සෙලාන් බැංකුව කොළඹදී වර්ණවත් තෛපොංගල් උත්සවයත්  සමඟින් 2026 නව වසර පිළිගනී

Capture

සෙලාන් බැංකුව තෛපොංගල් දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගියදා සෙලාන් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන විරුදාවලිය තුළින් මූර්තිමත් වන වටිනාකම් මූලික කරගත්, විවිධත්වය සහ සමානාත්මතාව මැනැවින් පිළිබිඹු කළ උත්සවයක් විය. සෙලාන් බැංකුවේ ශාඛා රැසක ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මෙම උත්සවයට සහභාගී වූ අතර, සාම්ප්‍රදායික නර්තන සහ සංගීතමය විශේෂාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.




ප්‍රධාන සැමරුමට අමතරව, තෛපොංගල් උත්සවයේ හරය කැටිකොටගත් කලාපීය උත්සව මාලාවක් මහනුවර, මඩකලපුව සහ යාපනය වැනි ප්‍රදේශවල පිහිටි සෙලාන් බැංකු ශාඛාවලදීද පවත්වන ලදී. එය සැමට විවෘත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යන අතරම, ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත් වන අවස්ථා අර්ථවත් අන්දමින් සැමරීම සඳහා සෙලාන් බැංකුව දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.

සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අළුවිහාරේ
මහතා සහ එහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා ප්‍රමුඛව සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය සහ එහි ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම තෛපොංගල් සැමරුම්වලට සහභාගී වූහ. මෙය බහු සංස්කෘතික මූල්‍ය ආයතනයක් ලෙස සිය ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා කැපවුණු සෙලාන් බැංකුවේ නව වසරක ආරම්භය අර්ථවත් හා වර්ණවත් ලෙස සනිටුහන් වූ මොහොතක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම සෞභාග්‍යමත් ආරම්භය සමඟින් වසර පුරා නව අවස්ථා ග්‍රහණය කරගනිමින්, ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.

අස්වැන්න මූලික කරගත් හිරු දෙවියන්ට කැප වුණු සංස්කෘතික උළෙලක් වන තෛපොංගල් උත්සවය ලොව පුරා හින්දු භක්තික දෙමළ ජනතාව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. වර්තමානයට හා අනාගතයට ආශීර්වාද රැගෙන එන එහි සෞභාග්‍යයේ පණිවිඩය තුළින් පන්නරය ලැබූ සෙලාන් බැංකුවේ තෛපොංගල් සැමරුම් උත්සව මාලාව චිත්තාකර්ෂණීය වර්ණයන්ගෙන් අලංකෘත වූ අතර, ප්‍රණීත රසකැවිලි ආදියෙන් රසවත් විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව