෙන් තොර පිරිසිදු මාංශ ආහාර පාරිභෝගිකයාට සැපයිය යුතු යැයි විශ්වාස කළ නිව් ඇන්තනීස් සමාගමේ දැක්ම ද අලුත් අවුරුදු දැක්මට සමපාත වන්නේ එබැවිනි.
වෙනත් අයුරකින් කිවහොත්, මුළු මහත් ලෝකයම පීඩා විඳින ප්‍රශ්නයකට ශ්‍රී ලාංකික සමාගමක් පිළිතුරු සපයා තිබේ.


