
ශ්‍රී ලංකාවේ Mobil ලිහිසි තෙල් සඳහා බලයලත් බෙදාහරින්නා වන McLarens Lubricants Ltd, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණු කීර්තිමත් People’s Pinnacle Awards 2026 සම්මාන උළෙලේදී තමන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය ආඩම්බරයෙන් නිවේදනය කරයි. ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම සහ නායකත්වය යළිත් තහවුරු කරමින්, සමාගම ලිහිසි තෙල් කාණ්ඩයේ ප්‍රධාන සම්මානයක් දිනා ගැනීමට සමත් විය.
MUGP සංවිධානය විසින් සංවිධානය කරනු ලබන People’s Pinnacle Awards යනු අදාළ ක්ෂේත්‍රයන්හි මහජන විශ්වාසය සහ පාරිභෝගික ප්‍රසාදය දිනාගත් ව්‍යාපාර සහ සන්නාම ඇගයීමට ලක් කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය වේදිකාවකි. මෙවර උළෙල සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ සංවිධාන එක්ව සිටි අතර, තරඟකාරී වෙළඳපොළක් තුළ ඔවුන් දැක්වූ විශිෂ්ටත්වය මෙහිදී ඇගයීමට ලක් විය.
ලිහිසි තෙල් කර්මාන්ත කාණ්ඩය යටතේ, “වසරේ හොඳම ලිහිසි තෙල් සන්නාමය 2025” ලෙස Mobil ලිහිසි තෙල් සම්මානයට පාත්‍ර විය. මෙම ඇගයීම සෘජුවම ලැබුණේ Mobil සන්නාමයේ ක්‍රියාකාරීත්වය සහ විශ්වාසනීයත්වය මත පදනම්ව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගෙනි. ගුණාත්මකභාවය, ඔප්පු කරන ලද ක්‍රියාකාරීත්වය සහ McLarens Lubricants හරහා දිවයින පුරා පවතින විශ්වාසනීය සේවාව හේතුවෙන් Mobil සන්නාමය අනෙකුත් තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බව මෙම සම්මානය මගින් මනාව පැහැදිලි කරයි.
McLarens Lubricants Ltd හි සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය:
“මෙම සම්මාන දිනා ගැනීම අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයට සහ Mobil සමඟ ඇති අපගේ ශක්තිමත් හවුල්කාරිත්වයට ලැබුණු සහතිකයක්. McLarens Lubricants ලෙස අප උත්සාහ කරන්නේ හුදෙක් නිෂ්පාදන ලබා දීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ තිරසාරභාවය සහ නවෝත්පාදනය ඇති කරන විසඳුම් ලබා දීමටයි.”
මෙම ඇගයීම් මගින් McLarens Lubricants සහ Mobil අතර පවතින වසර 25කට අධික දීර්ඝකාලීන හවුල්කාරිත්වය තවදුරටත් අවධාරණය කෙරේ. අද වන විට McLarens Lubricants ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ලිහිසි තෙල් ආනයනකරු ලෙස දිවයින පුරා පාරිභෝගික විශ්වාසය දිනා සිටියි.
සාමාන්‍ය වාහන හිමියන්ගේ සිට කර්මාන්ත සහ නාවික ක්ෂේත්‍රයේ පරිශීලකයින් දක්වා Mobil සන්නාමය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ එහි ඇති ඉහළ එන්ජින් ආරක්ෂාව සහ කල්පැවැත්ම නිසාය. වසර ගණනාවක් පුරා ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතු ලිහිසි තෙල් සඳහා මිම්මක් බවට පත්ව ඇති Mobil, දේශීය මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබා දෙයි.
මෙම සම්මාන උළෙල සඳහා McLarens Lubricants හි සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න, සාමාන්‍යාධිකාරී (නාවික) ශාලිනී ද සිල්වා සහ අලෙවි ප්‍රධානී ළහිරු ද තැබෲ යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.


