
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති 15 වන ‘හින්දුවරුන්ගේ සටන’ හෙවත් කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ තේමා අනුග්‍රාහක (Title partner) ලෙස කටයුතු කළේය. පාසල් ක්‍රිකට් ක්‍රීඩා සම්ප්‍රදායේ සුවිශේෂී සලකුණක් වන හින්දුවරුන්ගේ ක්‍රිකට් සටනේ මෙවර අදියර නැරඹීම සඳහා සුපුරුදු පරිදි පාසල් දෙකේ ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන් සහ ක්‍රීඩා ලෝලීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
කොළඹ හින්දු විද්‍යාලයේ 75 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබීම මෙවර හින්දුවරුන්ගේ සටනේ වැදගත්කම තීව්‍ර කළ සාධකයක් විය.
මේ දක්වා අඛණ්ඩව අවස්ථා 4 කදී Janashakthi Life හින්දුවරුන්ගේ සටනේ තේමා අනුග්‍රාහක ලෙස කටයුතු කර තිබේ. මෙවැනි තරග වාර්ෂිකව පැවැත්වීමට අත්වැලක් වන අතරම මෙවැනි අනුග්‍රාහකත්වයන් ඔස්සේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම තරුණ සංවර්ධනයට අඛණ්ඩව උරදීම Janashakthi Life සමාගමේ අරමුණ වී තිබේ.


