හේලීස් මොබිලිටි සහ Kaiyi Auto එක්ව ‘Kaiyi eVibe’ විද්‍යුත් මෝටර් රථය මෙරටට හඳුන්වා දෙයි.

Hayleys Kaiyi Image (LBN)
  • පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි විවිධ වර්ණ රැසක එකතුවක්
  • මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ!

හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට අයත් හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility) ආයතනය, චීනයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Kaiyi Auto සමඟ නව හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සහයෝගීතාවය හරහා හේලීස් මොබිලිටි ආයතනයේ නව බලශක්ති වාහන (NEV) එකතුව තවදුරටත් පුළුල් කිරීමක් සිදුවන අතර එමඟින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණයෙන් යුත් පරිසර හිතකාමී විද්‍යුත් රථ වාහන මාදිලි පෙළක්ම හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

මෙම හවුල්කාරීත්වය යටතේ හඳුන්වා දෙන Kaiyi eVibe යනු නවීන පෙනුමකින් යුත් කුඩා ප්‍රමාණයේ (hatchback) විද්‍යුත් මෝටර් රථයකි. මෙය ලෝක වෙළඳපොළේ Kaiyi E-Qute 04 ලෙස හැඳින්වුණද, ශ්‍රී ලංකාව සඳහාම විශේෂිත අනන්‍යතාවක් ලබා දීමට එය Kaiyi eVibe ලෙස නම් කර ඇත.




රුපියල් මිලියන 7.9ක හඳුන්වාදීමේ මිලකට වෙළඳපොළට පිවිසෙන eVibe විද්‍යුත් මෝටර් රථය, දැන් සුවිශේෂී දීමනාවක් සමඟින්ම ලබාගත හැකිය. මෙහි මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් (Solar System) නොමිලේ හිමි වන අතර, එමඟින් රථය ආරෝපණය කිරීමේ පිරිවැය මුළුමනින්ම ඉතිරි කරගනිමින් වඩාත් ලාභදායී ගමනාගමනයකට අවස්ථාව සැලසේ.

එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 300ක දුරක් (CLTC) ධාවනය කළ හැකි මෙම රථය, එහි ඇති මිනිත්තු 30ක වේගවත් ආරෝපණ (Fast charging) පහසුකම නිසා දෛනික කාර්යබහුල ගමන් බිමන් සඳහා ඉතා ප්‍රායෝගික විසඳුමකි. අංශක 360 කැමරා පද්ධතියක් සහ Apple CarPlay/Android Auto සහිත උසස් ශබ්ද පද්ධතියකින් සමන්විත eVibe, කාබන් පියසටහන (Carbon Footprint) අඩු කරමින් නවීන පන්නයේ සුවපහසු ගමනක් අපේක්ෂා කරන පවුල් සහ ආයතන සඳහා කදිම තේරීමකි.

ලොව ප්‍රමුඛතම බැටරි නිෂ්පාදකයෙකු වන CATL සමාගමේ තාක්ෂණය භාවිත කර ඇති බැවින් මෙහි විශ්වාසනීයත්වය ඉතා ඉහළය. එසේම කායි ඔටෝ (Kaiyi Auto) සමාගම මේ වන විට මැදපෙරදිග, රුසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ අග්නිදිග ආසියාව ඇතුළු රටවල් සහ කලාප 30කට වඩා වැඩි ප්‍රමාණයක සිය ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර ඇත. අඩු මිලට හැඩකාර පෙනුමැති සහ නවීන තාක්ෂණයෙන් යුත් වාහන හඳුන්වා දීම නිසා, මෙම සන්නාමය ලොව පුරා සිටින තරුණ රියදුරන් සහ පිරිවැය ගැන සැලකිලිමත් වන පවුල් අතර ඉතා ජනප්‍රිය වී තිබේ.

පාරිභෝගික රුචිකත්වය අනුව සුදු (White), රිදී (Royal Silver), මූන්ස්ටෝන් (Moonstone), ඇක්වා ෆ්‍රොස්ට් (Aqua Frost) සහ සිල්වර් පින්ක් (Silver Pink) වැනි මූලික වර්ණ වලින් මෙන්ම ලෙමන් යෙලෝ (Lemon Yellow), බ්ලූ පර්ල් (Blu Pearl), ලයිම් ග්‍රීන් (Lime Green), ඔරේන්ජ් රෙඩ් (Orange Red), කැලිප්සෝ රෙඩ් (Calypso Red) සහ කොක්නි බ්‍රවුන් (Cockney Brown) වැනි ආකර්ෂණීය අතිරේක වර්ණ රැසකින් ද මෙම රථය තෝරා ගැනීමට සියලුම පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇත.

ඔබට මෙම නව Kaiyi eVibe රථය කොළඹ 01, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ, අංක 75 හි පිහිටි Kaiyi ප්‍රදර්ශනාගාරයට පැමිණීමෙන් දැකබලා ගත හැකිය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0112 222 222 අංකය ඔස්සේ හේලීස් මොබිලිටි (Hayleys Mobility) ආයතනය ඇමතීමට හෝ www.hayleysmobility.com වෙබ් අඩවියට පිවිසෙන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව