රසල්ස් ආයතනයේ නොවැම්බර් විශිෂ්ටයන් ඇගැයේ

Russel’s (LBN)

නොවැම්බර් මාසයේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගැයීම පසු ගිය දා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළැකිල්ලට ගනු ලැබීය. විශිෂ්ටම සූපවේදීයා ලෙස පේස්ට්‍රි අංශයේ ප්‍රධාන සූපවේදී ජුඩ් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. මෙහෙයුම් කටයුතුවල සාර්ථකත්වය සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන සජීව රුක්මාල් මහතා වඩාත් කාර්යක්ෂම කාර්ය මණ්ඩල සාමාජිකයා ලෙස ඇගැයීමට ලක් විය. මෙලනි ප්‍රනාන්දු මෙනෙවිය හා චමල් අසංක මහතා ඔවුන්ගේ කැපවීම, සේවා ආචාර ධර්ම සහ අඛණ්ඩ කාර්යසාධනය වෙනුවෙන් නොවැම්බර් මස කැපී පෙනෙන සාමාජිකාව හා සාමාජිකයා ලෙස සම්මාන ලැබුහ. ජයග්‍රාහක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරමින් Russel’s සමාගම සඳහන් කළේ විශිෂ්ට කාර්යසාධනයක් සහිත කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අඛණ්ඩව ඇගැයීමට බලාපොරොත්තු වන බවයි.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව