Thineth Software Solutions සමග Sofiya Colombo එක් වී කොළඹ ප්‍රථම ‘Hotel e-Shop’ දියත් කරයි

Sofia Colombo (LBN)

අමුත්තන්ගේ පහසුව සහ ඩිජිටල් ආගන්තුක සත්කාරය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් Sofia Colombo, Thineth Software Solutions සමග එක් වී කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් පළමු සහ එකම බහු භාෂා ඊ හෝටල් වෙළෙඳසල දියත් කර තිබේ. අමුත්තන්ට ජංගම දුරකතන යෙදවුමක් බාගත කිරීමකින් හෝ පෞද්ගලික දත්ත සැපැයීමකින් තොරව සිය කාමරය තුළ ප්‍රදර්ශනය කර ඇති QR කේතයක් ස්කෑන් කිරීමෙන් මෙම නව්‍ය මාර්ගගත වේදිකාවේ පහසුකම් අත්විඳිය හැකිය.

 



 

මෙම පහසුකම භාවිත කර Sofia Colombo හඳුන්වා දී ඇති සම්බාහන ප්‍රතිකාර, ආහාර පාන සහ සුවිශේෂ සිහිවටන මිල දී ගැනීමට දෙස් විදෙස් අමුත්තන්ට හැකියාව ලැබේ. ජංගම දුරකතන හරහා සෘජුවම මිල දී ගැනීම් කළ හැකිය. කොළඹ නගරයේ පිහිටි Sofia Colombo නිර්මාණාත්මකභාවය සහ උසස් ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ හෝටලයකි. මෙම ඊ වෙළෙඳසල හරහා හෝටල් පරිශ්‍රයේ සුවපහසුභාවය අත් විඳීමට අමතරව උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා රැසක් ඇණැවුම් කළ හැකිය. භාවිතයට පහසු ලෙස නිර්මාණය කර ඇති එම වේදිකාව පුද්ගලාරෝපිත නිර්දේශ, විශේෂ වට්ටම් සහ තවත් පහසුකම් රැසකින් සමන්විත වේ. නවෝත්පාදනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන Sofia Colombo අමුත්තන්ගේ අත්දැකීම් බෙදා ගැනීම සඳහා වන පද්ධතියක් සහ Team Alert මෘදුකාංගයක්ද හඳුන්වා දී ඇත. ඒ තුළින් වේගවත් සේවා ප්‍රතිචාර ලැබීමටත්, අමුත්තන්ට උසස් සේවාවක් සැපැයීමටත් හැකියාව ලැබේ. මෙම ඊ වෙළෙඳසල භාවිත කරමින් වඩාත් උසස් සහ සුව පහසු අත්දැකීමක් ලබන ලෙස Sofia Colombo අමුත්තන්ට ඇරැයුම් කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව