Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Capture

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2026 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූයේ ‘’Breathing New Life: Resilience, Innovation, and Equity in Respiratory Care” යන්නයි. උත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ වූ මෙම උත්සවය තෙදිනක් පුරා පැවැත්විණි. මෙයට විවිධ අධ්‍යයන සැසි ඇතුළත් වූ අතර ලොව පිළිගත් කීර්තිමත් කථිකයින්, ශ්‍රී ලංකාවේ ශ්වසනය හා පෙනහළු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සහ කර්මාන්ත හවුල්කරුවන් ඇතුළුව 300 කට අධික පිරිසක් සහභාගී විය.




Lina Manufacturing ශ්වසන රෝග සම්බන්ධ ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමුඛතම සමාගම වේ. එබැවින් මෙරට ශ්වසන වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට, වෛද්‍යවරුන් හා අනෙකුත් කණ්ඩායම් අතර දැනුම බෙදා ගැනීමට සහ එකිනෙකා සමඟ කටයුතු කිරීමේ පිළිගත් ක්‍රමවේයන් දිරිමත් කිරීමට ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය කදිම අවස්ථාවක් ලෙස සමාගම සලකයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක් වූ Lina Manufacturing හි ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ටී. සයන්ධන් මහතා පැවසුවේ “විශේෂඥ දැනුම, පර්යේෂණ සොයාගැනීම් හා සාක්ෂිවලට අමතරව ප්‍රායෝගික පුහුණුව ලබා දීමෙන් RESPIRE ශ්‍රී ලංකාවේ ශ්වසනය ආශ්‍රිත වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ශ්වසන සෞඛ්‍යයක් සඳහා කැපවූ දේශීය නිෂ්පාදකයෙකු ලෙස මෙම අවස්ථාවට මෙන්ම වෛද්‍යවරුන්ගේ කුසලතා වැඩිදියණු කිරීමට සහ රෝගීන්ට වඩාත් ඵලදායී ලෙස සුවය ලැබීමට උපකාරී කිරීමට විද්‍යාලයේ අඛණ්ඩ වැඩකටයුතුවලට සහාය වීමට ලැබීම පිළිබඳව අප සතුටු වනවා.” යනුවෙනි.

තෙදිනක් පුරා පැවති මෙම සම්මේලනයට වැඩමුළු, ආරාධිත දේශන, විද්වත් මණ්ඩල සාකච්ඡා සහ ප්‍රායෝගික පුහුණු සැසි වැනි ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් විය. තවද මෙම උත්සවය හරහා වෙනත් රටවල විශේෂඥයින් සමඟ සම්බන්ධ වීමට සහ වෘත්තීය සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වූ අතර ශ්වසනය සහ පෙනහළු ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට උපකාරී වන නව අදහස් සහ හවුල්කාරිත්වයන්ට කදිම අවස්ථාවක් ලබා දෙන ලදී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව