The Golden Mirage, City of Dreams Sri Lanka වෙත අසමසම චමත්කාරයක් එක් කරයි

Image I (LBN)

ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදයක් සමඟින් සංස්කෘතික හා සුඛෝපභෝගී සැමරුමක් සනිටුහන් කළ සුවිශේෂී The Golden Mirage පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. City of Dreams Sri Lanka වෙත පැමිණ සිටි සුවහසක් අමුත්තන් හට අරාබි සංස්කෘතියක හා සැමරුමක අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී විඳ ගැනීමට මෙහිදී හැකි විය. ආකර්ෂණීය ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු නර්තන ශිල්පීන්, ඇක්‍රොබැට්වරුන් සහ රංගන ශිල්පීන් විසින් අරාබි සංස්කෘතියේ විවිධ අංගයන් හා සුෆි කලාවේ චමත්කාරයන් සැමරුමට එක් කරමින් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ජනිත කිරීමට මෙහිදී සමත් විය. සිනමාරූපි දර්ශන පසුතලයන් හා විචිත්‍ර ආලෝකයෙන් සුසැදි වේදිකාවද ඊට ඉමහත් රුකුලක් විය.

ඉතිහාසයේ වඩාත් ආකර්ෂණීයම රාත්‍රියක සුන්දරත්වය අමුත්තන් වෙත ගෙන ආ The Golden Mirage, City of Dreams Sri Lanka මෙරට විනෝදාස්වාදයේ සුවිශේෂී නවාතැනක් බව නැවත නැවතත් තහවුරු කිරීමට සමත් වූයේ ඉමිහිරි මතකයක් ඉතිරි කරමිනි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව