
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගම හඳුන්වාදුන් රන් ආයෝජන ගිණුම 2025 වසර තුළ 32.4% දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් අත්කරගෙන තිබේ. ඒ අනුව ජීවිත රක්ෂණ හිමිකම් ප්‍රතිලාභවලට අමතරව දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් අත්කරගැනීමට ද රන් ආයෝජන ගිණුම්හිමි අමානා තකාෆුල් ජීවිත රක්ෂණහිමියන්ට හැකිවී තිබේ.
මේ අතර කොටස් වෙළෙඳපොළ ආයෝජන ඉලක්ක කරගත් Growth Multiple Fund (GMF) සහ Volatile Multiple Fund (VMF) ආයෝජන ගිණුම් හරහා ඉකුත් වසරේදී පිළිවෙළින් 23.5% සහ 23.6% බැගින් ආයෝජන ප්රතිලාභ අත්කරගැනීමට ද අමානා තකාෆුල් ජීවිත රක්ෂණ හිමියන්ට අවස්ථාව උදාවී ඇත. තව ද, අවම අවදානමක් යටතේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන රක්ෂණහිමියන් වෙනුවෙන් සමාගම හඳුන්වාදී ඇති Protected Multiple Fund (PMF) සහ Stable Multiple Fund (SMF) ගිණුම් මගින් ද ස්ථීර ආයෝජන වර්ධනයක් හිමිව තිබේ.
හොඳම ජීවිත රක්ෂණාවරණ සැලසුම්, විශ්‍රාම සැලසුම්, ළමා අධ්‍යාපන සැලසුම් ආදිය හඳුන්වාදීමට අමතරව, රක්ෂණාවරණයටම සම්බන්ධ කළ හැකි ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ආයෝජන ගිණුම් ද හඳුන්වාදීම අමානා තකාෆුල් සමාගමේ විශේෂත්වයකි. රක්ෂණ හිමියන් සතු විවිධ මූල්‍ය ඉලක්ක සහ අවදානම් දැරීමේ හැකියාව මත පදනම්ව මෙම එකිනෙකට වෙනස් ආයෝජන ගිණුම් ඉදිරිපත්කර තිබේ.
මෙහි තවත් විශේෂත්වයක්වන්නේ රක්ෂණාවරණය පටන් ගැනීමෙන් පසු කැමැති ඕනෑම අවස්ථාවක තම ආයෝජන ක්‍රමය වෙනස් කිරීමේ අවස්ථාව ද රක්ෂණ හිමියන්ට ලබාදීම ය. ඒ අනුව වෙළෙඳපොළ විචල්‍යතා, වෙනස්වන මූල්‍ය ඉලක්ක ආදියට සරිලන නම්‍යතාවක් මෙම ගිණුම් හරහා පිරිනමා තිබේ.
″මෙම ආයෝජන ගිණුම් හරහා ගනුදෙනුකරුවන් මූලික කරගත් අපේ ආයතන සංස්කෘතිය හොඳින් පිළිබිඹු වෙනවා. නිරන්තරයෙන් වෙනස්වන වෙළෙඳපොළ වටපිටාවක පවා, රක්ෂණ හිමියන්ට තිරසර සහ දිගුකාලීන මෙන්ම ඔවුන්ගේ මූල්‍ය ඉලක්ක සහ අවදානම් මට්ටම්වලට ගැලපෙන ආයෝජන අවස්ථා හඳුන්වාදීමට අපට හැකිවී තිබෙනවා″, යනුවෙන් අමානා තකාෆුල් ලයිෆ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ මහතා පැවසුවේය.
″රන් ආයෝජන ගිණුම ඇතුළු අපගේ ආයෝජන ගිණුම්වල අඛණ්ඩ වර්ධනය සහ සාර්ථක ප්‍රතිඵල අපට මහත් සතුටක්. ඉදිරියටත් අපේ රක්ෂණ හිමියන්ගේ දිගුකාලීන මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන සහ නම්‍යශීලීවූත්, ඉහළ කාර්යසාධනයක් සහිතවූත් ආයෝජන විසඳුම් රක්ෂණ ඔප්පු හිමියන්ට ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා,” යනුවෙන් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී- විකුණුම් නිමල් ප්‍රියන්ත මහතා පැහැදිලි කළේය.
එමෙන්ම සමාගමේ ආයෝජන ශක්‍යතා වැඩිදියුණු කරමින් සහ එහි ඩිජිටල් අවකාශය පුළුල් කරමින්, වැඩි ප්රතිලාභ සහිත රක්ෂණ හිමිකම් සහ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


