
Pee Bee Management Services පුද්ගලික සමාගමට අයත් Flora Tissues, 2025 වසර වෙනුවෙන් සුපර්බ්‍රෑන්ඩ් සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. ශ්‍රී ලාංකිකයින් අතර වඩාත් විශ්වාසනීයම ටිෂූ නිෂ්පාදනය ලෙස නැවත වරක් සහතික කරමින්, Flora Tissues මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වීම කැපීපෙනේ.
සුපර්බ්‍රෑන්ඩ් සහතිකය යනු සන්නාමයේ ශක්තිමත්බව, අඛණ්ඩතාව සහ වෙළෙඳපොළ නායකත්වය ආදී අංශ පිළිබඳ ස්වාධීන ඇගයීමකින් අනතුරුව සුපර්බ්‍රෑන්ඩ් ගෝලීය සංවිධානය විසින් පිරිනමන සම්මානයකි. පාරිභෝගික මෙන්ම කර්මාන්ත නායකයින්ගේ ද විශ්වාසය දිනාගත් සන්නාමවලට පමණක් මෙම සහතිකය හිමිවීම ද විශේෂත්වයකි.
දෙවැනි වරටත් සුපර්බ්‍රෑන්ඩ් සහතිකය හිමිවීම තුළින් ශ්‍රී ලාංකිකයින් පරම්පරා ගණනාවක් මුළුල්ලේ Flora Tissues කෙරෙහි තබා ඇති විශ්වාසය හොඳින් පිළිබිඹු වෙනවා. නිරන්තයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන ලෙස විශිෂ්ට සනීපාරක්ෂක නිෂ්පාදන විසඳුම් ලබාදීමට අප සතු කැපවීමත් එමඟින් පෙන්නුම් කෙරෙනවා. සෑම නිවසකම පාහේ මිලියන ගණනක් ජනතාවගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙමින් වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වීම අපට මහත් අභිමානයක්, යනුවෙන් සුපර්බ්‍රෑන්ඩ් සහතිකය පිළිබඳ අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කිෂෝර් සර්ටානි මහතා ප්‍රකාශ කළේය.
වර්ෂ 1983දී ආරම්භ කරන ලද Flora Tissues ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉවතලන ටිෂූ නිෂ්පාදකයා ලෙස මෙරට පෞද්ගලික සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසකට මුලපුරන ලදී. රත්මලානේ කුලියට ගත් ගොඩනැගිල්ලක එක් යන්ත්‍රයකින් සහ සේවකයින් හත්දෙනෙකුගෙන් ඉතා කුඩාවට ආරම්භ කරනලද ව්‍යාපාරය අද වනවිට හෝමාගම කටුවන කර්මාන්තපුරයේ වර්ග අඩි 70,000ක දැවැනත කර්මාන්තශාලවක අති නවීන තාක්ෂණය භාවිතකරමින් සිය නිෂ්පාදන කටයුතු සිදුකරයි.
වර්තමානය වනවිට සේවකයින් 300කට වැඩි ප්‍රමාණයක් Flora Tissues ආයතනයේ සේවය කරන අතර, දිවයින පුරා බෙදාහැරීම් නියෝජිතයින් ප්‍රමාණය 22කට වැඩිය.


