Sophos, සිනෙට්කොම් සමඟ එක්ව බලයලත් පුහුණු මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි

Sophos Image 02 (LBN)

සයිබර් අවකාශයන් වෙත එල්ල වන විවිධ ප්‍රහාරයන් පරාජය කරමින් නව්‍ය ආරක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නකු වන සිනෙට්කොම් (පුද්) සමාගම සමඟ එක්වෙමින් නව බලයලත් පුහුණු මධ්‍යස්ථානය (ATC) දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. කොළඹ පිහිටුවා ඇති මෙම නවතම පහසුකම දේශීය සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම මෙන්ම එහි හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා වන Sophos හි කැපවීම අවධාරණය කරයි.




තෝරාගත් හවුල්කරුවන්, බෙදාහරින්නන් සහ අනුමැතිය ලත් සංවිධානයන්ට Sophos හි නිල පුහුණුව සහ සහතිකපත් පාඨමාලා ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙන ගෝලීය වැඩසටහනක් ලෙස Sophos ATC සඳහන් කළ හැකිය. විශේෂයෙන් තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට උසස් හැකියාවන් ලබා ගැනීමට, හවුල්කාර අවස්ථා ඉහළ නැංවීමට මෙන්ම ආයතනයන්ට Sophos සතු  අති නවීන තාක්ෂණ සේවාවන් විශ්වාසයෙන් යුතුව යොදා ගැනීමට සහ කළමනාකරණය කිරීමට හැකි බව සහතික කිරීමටද මෙය වඩාත් උපකාරී වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sophos හි ඉන්දීය හා සාක් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ හා උප සභාපති සුනිල් ශර්මා මහතා සඳහන් කර සිටියේ “කොළඹ Sophos ATC විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා අපගේ කැපවීම තව දුරටත් ශක්තිමත් කිරීමට හැකි වී තිබෙනවා.  සිනෙට්කොම් සමඟ වන හවුල්කාරීත්වය  තුලින් අපගේ හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ දිනෙන් දින ඉහළ යන සයිබර් අනතුරු සඳහා මුහුණ දීමට අවශ්‍ය නවීන දැනුම ලබා දීමට හැකියාව උදා වනවා.” යනුවෙනි.

මෙම වැඩසටහනෙහි විශේෂතා ලෙස,

  • තාක්ෂණික දැනුමෙන් ඉහළ Sophos හි පිළිගත් පුහුණුකරුවන්ගේ විශේෂඥ උපදෙස් ලබා දීම
  • Sophos හි පිළිගත් පුහුණු සම්පත් සහ ආරක්ෂිත අන්තර්ජාල සේවාවන් ලබා ගැනීම
  • ගෝලීය ප්‍රමිතීන්ට අනුව සිදු කරන පුහුණු කරුවන් පුහුණු කිරීමේ සහතිය ලබා ගැනීම
  • අඛණඩ වැඩසටහන් සහාය, කාර්ය සාධන අධීක්ෂණය සහ නිරන්තර යාවත්කාලීන කිරීම්

සඳහන් කළ හැකිය.

මෙම වැඩසටහන යටතේ සිනෙට්කොම් විසින් firewall, endpoint, සහ ආරක්ෂක විසඳුම් ඇතුළු Sophos හි ප්‍රධාන තාක්ෂණයන් ආවරණය වන පරිදි සහතික කළ පුහුණු වැඩසටහන් ලබා දීමට නියමිතය. ආරක්ෂක පරිපාලකයින්ගේ සිට ගෘහ නිර්මාණ ශිල්පීන් දක්වා සියලුම මට්ටම්වල තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා මෙම වැඩසටහන් නිර්මාණය කර ඇති අතර ඒ තුලින් ආයතනයන්ට ඔවුන්ගේ ආරක්ෂාව ඉහළ නංවා ගැනීමට මෙන්ම ඉහළ යන සයිබර් අවදානම් අවම කර ගැනීමට හැකියාව උදා වේ.

තවද මීට සහභාගී වන සෑම අයෙකුටම පාඨමාලා ද්‍රව්‍ය, මෙවලම් ක්‍රියාකාරීව භාවිතා කළ හැකි සැබෑ පුහුණු රසායනාගාර පරිසරයක් සහ සහතික කිරීමේ බලපත්‍ර ප්‍රවේශය සහිත Sophos හි පුහුණු පැකේජය හිමි වේ. 2025 ඔක්තෝබර් 28 වැනි දින මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව