Ninewells රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානය වන ‘Ninewells Eye’ විවෘත කරයි

Image 02 (LBN)

සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන ලද මෙම මධ්‍යස්ථානය, වැඩිහිටියන් සහ ළමයින් සඳහා අක්ෂි ප්‍රතිකාර, අක්ෂි සායන, උසස් තත්වයේ අක්ෂි පරීක්ෂණ, ශල්‍යකර්ම, කණ්නාඩි හා දෘශ්‍ය සේවා සහ ෆාමසියක් යන සියල්ලම එකම මහලක ස්ථාපිත කර තිබීම සුවිශේෂී කරුණකි.



Ninewells Eye සතු නවතම අක්ෂි ශල්‍යාගාර ද්විත්වය, අති නවීන අක්ෂි තාක්ෂණයෙන් සමන්විත වන අතර එමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම ඇතුළු සංකීර්ණ ශල්‍යකර්මයන් ඉහළම ආරක්ෂක ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමට ඉඩ සලසයි. මීට අමතරව OCT ස්කෑන්, දෘශ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ සහ ලේසර් ප්‍රතිකාර වැනි අධි තාක්‍ෂණික රෝග විනිශ්චය පහසුකම් මඟින් රෝගීන්ට ඉක්මන් සුවය ලබා ගැනීමට ඉඩ සලසන, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කරන ප්‍රතිකාර ලබා දීමට ද හැකියාව පවතී.

පළපුරුදු අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන සේවා, එක් එක් රෝගියාට ගැළපෙන ප්‍රතිකාර සැලසුම් සහ ඇස් පරීක්ෂා කිරීමේ සිට ඖෂධ නිර්.දේශකිරීම්, අක්ෂි කාච සහ රාමු ඇතුළු ඇස් කණ්ණාඩි ලබා ගැනීම දක්වා වූ සියලු සේවාවන් රෝගීන්ට එකම ස්ථානයකදී ලබාගත හැක. රෝගියෙකු රෝහල්ගත වීමේ සිට, ශල්‍යකර්මයට භාජනය වී පිටව යාම දක්වා වූ සියලු පියවර එකම මහලක සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ එකම ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානය මෙය වේ. මීට අමතරව, රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ පහසුව වෙනුවෙන්ම වෙන් වූ විවේකාගාරයක් ද මෙහි ස්ථාපිත කර ඇත.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් Ninewells රෝහල් කළමනාකාරීත්වය මෙසේ ප්‍රකාශ කළේය. “රෝගීන්ට ප්‍රමුඛත්වය දෙමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ අක්ෂි සත්කාරක සේවාවන් වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ලබාදීමට අප සතු කැපවීම Ninewells Eye මඟින් මනාව පිළිබිඹු වේ.”

Ninewells Eye ආරම්භ කිරීමත් සමඟ, Ninewells රෝහල සිය විශේෂිත වෛද්‍ය සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ගුණාත්මක සහ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව