
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සැමටම සමාන වූ අධ්‍යාපන අවස්ථාවන් සලසා දීමට දක්වන කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේදී වාර්ෂිකව පවත්වනු ලබන ‘Atlas සිප්සවි’ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන, පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. ‘සතුටින් ඉගෙන ගන්න’ යන පුළුල් දැක්ම අනුව කටයුතු කරමින්, කිසිඳු දරුවකුගේ පාසල් ගමන අතරමග නතර වීමට ඉඩ නොදී Atlas සිප්සවි මෙම උදාරතර කර්තව්‍යය සිදු කරන්නේ මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් සෑම වසරකම ළමුන් 22,000කට අධික පිරිසකගේ පාසල් ගමන අඩාළ වන පසුබිමක ය. Atlas සිප්සවි වැඩසටහන ඔස්සේ සිප්සවි ශිෂ්‍යත්ව, අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදීම හා පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, සතුටින් ඉගෙනගත හැකි පරිසරයක් නිර්මාණය කර දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
ඒ අනුව Atlas සහ ඓතිහාසික රිදී විහාරය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය පිළිබිඹු කරමින්, අවශ්‍යතා සහිත දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම 23 වන වරටත් සිදු කෙරිණ. සිප්සවි රිදී විහාර පරිත්‍යාග වැඩසටහන ඔස්සේ මේ වනවිට පාසල් සිසුන් 53,000කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දී තිබෙන අතර මේ වසරේදී තවත් සිසු දරුවන් 4,000කට ප්රතිලාභ හිමි විය. ඒ අනුව ඔවුන්ට නව අධ්‍යයන වර්ෂයේ දී දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව තම පාසල් කටයුතු ආරම්භ කිරීමට මෙය මහඟු අත්වැලක් වනු ඇත.
මූල්‍යමය සීමාවන්, දරුවන් පාසල් හැර යාමට ප්‍රධානතම හේතුවක් වී ඇති අතර, පාසල් හැර යන පිරිසගෙන් 52%ක්ම මුල්‍ය දුෂ්කරතාවන්ට මුහුණු දෙන අය බව ජාතික දත්ත පෙන්වා දී තිබේ. Atlas සිප්සවි වැඩසටහන ඔස්සේ පාසල් උපකරණ, ශිෂ්‍යත්ව ලබා දීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කොට යහපත් ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කර දීම ඇතුළු අධ්‍යාපනික පහසුකම් සලසමින් පාසල් දුවා දරුවන්ට සහායක් වෙමින් මෙම ගැටලුවලට තිරසාර විසඳුම් සපයනු ලබයි.
දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින්, පැහැබර අනාගතයක් උදා කර ගැනීමට සිහින දකින මෙරට සෑම දරුවෙකුටම Atlas සන්නාමය මගින් සිදු කරනු ලබන මෙවන් කර්තව්‍යයන් මනා පිටිවහලක් සපයනු නොඅනුමානය.


