2026 GRI ටයර් අලෙවියේ ප්‍රමුඛ නියෝජිතයින් පෙරේරා ටයර්ස් සම්මාන රාත්‍රියේදී ගෞරවයෙන් පිදුම් ලබයි.

GRI - Image 01 - Perera (LBN)

පසුගියදා කොළඹ Monarch Imperial  පරිශ්‍රයේදී පැවති 2026 PTS ටයර් සේවා සම්මාන රාත්‍රියේදී GRI සමාගම සිය ටයර් අලෙවි නියෝජිතයන්ගේ කැපී පෙනෙන දක්ෂතා ඇගයීමට ලක්කරන ලදී. PTS  විසින් පවත්වන ලද මෙම උත්කර්ෂවත් රාත්‍රිය කර්මාන්ත ප්‍රමුඛයින්, අලෙවිකරුවන් සහ හවුල්කරුවන් 250 කට අධික සහභාගීත්වයෙන් පැවැත් විය.

අභිමානවත් ශ්‍රී ලාංකීය GRI සන්නාමය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සම්මාන උළෙලේ තෙවන ස්ථානය අක්කරපත්තුවේ “ආබ්දීන් ටයර් සර්විස්” දිනා ගනිද්දී, දෙවන ස්ථානය රඹෑව “ශ්‍රීපාලි ටයර් හවුස්” දිනාගත් අතර අභිමානවත් උළෙලේ ප්‍රථම ස්ථානය කොළඹ – 15 “Heavy Machinery Tires”දිනා ගන්නා ලදී. මෙම ඇගයීමේ තවත් අංගයක් ලෙස සම්මානලාභීන්ට ඩෙන්මාර්කය, නෝර්වේ සහ දැකුම්කළු අසර්බයිජානය වෙත පූර්ණ අනුග්‍රහය සහිතව විදේශ සංචාර සහ දේශීය තරු පංතියේ හෝටල්වල සුඛෝපභෝගී නවාතැන් පහසුකම් පිරිනමන ලදී.




ශ්‍රී ලාංකීය  නිෂ්පාදකයෙකු ලෙස කෘෂිකාර්මික, ඉදිකිරීම් හා ප්‍රවාහන අංශවලට තම දායකත්වය තවදුරටත් තහවුරු කරමින් දේශීයත්වය කෙරෙහි සහ රටේ ජනතාව කෙරෙහි GRI හි ඇති කැපවීම සම්මාන රාත්‍රියේදී දැඩිව පිළිඹිබු කෙරිණි. PTS සමඟ සමීප සහයෝගීතාවයෙන්, ඉදිරි වසර කිහිපය සඳහා විශ්වාසී සහ අභිලාශකාමී දිශාවක් සකසමින්, අලෙවි නියෝජිත සංවර්ධනය, පිළිගැනීම සහ දිගුකාලීන වෙළෙඳපොළ වර්ධනය සඳහා GRI සමාගම අඛණ්ඩව ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව