Huawei සිය සුවිශේෂී 2026 IT Summit හිදී දියුණු ඩිජිටල් යටිතල පහසුකම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Image 03 - Panel Discussion on ‘Leveraging AI in IT Infrastructure Modernization’ (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන්, ප්‍රධාන තොරතුරු නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ තීරකයින් එක් කර ගනිමින් 2026 Huawei Intelligent IT Summit සංවිධානය කිරීමට කටයුතු කරනු ලැබීය. එහිදී හෙට දවසේ AI තාක්ෂණයට වඩාත් ගැලපෙන ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය.

Huawei සමාගම විසින් ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබූ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පිළිබඳ ප්‍රධානතම සමුලුව වන මේ තුලින් කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ් කම්පියුටින් සහ දත්ත පාදක කරගත් තාක්ෂණයන් මඟින් ව්‍යාපාරික තොරතුරු තාක්ෂණයේ ස්වභාවය වෙනස් වන ආකාරය සහ ක්ෂේත්‍රයේ වර්ධනය වේගවත් කරන ආකාරය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රජාවට සුවිසල් අවස්ථාවක් උදා විය.




මෙහිදී හෙට දවසට ගැලපෙන යටිතල පහසුකම් විසඳුම් 3ක් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන ලදී. ඒ කෘත්‍රිම බුද්ධිය ගණනය කිරීම, ඉහළ කාර්ය සාධනයක් සහිත දත්ත සැපයීම සහ ආරක්ෂිත ඩිජිටල් වේදිකා සඳහා වන ඉහළ ඉල්ලුමට සහාය වීම සඳහා මේවා නිර්මාණය කර ඇත.

මෙහිදී හඳුන්වා දුන් එක් ප්‍රධාන විසඳුමක් ලෙස OceanStor Dorado පෙන්වා දිය හැකිය. නවීන දත්ත ගබඩා කිරීමේ පද්ධතියක් වන මෙය බැංකු කටයුතු, දත්ත එකතූන්ස හ ප්‍රධාන ඩිජිටල් සේවාවන් වැනි ඉතා වැදගත් ව්‍යාපාරික කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඉතා වේගවත් ක්‍රියාකාරීත්වය. ඉහළ විශ්වසනීයත්වය සහ මනා දත්ත කළමනාකරණය සහිත මේ හරහා ආයතනික වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව හා ශක්තිමත්ව පවත්වා ගැනීමට හේතු වේ.

මෙම සමුලුවේදී OceanStor A800 පද්ධතිය ප්‍රදර්ශනය කිරීමට ද Huawei කටයුතු කරන ලදී.  මෙය AI කාර්යයන් සහ විශාල දත්ත පරිසරයන් සඳහාම නිපදවන ලද ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුත් දත්ත ගබඩා කිරීමේ වේදිකාවකි. මේ හරහා ව්‍යාපාරික ආයතන සහ පර්යේෂණ ආයතනයන්ට ඉතා විශාල දත්ත ප්‍රමාණයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත්, AI ආකෘති පුහුණු කිරීම සහ ඉහළ දත්ත විශ්ලේෂණ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා අවස්ථාව උදා වේ.

තවද මෙහිදී Atlas Intelligent Computing වේදිකාව හඳුන්වා දීමටද Huawei සමාගම මෙහිදී කටයුතු කරන ලදී. පොදුවේ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීමට අවශ්‍ය ප්‍රධාන පදනම ලෙස Atlas Intelligent Computing පෙන්වා දිය හැකිය. ආයතනික වැඩකටයුතු සඳහා AI තාක්ෂණය නිරන්තරයෙන් යොදා ගැනීමේදී ඒ සම්බන්ධ ආකෘති නිර්මාණය කිරීමට, ඒවා පුහුණු කිරීමට, විවිධ ක්ෂේත්‍රයන්හි intelligent application භාවිතයට ගැනීමට අවශ්‍ය ඉහළ පරිගණක හැකියාව Atlas Intelligent Computing තුලින් ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Huawei Sri Lanka හි ප්‍රධාන විධායක  නිලධාරී Zhang Jinze මහතා සඳහන් කර සිටියේ “ ලෝකයේ නවතම තාක්ෂණික සොයා ගැනීම් මෙරට වෙළෙඳපොල වෙත හඳුන්වා දීමට Huawei Sri Lanka සමාගම නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. ලොව හොඳම තාක්ෂණයන් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතා සතුටට පත් වන අප සාමූහිකව කටයුතු කිරීම තුලින් වඩාත් ශක්තිමත් තාක්ෂණයක් ගොඩනැගිය හැකි බව විශ්වාස කරනවා. කර්මාන්ත. ව්‍යාපාරික ආයතන, තාක්ෂණික හවුල්කරුවන් සහ නවෝත්පාදකයින් ලෙස අප සියලු දෙනා එක්ව කටයුතු කිරීම තුලින් ආර්ථික වර්ධනයට මෙන්ම නව සොයා ගැනීම්වලට සහාය වන ශක්තිමත් ඩිජිටල් පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි වනවා.” යනුවෙනි.

ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්විණ. ව්‍යාපාරික ඩිජිටල් පරිවර්තනය, යටිතල පහසුම් නවීකරණය කිරීම මෙන්ම කෘථිම බුද්ධි තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ආයතනයන්හි සූදානම් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ඔවුහු කටයුතු කළහ. දියුණු කළ හැකි යටිතල පහසුකම්වල අවශ්‍යතාවය, පිරිවැය කළමනාකරණය සහ විශ්වසනීය තාක්ෂණික සබඳතා වැනි කරුණු මෙහිදී ඇති අවස්ථා සහ අභියෝග ලෙසද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව දත්ත සහ කෘථ්‍රිම බුද්ධිය මත පදනම් වූ කර්මාන්ත කරා යොමු වන ආකාරය මෙහිදී ඉදිරිපත් කළ තාක්ෂණයන් හා සාකච්ඡා මඟින් මනාව පැහැදිලි විය. බැංකු, විදුලි සංදේශ, අධ්‍යාපන හා රාජ්‍ය අංශයන් වේගයෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කර ඇති බැවින් ඉහළ කාර්ය සාධනයක් සහිත පරිගණක පද්ධති සහ දත්ත යටිතල පහසුතම් සඳහා සිදු කරන ආයෝජන ඉතා වැදගත් වන අතර ඒ තුලින් අපේක්ෂා කරනුයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, නව නිපැයුම් දිරිමත් කිරීමට මෙන්ම රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වන බවයි.

මෙම 2026 තුලින් නවීන ව්‍යාපාරික තාක්ෂණයන් හඳුන්වා දෙමින් මෙරට පරිවර්තනීය ඩිජිටල් ගමනට සහාය වීමේ තම හැකියාව යළිත් ප්‍රදර්ශනය කිරීමට Huawei සමාගම සමත් විය. එමෙන්ම ක්ෂේත්‍රයේ සහයෝගීතාව හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතිය තුල දැනුම හුවමාරු කර ගැනීම වැඩි දියුණු කිරීමටද මෙහිදී අවස්ථාව උදා විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව